දකුණු පළාතේ වියළි කලාපයට ආසන්න ග‍්‍රාමීය උප නගරයකි. විශ‍්‍රාමික ලිපිකරුවකු වූ ඔහු යතුරුපැදියෙන් එහි ගියේ පාසල් දරුවකුට වුවමනා පොත්පත් ගැනීමටය. පොත්පත් මිලදී ගෙන එන මොහොතේ වෙළෙඳ සල් අසළට ආ තැනැත්තකු තම ගෝනියේ වූ අමුමිරිස් තොගය විවෘත කොට ඒවා කිලෝව රුපියල් හැට ගණනේ විකිණීය.
මෙය විශාල ලාභයක් බව දැන එතැනට විශාල පිරිසක් එක් වූ අතර විශ‍්‍රාමික ලිපිකරුවා ද ඒ අසළට ගොස් අමුමිරිස් කිලෝවක් ඇනවුම් කළත් ඔහු ළඟ ඉතිරිවී තිබුණේ රුපියල් පනහකි.
එම මුදල වෙළෙන්දාට දී ” මම ඉතිරි සල්ලි ඉක්මනට දෙනවා. මටත් කිලෝවක් වෙන් කරන්න” කියා නිවසට ගොස් මුදල් රැුගෙන ආවේ කඩිනමිනි. එහෙත් ඔහු එනවිට වෙළෙන්දා එතැන නොවීය. කලබලයෙන් වට පිට බලන විට ඔහු දුටුවේ අවට කඩ කීපයකම අමුමිරිස් විකුණන බවය.
වෙළෙඳපළේ සිටි කොලූවකු ”සීයක් සීයයි” කියමින් කෑගසනු දුටු ඔහුට දෙවියන් සිහිවූයේ අතේ තිබුණු රුපියල් පනහත් නැති වූ බැවිනි.
2025 දෙසැම්බර් මස 16
64
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
859
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රුපියල් පනහත් අරන් අමුමිරිස් වෙළෙන්දා මාරුවෙලා
සංජීව Friday, 25 December 2015 04:12 AM
අමු මිරිස් කිලෝ එකක් හැට ගානෙ දුන්නා...? උපසේන මහත්තයත් දැන් හරි විහිලුකාරයෙක් වෙලානෙ.. (කෞ)
සේනක Thursday, 24 December 2015 10:48 AM
ලිපිකරුවෝ කියන්නේ නම් ජීවිතේ හොඳට "තෙම්පරාදු " වෙච්ච කට්ටියක්. (ර)
අබරන් Thursday, 24 December 2015 11:05 AM
කමක් නැහැ දෙන්නම දකුණේ නේ. (ර)