විදේශයක රැුකියාවක් ලද තරුණයෙක් එහි ගොස් අදාළ ආයතනයේ නිලධාරින් හමුවිය. කම්කරුවෙක් වශයෙන් රැුකියාව ලැබුණත් ඔහුගේ ඉංග‍්‍රීසි කථාබහ උසස් මට්ටමක තිබුණෙන්, ආයතනයේ උසස් නිලධාරියෙක් ඔහු අමතා. ‘‘ඔයාට හොඳට ඉංග‍්‍රීසි කතා කරන්න පුළුවන් නිසා කැමති නම් ”ටයිම් කීපර්’’ රැුකියාවක් දෙන්නම්. හැබැයි අපි ගෙවන්නේ කම්කරු වැටුප යනුවෙන් පැවසීය.
‘‘සර්ලා දෙවිවරු වගේ උදවිය. මම ඒ යෝජනාවට කැමතියි. මට ලේබර් සැලරි එක දෙන්න. මම ටයිම් කීපර් වැඬේ කරන්නම්’’ ඔහු පැවසීය. ඔහුට තනතුර ලැබිණි. ගිනි ගහන අව්වේ කරවෙනවාට වඩා ඒසී එකේ ඉන්න එක දාහෙන් සම්පතක්. තමාටම කියාගත් හෙතෙම රැුකියාව හොඳට කරගෙන ගියේය. ඔහුගේ කාර්යක්ෂම බව නිලධාරීහු අගය කළහ.
කොන්ත‍්‍රාත් කාලය අවසානයේදී ප‍්‍රධානියා හමුවී ‘‘මට සර්ලාගේ කොම්පැනියෙන් සහතිකයක් ඕනේ ටයිම් කීපර් විදිහට වැඩකළා කියලා. ඒක මට වටිනවා’’ තරුණයා කීය. වසර දෙකක් එම ආයතනයේ වේලා සටහන්කරුවෙකු වශයෙන් සේවය කළ බවට සේවා සහතිකයක් ලැබිණි. ඔහු සහතිකයද රැුගෙන එම රටේ කම්කරු කාර්යාලයට ගොස් ‘‘සර් මම මේ ආයතනයේ අවුරුදු දෙකක් ටයිම් කීපර් වැඩකළා. මෙන්න සහතිකය. ඒත් මට ලැබුණේ කම්කරු වැටුපයි කියමින් තම වැටුප් විස්තර ද ඉදිරිපත් කළේය.
නිලධාරින් විමතියට පත්වූයේ වේලා සටහන්කරුවෙකු වශයෙන් සේවය කළත් ලබාදී ඇත්තේ කම්කරු වැටුප් බව අනාවරණය වීමෙනි. ආයතනයේ ප‍්‍රධානියාව ගෙන්වාගත් පසු නියමිත වැටුප් සමඟ වන්දි මුදලක් ද ගෙවීමට ආයතනයට සිදුවිය. විශාල මුදලක් ලබාගත් තරුණයා ලංකාවට පැමිණියේය. ‘‘මේ මිනිහා අපේ කනෙනුත් රිංගුවා, පුදුම මොළ කාරයෙක්” ප‍්‍රධානියා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක නේන්නම් තිලක් .අර නම් කීපයකින් ලියන උදවියට නම් හොඳයි ඔන්න. කාගේ හරි නමක් වැඩියෙන් කියවුනා කියලා ඔන්න අපිට නම් ප්‍රශ්නයක් නැහැ.(රේ)
අකමැති ප්‍රතිචාර ගණන් නොගෙන හිටියාම ඉවරයිනේ. (ම)
ජයනාත්, නුඹ ඕවට සැලෙන්න එපා.අපි දෙන්නා රූපවති ගැන දිගටම ලියමු. චන්දි එහෙමත් ඉන්නවනේ සහයෝගෙට. මොනවා වුණත් සත්කෝරළෙන් ආ බවලතෙක්නේ (නි)
