වසර දෙකක රට රස්සාවට ගොස් සියරට බලා පැමිණෙද්දී තමා සේවය කළ නිවසේ ස්වාමිදුව මතක සටහනක් ලෙස දුන් දෙපයේ ගල්වන ක්‍රීම් වර්ගයක් මුහුණේ ආලේප කර හැඩවැඩ වූ මවකට හා ඇගේ දියණියට එම ක්‍රිම් වර්ගය අසාත්මිකවී රෝහල් ගතවීමට සිදුවූ බව කියන පුවතක් ලංකාදීපයට වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
ඇය මැදපෙරදිග රැකියාවට ගියේ මීට වසර දෙකකට පෙරය. සේවා කාලය නිමවූ ඇය පසුගිය දිනෙක ලංකාවට පැමිණියේ අතින් කටින් බඩු මුට්ටු තොගයක්ද එල්ලාගෙනය.
ඇය රැගෙන පැමිණි බඩු මුට්ටු අතර ඇය සේවය කළ නිවසේ ස්වාමි දුව මතක සටහනක් ලෙස පරිත්‍යාග කළ විවිධ වර්ගයේ සුවඳ විලවුන් හා ක්‍රීම් වර්ග අඩංගු වටිනා රූපලාවන්‍ය කට්ටලයක් විය.
ඇය මෙන්ම තරුණ වියේ පසුවූ ඇගේ දියණිය ද කිසිදිනෙක දැක නැති මෙම විවිධ ක්‍රීම් වර්ග මෙන්ම සුවඳ විලවුන් වර්ග ද ආලේප කළේ තරගයට මෙන්ය. ගතවූයේ දින කීපයකි. මවගේ මෙන්ම දියණියගේද මුහුණු ජම්බු ගෙඩි මෙන් ඉදිමී රත් පැහැ ගැන්වුණු අතර එම ස්ථාන කැසීම නිසා එම ස්ථාන තුවාලවී වතුර ගලන්නට ද පටන් ගත්තේය.
අවසානයේ මවත් දියණියටත් එකම රෝහලක යාබද ඇඳන් දෙකක නේවාසික වන්නට සිදුවූයේ ඒ සඳහා ප්‍රතිකාර ගන්නටය.
මේ ක්‍රීම් වර්ගය පිළිබඳ සොයාබැලූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දැන ගන්න ලැබුණේ අදාළ ක්‍රීම් වර්ගය අසාත්මිකතාව පිළිබඳ පරික්ෂා කිරීමෙන් අනතුරුව දෙපයේ ගල්වනු ලබන ක්‍රීම් වර්ගයක් බවය.
(වියලුව වාර්තාකරු)
2025 දෙසැම්බර් මස 16
75
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
876
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රට ගිහින් ඇවිත් පයේ ගාන ක්‍රීම් මූණේ ගාලා රෝහලෙත් නැවතිලා
අනිල් Monday, 03 October 2016 07:19 AM
පව්, අහිංසක මිනිස්සු... නොදැනුවත්කමට හිනාවෙන්න හොඳ නැහැ....අපේ උදවිය දැන දැන කරන වැරදි වලටයි හිනා වෙන්න ඕනෑ.(හේ)
මැගිලින් Monday, 03 October 2016 08:12 AM
ක්‍රීම් ගල්වනෙක වරදක් නොවේ.නමුත් එකවරම නොගල්වා සමේ එක තැනක පොඩ්ඩක් තවරලා දවසකට පමණ පසු එහි ප්‍රතික්‍රියාව බලලා ගන්නයි තිබුණේ එහෙනම් ඔයවගේ අකරතැබ්බයකට මුහුණ දෙන්නේ නැහැනේ. (බ)
අසෝකා Monday, 03 October 2016 05:25 PM
ඇත්ත. නොදැනුවත්කමට කරන දේවල්. ඒක අනිත් අයට හිරිහැරයක් වුණෙත් නැහැනේ. සමහරු දැන දැන අනුන්ට ඔයවගේ දේවල් කරන එක නම් අනුමත කරන්න බැහැ. (නි)
පද්මිණි Tuesday, 04 October 2016 12:00 PM
දෙපා වල රෝම ඉවත් කරන. ක්‍රීම් වෙන්ට ඕන. දෙපාවල ගාන ක්‍රීම් වුනත් මුහුණට ඔය තරම් හානියක් වෙන්ට බැහැ. (ර)
ගමගේ Monday, 03 October 2016 05:02 AM
ඔළුවෙන් හිටගෙන වෙන්න ඇති ක්‍රීම් ගාන්න ඇත්තේ. (බ)