IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


රෙදි කඬේදී ඇඳිවත මාරුවී අලූත් ඇඳුමක් අරන්

(කටුනායක ටී.කේ.ජී. කපිල)

ඇය 20 හැවිරිදි රූමත් තරුණියකි. ඇය කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කම්හලක රැුකියාවේ නියතුව සිටියාය. ඇයට අලූත් ටී-ෂර්ටයක් මිලදී ගැනීමේ අවශ්‍යතාවක් මතුවිය. ඇය සේවය නිමවා, රාත‍්‍රී 8.00 ට පමණ කටුනායක ඇවරිවත්ත ප‍්‍රදේශයේ රෙදි සාප්පුවකට ගොඩවිය.

රාත‍්‍රිය එළඹී තිබීම නිසා, රෙදි සාප්පුවේ ගැනුම්කරුවන් අඩුවිය. ඇය තම සිත්ගත් ටීxෂර්ට් කීපයක්ම සාප්පුවේ විවිධ ස්ථානවලින් තෝරාගෙන, ඇඳ සිටි ටීxෂර්ටය පසෙක ගලවා තබා ඒවා හැද බලන්නට විය.

ඔවුන්ගේ සහායට රෙදි සාප්පුවේ සේවිකාවක් ද පැමිණි අතර, ඇය මෙම තරුණිය ඇඳ බලා ඉවත තබන සෑම අදුමක්ම වහ වහා ඇඳුම් එල්ලනවල දමා යළිත් ඒවා තිබුණු රාක්කවල එල්ලීමට පියවර ගත්තේ, රෙදි සාප්පුව වැසීමට ආසන්නව තිබූ බැවිනි. පැය භාගයකට ආසන්න වේලාවක් රෙදි තේරුවද, ඇයට සිත්ගත් ටී-ෂර්ටයක් එම රෙදි සාප්පුවෙන් සොයා ගැනීමට අසීරු විය. ඇය යළිත් ඇය හැදගෙන පැමිණි ටීxෂර්ටය දමාගෙන වෙනත් සාප්පුවකට යෑමට සැරසුණි.

එහෙත් එම ටීxෂර්ටය ඒ වන විටත් එම ස්ථානයේ නොවීය. රෙදි සාප්පුවේ සේවිකාවත් තවත් පැය භාගයක් පමණ එම ටීxෂර්ටය සෙව්වද, සොයා ගැනීමට නොහැකි විය. ඇය හැද බැලූ ටී-ෂර්ට් සමඟ එයද පැටලී ගොසිනි. කළ හැකි අන් යමක් නැත. මේ ආකාරයට උඩුකය විවෘතව ආපසු නේවාසිකාගාරයට පැමිධෑමට ද නොහැක. ඇය අලූත් ටී-ෂර්ටයක් මිලදී ගත්තාය.



අදහස් (0)

රෙදි කඬේදී ඇඳිවත මාරුවී අලූත් ඇඳුමක් අරන්

ධනුෂ්ක Friday, 24 October 2014 10:33 AM

ටිකක් හොයලා බැලුවා නම් හැඳ බැලූ ටී-ෂර්ට් එක සොයා ගැනීමට තිබුනා. එ්ත් සාප්පුවේ සේවිකාව මොකටද ඇතුලට ආවේ (නදී)

:       0       0

ජිනදාස Thursday, 23 October 2014 09:00 AM

දැන් ගෑනු ළමයි අඳින පිළිවෙලට අනුව ඇඳුම් කඩේට එනකොට ටී ශේර්ට් එකක් ඇඳගෙන ආවාදැයි සැකයි.(හේ)

:       0       0

ගිහාන් Thursday, 23 October 2014 12:49 PM

වෙළඳ සේවිකාව මොකටද ෆිටින් රූම් එක අස්සට රිංගුවේ. (නදී)

:       0       0

ජෙමා Thursday, 23 October 2014 01:36 PM

ඒ තරම් දුප්පත් ...පව් ..වෙන මොකුත් නැතුව ඇති. (නදී)

:       0       0

ලක්මාල් Wednesday, 29 October 2014 04:31 AM

ඒකත් බැලුවහම නියම වැඩේ තමයි... (නි)

:       0       0

හසී Thursday, 30 October 2014 02:00 PM

සේවිකාව පව්.! (ර)

:       0       0

අජිත් Thursday, 23 October 2014 02:23 PM

වෙළඳ සේවිකාවට දෙන්න ඕනේ හොදම සේවිකාවට දෙන සම්මානය. (නදී)

:       0       0

බණ්ඩාර Thursday, 23 October 2014 02:50 PM

ඉවකළානම් හොයාගන්න තිබුනා දහදිය සුවදෙන්.(හේ)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 23 October 2014 05:12 AM

ඒක සේවිකාවගේ වැරැද්ද. මෝඩ ළමයා මොකටද සල්ලි දීලා ටීෂර්ට් එකක් ගත්තේ? කියන්න තිබුනේ මගේ එක හොයලා දෙන්න බැරි නම් අලුත් එකක් හරි දෙන්න කියලා. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 23 October 2014 05:14 AM

සල්ලි නොදී යන්නනේ තිබුණේ (නි)

:       0       0

ප්‍රමේෂිකා Thursday, 23 October 2014 05:21 AM

වැරැද්ද කරලා තියෙන්නේ සාප්පුවේ සේවිකාව නිසා ඇයට අලුත් ඇදුමක් සාප්පුවෙන් නිකන් දෙන්න ඕන. (හේ)

:       0       0

ධම්ම Thursday, 23 October 2014 05:36 AM

මේක මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. (හේ)

:       0       0

සමාධි Thursday, 23 October 2014 05:49 AM

හොඳ වේලාවට උඩු කය වුණේ.නැත්තම් ඉවරයි.(හේ)

:       0       0

ක්‍රීශාන් Monday, 27 October 2014 02:05 AM

සේවිකාව බයවෙන්න ඇති (පව්) තමාගේ ඇදුම ගැලවෙයි කියලා. (නදී)

:       0       0

රූපවති Thursday, 23 October 2014 06:46 AM

අපි හැම දේම වැරදියට දකින්න හොද නැහැ.(හේ)

:       0       0

බෙනට් Thursday, 23 October 2014 08:24 PM

මේවා වැඩිහරියක් කුමන්ත්‍රණ (නි)

:       0       0

රුවන් Thursday, 23 October 2014 08:14 AM

රූපවතී අක්කේ, ඔයා හැමදාම ලංකාවේ වැරදි දකින්නේ ඒක හොඳද?(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 610 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 516 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 430 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site