මට නම් මොකුත්ම කියන්න හිතෙන්නේ නැහැ. (නි)
චන්න, ඔබ වාගේ රසවත් කතා ලියන අයව අගයමි.තව තව අගනා කතා ලිවුවොත් පුස්සන්ට තේරෙයි .ඇයි අපි වාගේ අලුතෙන් එන අයට මේ තීරය තහනම් කලාපයක්ද...?ලංකාදීප කාරුණික කතෘ මණ්ඩලය හැම කෙනාටම එක හැන්දෙන් තමයි බෙදන්නේ. (නි)
රූපවතී අක්කට ලංකාවෙ ඉද්දි රැකියාවන් දෙක තුනකින්ම අයින් වෙන්න වුණේ මේ වගෙ අසාධාරනයන්ට විරුද්ධව බය නැතුව කතා කරපු නිසා තමයි.(අ)
මේක නම් හොඳ පාඩමක් කාට කාටත් (නි)
ආදරණීය පාටකයෙනි,පැය ගානට වැඩ කරන අය යනුවෙන් ලිය වුනේ උක්ත දෙදෙනාගේ පහත් අදහස් නිසායි.වෙන කිසිම කෙනෙක් අපහසු තාවයට පත් කිරීමට අදහස් නොකලෙමි.මා ළඟ පැය ගානට වැඩ කරන විදේශිකයන්ට මෙන්ම දේශීය අයටත් මම බොහෝ සේ ගරු කරමි.මෙයින් කිසිවකුගේ හිත රිදුනේ නම් සමාව භජනය කරමි.(රේ්)
නියම මොළකාරයෙක්නේ! (නි)
චන්න නියම කතාව . ඉස්කෝලේ යන කාලේ කියපු විකට කතා මතක් උනා.(රේ)
තමන් ලියන දේ ලියලා අනුන්ගේ ගේ ප්‍රතිචාර දෙස උපේක්ෂාවෙන් බැලුවා නම් ඉවරයි. හැමෝගෙම භාෂා ඥානය , රුචි අරුචි කම් කම් , අදහස් එක වගේ නැහැ. කාගේවත් නමක් වැඩිපුර ලියවුනා කියලා හෝ, අනෙක් කෙනාගේ අදහස අඳ බාල යයි කියලා හෝ මොකටද නිකම් ආතතිය හදා ගන්නේ ? (රේ)
මමත් සුදීරගේ අදහස අනුමත කරමි. (ර)
අන්න නියම වැඩ කාරයා.(හේ)
සුනිල්, පරක්කුවෙනවද. මමත් එනවා යන්න ඔයාලා යන පැත්තට (නි)
පිටරට සමහර ලොකු තනතුරු දරණ අය රැකියා දෙනවා කියල, සල්ලි අරගෙන හැබැයි රස්සාව දීල, දීපු ගාන කවර් වෙනකොටම රස්සාවෙන් අයින් කරනවා..අයෙත් වෙන කෙනෙක් ගන්නවා සල්ලිවලට (රේ)
විවිධ අදහස් නැති පාඨක තීරයක් වැඩක් තියනවද ? අනෙක් කෙනා ගේ අදහස් තිත්ත නම් අර යහපාල එහෙම ලියන දේශපාලන ප්‍රතිචාර බලන්නකෝ. කනට මීපැණි වක්කරා වගේ කියලා තමයි කට්ටිය කියන්නේ. (ර)
අනේ ජයනාත් කොලුවෝ ..ලංකාවේ මම එකම එක සුළු රැකියාවක් කළා ..ලැබුනෙත් ඉතාම අඩු පඩියක්..හැබැයි කාවවත් එක්ක ආරවුල් නම් ඇති උනේ නැහැ ඔන්න ...? (රේ)
මෙන්න මෙහෙම දෙයක් අපිත් කරගත්තා නම් ජීවිතේම ගොඩ (නි)
