IMG-LOGO

රාත‍්‍රියේ ගෙනා දෙල්ගෙඩිය උදේ පාන්දර ජම්බෝල වෙලා

(තිහගොඩ - උපසේන ලියනගම)
නිරන්තරයෙන් බීමත්ව නිවෙසට පැමිණෙන සිය සැමියාට පාඩමක් ඉගැන්වූ බිරියක් පිළිබඳ මේ පුවත අසන්නට ලැබුණේ දකුණේ නගරයකිනි.


රජයේ ආයතනයක සේවය කළ ඔහු සුහද සාදවලට බෙහෙවින් ලැදි අයකු නිසා මධුවිත තොලගාගෙන හවස නිවෙසට ඒම සුලබ දැක්මක් විය.


පසුගියදා හැන්දෑවේ හතර ගාතෙන් ගෙදර ආවේ ඔහු කෑමට ඉතා ප‍්‍රිය වූ රට දෙල් ගෙඩියක් ද පොලිතින් උරයක දාගෙනය. ”මේක උදේට තම්බලා දීපන්” බිරියට කී ඔහු වේලාසනම නින්දට ගියේය.


ඔහුට උදේම ඇසුණේ බිරිඳගෙ හඬය. ”අපූරු දෙල්ගෙඩිය, කවුදෝ මේ මනුස්සයට ජම්බෝල ගෙඩියක් දීලා රවට්ටලා. බීගත්තම ඔහොම රැවටෙනවා.” කීවේ බාල පුතාටත් ඇසෙන්නටය. ”එහෙනං අරූ මාව රැවැට්ටුවා” කියමින් සැමියා වෙළෙන්දාට දොස් කීවත් මවත් පුතාත් මහ ? එක්ව දෙල්ගෙඩිය ජම්බෝල ගෙඩියට මාරු කිරීම පිිළිබඳව ඔහු තවමත් දන්නේ නැතිලූ.



අදහස් (0)

රාත‍්‍රියේ ගෙනා දෙල්ගෙඩිය උදේ පාන්දර ජම්බෝල වෙලා

ධම්ම Saturday, 23 May 2015 12:09 PM

ගෙදර පරිසරය අමිහිරි වූ විට සමහර සැමියන් මිහිරි පරිසර සොයා යනවා. එක අතකට බීමත්කම හොඳයි පර අඹුවන් සොයා යනවාට වඩා. (නදී)

:       0       0

රෙජි-සිඩ්නි Friday, 22 May 2015 02:39 AM

මේ මනුස්සයා හරිම මෝඩයෙක්නේ. බිරිඳට කියන්න තිබුනේ එහෙනම් දෙනවා ඔය ජම්බෝල ගෙඩිය මන් එ්ක මුදලාලිත් එක්ක විසඳා ගන්නම් කියලා.(නදී)

:       0       0

මාන්වල Friday, 22 May 2015 03:26 AM

ජම්බෝල ගෙඩිය දෙකට කපල ඔලුවේ අතුල්ලන්න තිබුනේ වෙරි හිදෙන්න (නදී)

:       0       0

පිටිගල Friday, 22 May 2015 03:36 AM

ගෙදර ගෑනිට ළමයින්ට බීල චන්ඩි කම් කරන චණ්ඩියෝ පාරේ යන පොඩි කොල්ලන්ට මාර බයයි. චන්ඩි කම එන්නේ ගෙදර වැටෙන් ඇතුල් උනාමයි. හොඳ වැඩේ ඒ මෝඩයාට.(නදී)

:       0       0

ශලිනි Friday, 22 May 2015 03:43 AM

ගෙදර බවලතාට බිමත්ව ඇවිත් චන්ඩි පාට් දාන එක වීර කමක් නෙවෙයි. මෙහෙම බිලා ඇවිත් උදේට වෙරි හිඳුනාම කියන්නේ අනේ මේ ආණ්ඩුවේ පඩිය මාසේ ගැට ගහ ගන්න මදි කියලා. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 23 May 2015 06:05 AM

ඇ‍ඟේපතේ අමාරුවට හැන්දෑවට ටිකක් දාගත්තහම ඔහොම කරන්න වටිනවද මම අහන්නේ? දුකේ බැහැ මේ පිරිමි පරානය ගැන! ගැහැණු කවදත් කපටිකම් වලට හරි දක්ෂයි (නි)

:       0       0

නදීකා Friday, 22 May 2015 05:11 AM

ඇති වෙළෙන්දත් එක්ක රණ්ඩුනොවී බේරුණා (නි)

:       0       0

මාලි Friday, 22 May 2015 05:11 AM

රෙජි-සිඩ්නි, ඔයත් ඩෝප්කාරයෙක් වගෙයි (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 22 May 2015 06:41 AM

දැන් කාලෙකට කලින් ‍පොඩි ළමයි වගයක් බස් එක ළඟට ඇවිල්ලා පේර බෑග් විකිණූවා. බලනකොට පේර වලට යටින් තියෙන්නේ දෙහි ගැට (නි)

:       0       0

මදුරජිත් Friday, 22 May 2015 01:10 PM

ටිකක් ගත්තට මොකද වෙන්නේ? නේද මාලි? (නි)

:       0       0

ලක්මිණි Friday, 22 May 2015 07:00 AM

මාලි නම් බොන්න කැමතියි වගේ. ඇත්ත එහෙම ගෑණු අයත් ඉන්නවා. නේද මාලි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 18 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 371 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 832 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site