IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රුපියලක් බේරාගන්න අතපයත් කඩාගෙන

මුදල් ගනුදෙනුවකදී රුපියලක් බේරාගැනීමට ගිය පාරිභෝගිකයකු අතපය කඩාගෙන තම ජීවිතය අනූ නවයෙන් බේරාගත් පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ උපනගරයකිනි.

වෙළෙඳසලෙන් සිල්ලර බඩු මිලදී ගැනීමෙන් පසු අසල පදික වේදිකාවේ වූ පොල් ගොඩෙන් ගෙඩියක් තෝරාගෙන මුදල් ගෙවීමට යාමේදී ඔහුගේ අතින් ගිලිහුණු රුපියලේ කාසියක් මහ මග දිගේ පෙරළී යාමත් සමඟ ඔහු මහ මග මැදට පැන්නේ එය ආපසු ගැනීමටය.

ඒ සමඟම වේගයෙන් ආ යතුරුපැදියක් ඔහුගේ ඇගේ හැපී ලොකු අනතුරක් වූ අතර ඔහුගේ අතට මෙන්ම පයට ද විශාල හානියක් සිදුවිය.

අවට සිටියවුන් වහ වහා ඉදිරිපත්ව ඔහු රෝහල්ගත කළ අතර ඒ වනවිටත් ඔහුගේ අතේ ගුලිකර ගත් රුපියලේ කාසිය දැකීමෙන් සමහරුන්ට මහත් සංවේගයක් ඇති වුණාලූ.

(තිහගොඩ උපසේන ලියනගම)



අදහස් (6)

රුපියලක් බේරාගන්න අතපයත් කඩාගෙන

indika Thursday, 14 December 2017 06:47 AM

සමහර ජන ජීවිත මෙහෙම තමා. අපි සමහරු සුරංගනා ලෝක වල ජීවත් වෙන්නේ.

:       12       130

Polee Thursday, 14 December 2017 08:52 AM

පොල් ගෙඩියේ මිලට ,රුපියලක් අඩු උනත් ,පොල් වෙළෙන්දා පොල් ගෙඩිය දෙන්නේ නැහැනේ.පව් දුප්පතා! කව්ද දන්නේ ,පොල් ගෙඩියෙන් වේලක් පිරිමහ ගන්න අසරණයෙක් වෙන්න ඇති.එකනේ පන එපා කියල පාර මැද්දට පැනල තියෙන්නේ.

:       0       278

Pradeep Liyanage Thursday, 14 December 2017 11:42 AM

රටේ ඇතැමුන්ට කෝටි ගණනක මුදලක් ළූණු බිකක් තරම් වෙන කොට සාමාන්‍ය ජනතාවගේ තත්වය තමයි මේ..

:       1       133

himal Thursday, 14 December 2017 12:21 PM

ඒ මනුස්සයා පැන්නේ තමන්ගේ මුදලක් ‍රැක ගන්න. ඒක රුපියලද ලක්ෂයද නෙවෙයි. හදිසි අනතුරක් හින්දා විපතට පත් වෙලා. සමහර විට යතුරු පැදි රියදුරාගේ වෙන්නත් පුළුවන් වැ‍රැද්ද. මොකද සමහර යතුරුපැදි පාරේ යන්නේ උඩින්. පොළව දෙදරවාගෙන, අහස ගුගුරුවාගෙන...

:       0       32

Tharuka Sunday, 17 December 2017 08:12 AM

ඒ පාරට පැන්න පුද්ගලයා අවංක අව්‍යාජ කෙනෙක්... එයාට තව තවත් රුපියල් ලැබී දියුණු වේවා !

:       0       64

Mahinda R kithulgoda Thursday, 04 January 2018 01:56 AM

එදා අම්මා කෙනෙක් රුපියලක් නිසා බස් රථයකදී අපහසුතාවයට ලක් වුනා අද රුපියලක් නිසා මනුස්සයෙක් කරදරයකට පත්වෙලා. අඳුරු වීදුරු වලින් වැසුන රථ වලින් ඉගිලෙනා පාලකයිනේ දෙනෙත් හැර බලන්න මිනිසුන්ගේ දහදිය කඳුළු වලින් උපයන රුපියල කෙතරම් වටිනවාද කියා.....

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 93 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 897 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site