උදේ ඉඳන් සද්දයක් නැහැ.හැන්දෑවට කෝපි කඩේ වගේ කල්ලි වාදයක් පටන් අරන්.ටික කාලෙකට ඉස්සර අතුරු දහන් වෙලා හිටපු මෙරුන් ආපසු හුඹස් වලින් එලියට ඇවිල්ලා.ඉස්සරත් කරපු දේවල් මතකයි.(රේ)
මෙතන ආයතන ප්‍රධානියා කරන්න හැදුවෙ කපටිකමක්. කම්කරු වැටුපට ටයිම් කීපර් කෙනෙක් තියාගන්න. (නි)
මේ දේවල් මොලේ ඇති වැඩ හැටියට මම දකින්නේ නැහැ.ඕනෑම වෘත්තිකයෙකුට අදාල ප්‍රොෆෙෂනල් එතික්ස් හෙවත් වෘත්තීය සදාචාරය කියලා දෙයක් මේ ලෝකයේ තිබෙනවා. එයින් මනින්නේ වෘත්තිකයෙකුගේ මානසික ගුණාත්මකභාවය. දැන් මේපුද්ගලයා වෙනත් රැකියාවකට ඉල්ලුම් කල දවසට , මීට පෙර රැකියා කල තැනින් රෙකමදාරුවක් ඕන වුනාම තමයි කපටි කමින් ගොඩ ගිය එකේ රඟේ තේරෙන්නේ. (රේ)
අපේ අය කොහොමත් මොළකාරයෝනේ (නි)
මට හිතෙන හැටියට මේ කල්ලි කාරයෝ කිසිම වැදගම්මක් ඇති අය නොවන බවයි.වැඩකරලා මහන්සි උනාම කිසියම් ක්‍රමයක් තියනවා ප්‍රතිචාර දක්වන්නත්.කැමති නැත් නම් බලන්න එපා කියන්න මේ තීරය කල්ලි කාරයන්ගේ අම්මගේ අප්පාගේ බුදලය නොවෙයි.(රේ)
අනේ මං දන්නේ නැහැ ජයනාත්, රුපවතිලාගේ ගමේ ග්‍රාම සේවකද කියලා හිතෙනවා. රුපවති ගැන නොදන්නා දෙයක් නැහැනේ. (ර)
දෙයියන්ගේ නාමයෙන් මගේ නමින් අදහස් දැමීම නවත්වන්න (නි)
මෙයා නම් ගොඩ ගිය එතනින් ගියාට පස්සේ එතන වැඩ කරන ලංකාවේ අයටනම් දෙයියන්ගේ පිහිටයි .එතන ආයෙත් ලංකාවේ මිනිස්සුන්ට රස්සා දීලත් ඉවරයි මගේ හිතේ .....(රේ)
මොළෙත් ඇති, හිතෙත් එඩි ඇති, ඇඟේත් සවි ඇති, රටට වැඩ ඇති තරුණයෙකි මොහු. (නි)
ඇත්තම කියනවා නම් අනුන්ගේ නම් වලින් අදහස් දමන කෙනෙක් ඉන්නවා නම් හිතාගන්න තමන්ගේ මොකක්හරි අවුලක් තියෙනවා කියලා. ඒක තමුන්වත් නිරවුල් කරගන්න. සමාජයට පව් නොදී. (නි)
ජයනාත්ට මෙහි මොනවා දැම්මත් රුපාවතී ගැනමයි කතාව.මට නම් දැන් මේවා අහලා අහලාම එපාවෙලා.පහන් මලේ හොඳවයින් කවියක් කියමුකෝ බලන්න.(රේ)
පිටබැද්දර ජයා වාගේ අය නිසා තමයි මේ වටිනා තීරුව නොසන්සුන් වෙන්නේ. බලන්න අර ජයනාත්ට දීලා තියෙන උපදෙස.රූපවතීට පාඨක සභාවේ තිබෙන ගරුත්වය කෙළෙසන්න එපා කියලා තමයි කියන්නට තියෙන්නේ. (නි)
