IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


රන්මාලය විසිකළ හොරා ඉමිටේෂන් බඩු ගෙනිහින්

ඥාතියකුගේ උත්සවයකට සහභාගී වීමට බිරියත් සැමියාත් ගේ වසා දමා පිටත් වූයේ සුපුරුදු පරිදි මල් පෝච්චිය යට යතුර සඟවාය. පසුදා ගෙදර ආ ඔවුන් නිවසේ යතුර මල් පෝච්චිය යට නොමැති බව දැක, විපරම් කර බැලූ විට වෙනත් මල් පෝච්චියක් යට තිබී හමුවිය.

මේ ගැන සැකයෙන් දොර ඇර බැලූ භාර්යාව කෙළින්ම ගියේ අල්මාරිය ළඟටය. අල්මාරිය උඩ තිබූ යතුරෙන් ඇය අල්මාරිය විවර කළාය. ඇයගේ පවුම් හතරක රන්මාලයත්, ඉමිටේෂන් ආභරණත් අතුරුදන් වී තිබිණි. ‘‘අනේ මගේ මාලේ’’ ඇය සිහිසුන්ව ඇද වැටුණාය. සැමියා වහා මුහුණට වතුර ස්වල්පයක් ඉස ඇය සිහිගන්වා ‘‘බලන්න අල්මාරියේ වෙන තැනක තිබ්බද කියලා’’ යැයි පැවසීය. අල්මාරියේ කොනක සිට පරීක්‍ෂා කළත් මාලය හමු නොවීය. දෙදෙනාම පිටුපස දොර හැරගෙන එළියට පැමිණි විට මල් වැටේ යමක් හිරු එළියට දිලිසෙනු දක්නට ලැබුණි. පුදුමයකි. බිරියගේ රන්මාලය මල් වැටේ එල්ලෙමින් තිබිණි.

‘හොරා මේක ඉමිටේෂන් මාලයක් කියලා හිතලා විසි කරලා අල්මාරියේ තිබුණු ඉමිටේෂන් මාල වළළු අරගෙන ගිහින්. රන්මාලය සිඹිමින් ඇය පැවසුවාය. දුක් මහන්සියෙන් හම්බකරලා ගත්තු එකක්නේ. ඒකයි ආපසු ලැබුණේ. අපටත් හොඳ පාඩම් දොර වහලා යතුර මල් පෝච්චිය යට තියලා යනවාට’’ සැමියා පැවසීය.



අදහස් (0)

රන්මාලය විසිකළ හොරා ඉමිටේෂන් බඩු ගෙනිහින්

හේවාවිතාරණ පැරිස් Wednesday, 30 July 2014 12:17 PM

මෙන්න මේ වගේ හොරු කොච්චර හිටියත් කමක් නැහැ කියලයි මගේ අදහස (නි)

:       0       0

හේවාවිතාරණ Wednesday, 30 July 2014 12:32 PM

යතුර මල් පෝච්චිය යට තියන එක පාරම්පරිකව පැවත එන සිරිතකි, ඒ වගේම පුරුද්දකි (නි)

:       0       0

පද්මේන් Monday, 28 July 2014 11:33 AM

රත්තරන් බඩු ගෙදර තියල උත්සවයකට ගිහිල්ල.අස්වාභාවිකයි නේද? (අ)

:       0       0

ලලනි Monday, 28 July 2014 04:26 AM

තවමත් අපේ රටේ තියෙන්නේ මල් පෝච්චි යට යතුර හංගා යන කාලේද ? ඇයි ඔය යතුර යන තැනක අරන් යන්න බැරි. වෙන වෙන වෙලාවල් වල පවුලේ කට්ටිය ගෙට එනවා නම් අමතර යතුරු කපලා දෙන්න හැකි නේද. (නදී)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Tuesday, 29 July 2014 08:29 AM

හොඳ වැඩේ හොරාට...(අ)

