මුදල් ගනුදෙනුවකදී රුපියලක් බේරාගැනීමට ගිය පාරිභෝගිකයකු අතපය කඩාගෙන තම ජීවිතය අනූ නවයෙන් බේරාගත් පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ උපනගරයකිනි.
වෙළෙඳසලෙන් සිල්ලර බඩු මිලදී ගැනීමෙන් පසු අසල පදික වේදිකාවේ වූ පොල් ගොඩෙන් ගෙඩියක් තෝරාගෙන මුදල් ගෙවීමට යාමේදී ඔහුගේ අතින් ගිලිහුණු රුපියලේ කාසියක් මහ මග දිගේ පෙරළී යාමත් සමඟ ඔහු මහ මග මැදට පැන්නේ එය ආපසු ගැනීමටය.
ඒ සමඟම වේගයෙන් ආ යතුරුපැදියක් ඔහුගේ ඇගේ හැපී ලොකු අනතුරක් වූ අතර ඔහුගේ අතට මෙන්ම පයට ද විශාල හානියක් සිදුවිය.
අවට සිටියවුන් වහ වහා ඉදිරිපත්ව ඔහු රෝහල්ගත කළ අතර ඒ වනවිටත් ඔහුගේ අතේ ගුලිකර ගත් රුපියලේ කාසිය දැකීමෙන් සමහරුන්ට මහත් සංවේගයක් ඇති වුණාලූ.
(තිහගොඩ උපසේන ලියනගම)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර ජන ජීවිත මෙහෙම තමා. අපි සමහරු සුරංගනා ලෝක වල ජීවත් වෙන්නේ.
පොල් ගෙඩියේ මිලට ,රුපියලක් අඩු උනත් ,පොල් වෙළෙන්දා පොල් ගෙඩිය දෙන්නේ නැහැනේ.පව් දුප්පතා! කව්ද දන්නේ ,පොල් ගෙඩියෙන් වේලක් පිරිමහ ගන්න අසරණයෙක් වෙන්න ඇති.එකනේ පන එපා කියල පාර මැද්දට පැනල තියෙන්නේ.
රටේ ඇතැමුන්ට කෝටි ගණනක මුදලක් ළූණු බිකක් තරම් වෙන කොට සාමාන්‍ය ජනතාවගේ තත්වය තමයි මේ..
ඒ මනුස්සයා පැන්නේ තමන්ගේ මුදලක් රැක ගන්න. ඒක රුපියලද ලක්ෂයද නෙවෙයි. හදිසි අනතුරක් හින්දා විපතට පත් වෙලා. සමහර විට යතුරු පැදි රියදුරාගේ වෙන්නත් පුළුවන් වැරැද්ද. මොකද සමහර යතුරුපැදි පාරේ යන්නේ උඩින්. පොළව දෙදරවාගෙන, අහස ගුගුරුවාගෙන...
ඒ පාරට පැන්න පුද්ගලයා අවංක අව්‍යාජ කෙනෙක්... එයාට තව තවත් රුපියල් ලැබී දියුණු වේවා !
එදා අම්මා කෙනෙක් රුපියලක් නිසා බස් රථයකදී අපහසුතාවයට ලක් වුනා අද රුපියලක් නිසා මනුස්සයෙක් කරදරයකට පත්වෙලා. අඳුරු වීදුරු වලින් වැසුන රථ වලින් ඉගිලෙනා පාලකයිනේ දෙනෙත් හැර බලන්න මිනිසුන්ගේ දහදිය කඳුළු වලින් උපයන රුපියල කෙතරම් වටිනවාද කියා.....