රූපවති අක්කා ඇතුලු ඔබලා මම අක්කා ගැන ලියනවට අකමැති නම් නොලියා ඉන්නම්..(රේ)
මීට පස්සේ ලංකාවේ අයට එම ආයතනයේ රැකියා නැත.කන්ද දුන්න අත හපාකනවා කියන්නේ ඕකට තමා. (නි)
ජයනාත්ට විතරක් දොස් කියන්න එපා කට්ටියම. අනිත් ගොඩ දෙනෙකුත් රූපවති අක්කා ගැන මොනවාම හරි කියනවානේ. බලන්නකො පහුගිය ලිපි ජයනාත් රූපා අක්කා ගැනම ලියන්නේ ඒ ගැනත් දැනගන්න කැමති අය ගොඩක් ඉන්න නිසා වෙන්න ඇති. (අ)
අක්කා ගැන නොවෙයි මාතෘකාවට අදාලව යමක් ලියවේනම්ස්තුති වන්ත වෙමි.රුපවතී කියන්නෙත් අප ඔබේ වාගේ සාමාන්‍ය කෙනෙක් මිසක් විශේස කෙනෙක් නොවෙයිනේ. තරහට නොවෙයි කීවේ. (අ)
රූපවතියේ ,කේන්ති ගිහින්ද? බල්ලෝ බිරුවට තවලම ඉදිරියටම ඇදෙනවා නඟේ. ඔන්න ඕවා අමතක කරමු (නි)
ජයනාත් කොලුවෝ ...අපි මේ දුර රටක ඉදන් නාදුනන රට්ටුන්ගේ අපේ කියන මිනිසුන්ගෙන් වෙන්වෙලා ගෙවන මේ ජීවිතේ මනසට ඇත්නම් සතුටක් ඒ මේ ලංකාදීපේ ..නිව්ස් ..සහ ආදරණීය නොදුටු එක අම්මගේ බඩේ නුපදුනත් ඒ හා සමාන සෙනෙහයකින් ..නොදුටු ඔබ සැමගේ අදහස් උදහස් එකසේම හදවතින් පිළිගන්නවා ....ගොටුකොල මිටිය අතට ගත්තා වගේ හීනියට ලියන්න ඕනේ ජයනාත් මල්ලි ..ලුණු ඇබුල් හොදට නොතිබුනොත් කිසිම රසයක් නැහැ ...? ලියාපන් හොද සම්බෝලයක් පිටබැද්දර ජායා අයියත් අපි හැමටම ඇතිවෙන්න බෙදාගෙන කන්න ..? (බ)
රූපවති,ඔයා ඕවා ගණන් ගන්න එපා අනේ. මම නම් ඔයාගේ අදහස් බලන්නේ කැමැත්තෙන්. (නි)
ඔය වෙනත් අයගේ නම් වලින් ලියන එක අපිටත් සිද්ධ වුණා. අපි ගණන් ගත්තේ නැහැ. විශේෂයෙන් අර මැතිවරණ සමයේ කඩේ ගිය එක්කෙනෙක් අපි හත් අට දෙනෙක්ගේ නම් වලින් දේශපාලන ප්‍රතිචාර ලියපු බව අහුවුණා. (නි)
පේනවනේ සිංහලයාගේ ගතිය. රස්සාවක් දුන්නත් ඒකෙත් වංචාව.කළගුණ සැළකීමක් නැහැ (නි)
මෙය සිදුවන්නට ඇත්තේ මැද පෙරදිග රටක නොවේය යනු මගේ විස්වාසය. මොකද එම රටවල යන බහුතරයට ලැබෙන්නේ කියා යවන රැකියාව නොව. කවදාවත් ඔවුන්ට මෙසේ එම අයිතීන් මැද පෙරදිග රටවලදී ලැබෙන්නේ නෑ. (ර)