:       0       0

හන්සි Monday, 28 July 2014 01:21 PM

පත්මේ දැන් කලේ කව්ද රත්තරන් බඩු දාගෙන ගෙන පාරේ යන්නේ (අ)

:       0       0

මහේෂ මුතුකුඩ Monday, 28 July 2014 06:45 AM

යතුර මල් පෝච්චිය යට තියල යතුර තියන මල් පෝච්චිය අමතක නොවෙන්න මල් පෝච්චියේ ගඩොල් ගෙඩියක් තිබ්බ අසල්වැසියෙක් මටත් හිටිය. වෙලාවට අපි හොරු නෙමෙයි. හොඳ මිනිස්සුත් හොරු වෙනවා මේ වගේ මෝඩ වැඩ කරන කොට.(අ)

:       0       0

තිලා Tuesday, 29 July 2014 02:45 AM

හන්සි, රත්තරන් බඩු තියෙන්නේ ගෙවල් වල තියන්න තමයි (නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 28 July 2014 07:13 AM

මට දුක මේ මෝඩ හොරා ගැන ! රත්තරන් ඉමිටෙසන් අඳුනන්නේ නැති මිනිහ මොකට හොරකමේ ගියාද මන්ද ? හොරුන්ගේ නමත් කැත කරනවා (අ)

:       0       0

සෑම් Monday, 28 July 2014 07:52 AM

මෝඩ හොරෙක්. ඔහොම වෙලා මදි. ගෙවල් වල ආරක්ෂාව ගැන ගෙවල් හිමියෝ ටිකක් සැළකිලිමත් වෙන්න ඕනෑ කාලයක් මේක. (නි)

:       0       0

හේමාල් Monday, 28 July 2014 08:16 AM

දැන් රටේ චේන් කඩන රත්තරන් බඩු හොරකම් කරන වේගයට තව ගෙවල් වල රත්තරන් ඉතිරි වෙලා තියනවාද? (නි)

:       0       0

රාමන් Monday, 28 July 2014 08:47 AM

මේ හොරා ඉමිටේෂන් බඩු එකතු කරන හොරෙක් වෙන්න ඇති (නි)

:       0       0

දිල් Wednesday, 10 September 2014 06:23 AM

යතුර මල් පෝච්චිය යට කියලා කොලේක ලියලා දොරේ ගහලා ගියපු අයියා කෙනෙක් මටත් ඉන්නවා. (ස)

:       0       0

අසෝකා Monday, 28 July 2014 09:32 AM

බැද්දර පිට ජයා ....මොළේ කොහෙද තියා...... හොරෙකුගෙ මේ තැන ගත්තේ ...අනේ මොකද ඔයා? (නි)

:       0       0

පද්මේන් Tuesday, 29 July 2014 05:10 AM

තිලා අනේ මන්දා හන්සි මොකට රත්තරන් බඩු තියන් ඉන්නවද කියල.(නදී)

:       0       0

සේනක Monday, 28 July 2014 04:49 PM

නියම වැඩේ... (නි)

:       0       0

පහන්දී Monday, 28 July 2014 04:51 PM

මොකක්ද මේ සිසිරට වුණ පාඩම...? (නි)

:       0       0

පද්මිණි Monday, 28 July 2014 05:21 PM

යතුර මල් පෝච්චිය යට තබන්නත් එපා. රත්තරන් බඩු අල්මාරියේ තබන්නත් එපා. වෙනත් විකල්ප හොයාගන්න. (නි)

:       0       0

රචි බාලසුරිය Wednesday, 30 July 2014 12:02 PM

කොහොමහරි නියම රන් මාලය හිමිකරුටම නැවත ලැබුන එක ලොකු දෙයක්. ඔයින් ගියා ඇති (නි)

:       0       0

සිසිර Monday, 28 July 2014 10:25 AM

මේක මතත් හොද පාඩමක්? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 620 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 525 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site