වසර දෙකක රට රස්සාවට ගොස් සියරට බලා පැමිණෙද්දී තමා සේවය කළ නිවසේ ස්වාමිදුව මතක සටහනක් ලෙස දුන් දෙපයේ ගල්වන ක්‍රීම් වර්ගයක් මුහුණේ ආලේප කර හැඩවැඩ වූ මවකට හා ඇගේ දියණියට එම ක්‍රිම් වර්ගය අසාත්මිකවී රෝහල් ගතවීමට සිදුවූ බව කියන පුවතක් ලංකාදීපයට වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
ඇය මැදපෙරදිග රැකියාවට ගියේ මීට වසර දෙකකට පෙරය. සේවා කාලය නිමවූ ඇය පසුගිය දිනෙක ලංකාවට පැමිණියේ අතින් කටින් බඩු මුට්ටු තොගයක්ද එල්ලාගෙනය.
ඇය රැගෙන පැමිණි බඩු මුට්ටු අතර ඇය සේවය කළ නිවසේ ස්වාමි දුව මතක සටහනක් ලෙස පරිත්‍යාග කළ විවිධ වර්ගයේ සුවඳ විලවුන් හා ක්‍රීම් වර්ග අඩංගු වටිනා රූපලාවන්‍ය කට්ටලයක් විය.
ඇය මෙන්ම තරුණ වියේ පසුවූ ඇගේ දියණිය ද කිසිදිනෙක දැක නැති මෙම විවිධ ක්‍රීම් වර්ග මෙන්ම සුවඳ විලවුන් වර්ග ද ආලේප කළේ තරගයට මෙන්ය. ගතවූයේ දින කීපයකි. මවගේ මෙන්ම දියණියගේද මුහුණු ජම්බු ගෙඩි මෙන් ඉදිමී රත් පැහැ ගැන්වුණු අතර එම ස්ථාන කැසීම නිසා එම ස්ථාන තුවාලවී වතුර ගලන්නට ද පටන් ගත්තේය.
අවසානයේ මවත් දියණියටත් එකම රෝහලක යාබද ඇඳන් දෙකක නේවාසික වන්නට සිදුවූයේ ඒ සඳහා ප්‍රතිකාර ගන්නටය.
මේ ක්‍රීම් වර්ගය පිළිබඳ සොයාබැලූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දැන ගන්න ලැබුණේ අදාළ ක්‍රීම් වර්ගය අසාත්මිකතාව පිළිබඳ පරික්ෂා කිරීමෙන් අනතුරුව දෙපයේ ගල්වනු ලබන ක්‍රීම් වර්ගයක් බවය.
(වියලුව වාර්තාකරු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව්, අහිංසක මිනිස්සු... නොදැනුවත්කමට හිනාවෙන්න හොඳ නැහැ....අපේ උදවිය දැන දැන කරන වැරදි වලටයි හිනා වෙන්න ඕනෑ.(හේ)
ක්‍රීම් ගල්වනෙක වරදක් නොවේ.නමුත් එකවරම නොගල්වා සමේ එක තැනක පොඩ්ඩක් තවරලා දවසකට පමණ පසු එහි ප්‍රතික්‍රියාව බලලා ගන්නයි තිබුණේ එහෙනම් ඔයවගේ අකරතැබ්බයකට මුහුණ දෙන්නේ නැහැනේ. (බ)
ඇත්ත. නොදැනුවත්කමට කරන දේවල්. ඒක අනිත් අයට හිරිහැරයක් වුණෙත් නැහැනේ. සමහරු දැන දැන අනුන්ට ඔයවගේ දේවල් කරන එක නම් අනුමත කරන්න බැහැ. (නි)
දෙපා වල රෝම ඉවත් කරන. ක්‍රීම් වෙන්ට ඕන. දෙපාවල ගාන ක්‍රීම් වුනත් මුහුණට ඔය තරම් හානියක් වෙන්ට බැහැ. (ර)
ඔළුවෙන් හිටගෙන වෙන්න ඇති ක්‍රීම් ගාන්න ඇත්තේ. (බ)