ලිව්වාට කමක් නැහැ පින්සිද්ධ වෙයි කල්ලි ගහගන්න බලන්න එපා. (ම)
මාතෘකාවට කෙලින්ම සම්බන්ධ නොවුනත් සමහර අදහස් හරිම රසවත්. අනෙක එකිනෙකාගේ නමින් අමතමින් පුංචි පහේ විහිළුවක් කිරීමේ වරදක් නැහැ. එයින් සංවාදයේ අැල්මරුන බව නැතිවී පාඨක අපි අතරේ සුහද බවක් ගොඩ නැගෙනවා නේද ! (බ)
ඔබ සැමගෙ අදහස් වලට ගරු කරමි..මින්පසු හොද මාතෘකාවක් යටතේ පමනක් අක්කාගෙ විත්ති ලියන්නම්..මම රූපවති අක්කා ගැන ලියුවේ අපත් එක්කම මේ තීරුවේ සිටින, කව්රුත් දන්නා කැමති කෙනෙක් ගැන කතාවක් ඇසීමට ඔබ ප්‍රිය කරන බව සිතාය (රේ)
මමත් සුදීරගේ අදහස අනුමත කරමි. මට නම් හැඟෙන විදිහට එක, එක නම් වලින් තම තමන්ම මුරුංගා ගහේ නගින බවකුයි පෙනී යන්නේ. (ර)
බල්ලයි තවලමයි පැටලිච්ච අයට කියන්න තියෙන්නේ බල්ලා මිනිසාට වඩා ඉතා ගුණ යහපත් සත්වයෙක් බව.ඉව කරපු ගමන් අල්ලා ගන්න ගුනේ තියනවා බල්ලාට. (බ)
මේ මගේ නමින් ලියන කෙනාට ගොඩක් හිතවත්ව කියන්නේ., මා එක්ක මොකක්ද තියෙන තරහ ඇයි මේ මගේ නමින් ලියන්නේ... (ර)
රුපවතී, වඩේ ටිකකුත් අරන්ම එන්න. හැබැයි පිළුණු වෙච්ච ඒවා එහෙම නොවෙයි. (ර)
පහන් සොයුරාගේ සිංහ කතන්දරේ හරි ලස්සනයි ..? (රේ්)
රූපවතිි අක්කත් මේ දවස්වල රුවන්ගි වගේ පේමස් වෙලානෙ.(රේ)
කොහොමින් හරි මේ නිව්ස් එකට අදහස් ගොඩක් ආවනේ., බලන්නකෝ එකෙත් හැටි (අ)
පද්මි මැඩම්, කෙනෙක් වසලයෙක් වෙන්නෙත් පණ්ඩිතයෙක් වෙන්නෙත් උපතින් නොව කරන ක්‍රියාවෙන් කියලයි බුදු බනේ තියෙන්නේ , අනුන්ගේ අදහස් මතවාද මැදහත් ලෙස විඳගැනීමට ඔබට ඇති නොහැකියාව ඔබම ඔප්පු කර හමාරයි , හුඟාක් අයට බටහිරට පය ගැහුවා ගමන් උපන් රටේ මිනිස්සු ජෝකර්ලා වෙනවා එක මානසික ප්‍රස්නයක් එකටනම් බෙහෙත් නැහැ ,කොපමණ දනය තිබුණත් දැසි දස්සන් හිටියත් ලෝකේ කොහේ හිටියත් අපි සැවොම මේ මිහිතලයට සේවය කරන කුලී කරුවෝ වෙමු ,අවසානෙදි අපි මේ කුණු සරීරය මිහිතලයට පොහොර වීමට ඉඩහැර අපේ ජිවිත සමුගනු ඇත . මේ සනාතන දහම බටහිර රටක දනපතියෙකු වන ඔබටත් මටත් පොදුය ,අවසාන වසයෙන් ඉහත සඳහන් බුදු වදන අනුව ඔබට හිමි තැන ඔබම තෝරා ගන්න (අ)
දුල්මිගේ අදහස අනුමත කරමි. නමුත්..........හකුරුත් හැමවෙලේම කන්න ගියාම තිත්ත වෙනවානේද........? (බ)
පිටබැද්දර ජයා මහතාට, මා ලිවුව සටහනට ඔබ උත්තර ලියා තිබුනේ වැදගත් විදිහටද?මා විසින් ලියන ලද අදහස් ඔබ මැදිහත් සිතින් විඳගත්තාද? මට බණ කීමට පෙර ඔබ නේද එය පිළිපැදියයුතු වන්නේ? මෙහි තිබු ප්‍රතිචාර උඩ සිට පහළට කියවද්දී අනෙකුත් පාඨකයනුත් ඔබගේ ප්‍රතිචාරයන්ට එතරම් කැමැත්තක් තිබු බව පෙනෙන්නට නොතිබූ නිසා සටහනක් තබන්නට සිතුනා.මා ඔබට පැහැදිලි ඊර්ෂ්‍යා කරනවා කිවුවේ ඔබ මා ගැන මොනවා දැනගෙනද?බුදු බණගැන ඔබ කියා මා දැනගත යුතු නැහැ.චන්දී නමින් සිටි කෙනෙකුත් ඔබට පොහොර දැම්මේ ඇයිදැයි නොදනිමි.කාන්තාවකට වැදගත් විදිහට කතාකිරීමට ඔබ පළමුව දැනගත යුතු වෙනවා.ධනපති හෝ දුප්පත් බව නොවෙයි මෙතන ප්‍රශ්නය වී තිබෙන්නේ.අද මට තිබෙන ධනය හෙට ඔබට තිබෙන්නට පුළුවන්.මා ජීවත්වෙන රටේ පිරිමි පක්ෂය "ලේඩීස් ෆස්ට්"කියා කාන්තාවන්ට ගරුකරන විදිහ මතක්වෙද්දී මට ඔබ ගැන දැනෙන්නේ කණගාටුවකි. ඔබට මගේ සටහන ගැන ප්‍රියක් නොවේනම් එය වැදගත් ලෙස කියයුතුව තිබුනා නේද? මෙතන තිබෙන්නේ හැදියාව පිළිබඳ ප්‍රශ්නයක් බැවින් අප තථාගත බුදුපියාණන්ව මැදිහත් කර නොගන්නා මෙන් ඉතාමත් ගෞරවපුර්වකව ඉල්ලා සිටීමට කැමැත්තෙමි.ඔබට තෙරුවන් සරණයි. (නි)
ඕකේ අනිත් පැත්තත් වෙනවා. මම වැඩකරපු තැනක පඩියට අමතරව ලොකු පඩියක් දීලා කෙනෙක් ඉවත්වෙලා එයාට නඩුත් දාලා ලංකාවට ආවේ (නි)
ජයනාත් මල්ලි ලියන්න දිගටම, ඔයාගේ කොමෙන්ටු වලත් රසයක් තියෙනවා..කැමති අයත් ඉන්නවා ඒවා කියවන්න..නම දැම්මා කියල රූපා අක්ක තරහ වෙන එකක් නෑ (රේ්)
පද්මි, ඔයාට රිදුනද? එහෙනම් අනේ මීටපස්සේ අපි රූපවති අමතක කරලා ඔයා ගැන ලියන්නද? ඕකට තමයි පැහැදිලි ඊර්ෂ්‍යාව කියන්නේ. අපි රූපවති ගැන ලිවුවේ එයාගේ අදහස් විවිධාකාර නිසා. අනික එකම තැන පල්වෙන්නත් රූපවති කැමති නැහැ.සුහදශීලියි, සංවේදියි. මේ කියන ගුණාංග තමයි එයා ගැන ලියන්න හේතුව (නි)
මේ සමහර නම් වලින් අදහස් තියෙන්නේ කාට හෝ පහරදෙන්න විතරයි. ජයනාත්, පිටබැද්දර ජයා ඔයාලා හොඳට බලන්න සමහර දෙනා ලියන්නේ මොනවටද කියලා. අපි ලියන දේ පළකිරීමට සුදුසු නම් අපේ කතෘතුමා අවසරය දෙනවා එය පළකිරීමට. ඉතින් ඇයි මේ සමහර දෙනා ක්‍රෝධයෙන්,වෛරයෙන් වගේ බෙරිහන් දෙන්නේ?අකමැති අදහස් කියවීමෙන් වළකින්න (නි)
මෙතන මතගැටුම් වලට ඇදිලා නැත්තේ ස්වාධීන අදසක් පුවතට අදාලව ලියා පාඩුවේ කරබාගත් පාඨකයන් පමණක් බව පැහැදිලියි. (නි)
ඔන්න වික්‍රමබාහු මහතා රුපලට නිදහසේ වැඩකරන්න නීතිය හදන්න උදවු කරනවා කියන්නේ.(රේ)
චන්දි, ගණන් ගන්න එපා. (ර)
ජයා, ඔබ හරි. ඒක තමයි පැහැදිලි ඊර්ෂ්‍යාව කියන්නේ. මේ පද්මෙන් කියන්නෙත් පද්මි කියන්නෙත් එක්කෙනෙක්ද මන්දා. වැඩිය අදහස් දමන අයත් නෙමෙයි වගේ (නි)
අයියෝ ඉස්සර නම් අපි අදහස් කියවන්නේ ආසාවෙන්.දැන් මේ එක් කෙනෙක්ගේ නමක් අල්ලාගෙන ළිඳ ළඟ වගේ. මුහුණුපොත හෝ චැට් සයිට් එකකට යන්නේ නැතුව මේකේ ඕවා කරන එක හරි නැහැ. (නි)
කාලෙකින් කියවපු හොඳ කතාවක් (නි)
මේ කතාවේ එන කෙනා කරපු වැඩේ මම නම් අනුමත කරන්නේ නැහැ, ඉන් මුළු ලාංකිකයන්ටම නරක නාමයක් (බ)
හරිම මන්දවිකයි අනේ (ම)
හොඳ කතාවක් (නි)
ජයනාත්, ඉතා නිහතමානි කෙනෙක් වගෙයි පෙනෙන්නේ.මෙතන රූපවතීගේ වැරැද්දක් මට පේන්නේ නැහැ.එයාට හිතෙන දේනේ ලියන්නේ.මාත් පිටරටක ජීවත්වෙන කෙනෙක්.ලංකාදීපය මොනතරම් සේවයක්ද නොමිලේම අපට සපයන්නේ.අපගේ තනිකම මකා ගැනීමට,සිංහල අකුරක් ලියන්නට,කියවන්නට ලැබීම මොනතරම් භාග්‍යයක්ද ....?රූපවතීව විහිළුවකට බාරගෙන කේවට්ටකම් කරපු සමහර අය නිසා පාඨක සබාව ටිකක් නොසන්සුන් වෙන්න ඇති.කමක් නැහැ වැරදි හදාගෙන හැමදෙනාම සතුටෙන් ඉඳිමු.විශාල වියදමක් දරා අප වෙනුවෙන්ම සේවයට කැපවූ ලංකාදීපයටත්,එහි කතෘ මණ්ඩලයටත් හද පිරි ස්තුතිය පිරිනමමි. (නි)
පුදුම මොළකාරයෙක් කියලා නම් කියන්න බැහැ. මට නම් තේරෙන විදිහට මේක "කපටිකමකි". මොකද මේ කතාවේ හැටියට මොහු තමන්ගේ පඩියේ වෙනසක් නොවීම ගැන හොඳට දැනගෙන නේද කැමැත්තෙන් වැඩේ බාරගත්තේ. හෘද සාක්ෂියට එරහිව වැඩක්.. (නි)
රුපවතීගේ නම නිතර ලියවුනාට මොකද. එහෙනම් අර පසුගිය කාලයේ පිවිතුරැ යහපාලගේ නම අපේ කට්ටිය උදේ හවා සාදරයෙන් මතක් කලේ (රේ)
එහෙම බැලුවොත් ඉතින් එකම කට්ටිය කොමෙන්ටු දාන එකත් තිත්තයි කියයි තව ටික දවසකින් (රේ්)
චන්දි 2015-10-21 12:42:07; මගේ කොමොන්ට් එකක් නොවෙයි. කවුද හොරෙන් දාලා (රේ)
අනේ අම්මපා මෙහෙමත් වැඩ! (නි)
චන්න, නියම කතාව. තව ලියන්න. ඔය එක එක්කෙනා ලියන ඒවා ඔහේ ලියපුවාවේ. (නි)
ඔය තුන් හතර දෙනෙක් ලිඳ ළඟ චැට් එක දාගෙන හිටපුදෙන්. අපි අපේ ගමන යමු මචන්.(අ)
අනේ අර එක කාලයක් වගේ මෙතන ආයෙමත් ආරවුල් ගේන්න එපා.., තම හිතවතුන්ගෙන් දුවා දරුවන්ගෙන් ඈත්වෙලා ඉන්න අපිට තියෙන ලොකුම සතුට මේ එසැන තීරුවයි.., මගේ නමිනුත් අදහස් දාල තිබුන මම ගණන් ගත්තේ නැහැ ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනී අනුන්ගේ හිත රිදවල පුරුදු කෙනාට ඒක නොකර බැහැ (අ)
තවත් පැත්තකට මේ වගේ දේවල් වෙන්නේ මේ රටවල්වල සමහර ආයතනවල තමන්ගේ සේවකයින්ට කරන අපරාද නිසයි. විශේෂයෙන් දකුණු ආසියානු සේවකියින් මේවගේ ප්‍රශ්නවලට වැඩියෙන් ගොදුරු වෙමි. හොඳ කතාවක් මතක්වෙනවා. එක්තරා මැදපෙරදිග රටක සත්ව උද්‍යානයකට දකුණු ආසියාවෙන් සිංහයෙක් ගෙනාවලු. පළමුවෙනි දින සිංහයාගේ දවාල් කෑමට ඔහුට ලැබුනේ කෙසල් ගෙඩි දෙක්කුත් කඩල ටිකයි. පුදුමයට පත්වූ සිංහයා වැරදීමක් වෙන්න ඇති කියා හිතාගන සරිලන කෑම එනකල් බලා සිටියත් රාත්‍රී කෑමත් ඔහුට ලැබුනේ දවාලට ලැබුණ දේමලු. කෝපයට පත්වූ සිංහයා උස හැඳින් තමන්ට කෑම දෙන සේවකයාගෙන් "නුඹ දන්නවද මම කව්ද කියල..මම සිංහයෙක්. වන රජෙක්. මාව කව්ද කියල හිතලද ඔයාල මට කෙසෙල් සහ කඩලින් සප්පායම් කරන්නේ?" සේවකයා හිමින් කිව්වලු "වන රජාණනි මා දන්නවා ඔබ කව්ද කියල. නමුත් ඔබ සිංහ රජෙක් වුණට මේ රටටඇවිත් ඉන්නේ වඳුරු වීසා එකකින් . එනිසා අපේ ආයතන නීති රීති අනුව ඔබට ලැබෙන්නෙත් වන්දුරකුට ලැබෙන ප්‍රතිලාබ පමණි. (අ)
ඔහුට ලැබුණ අවස්ථාව ඔහුත් එක්කම අවසන්. ඔවැනි වැඩ නිසා අපට ලැබෙන්නාවූ සුලු හෝ සහනයන්ද කපා හැරෙනවා. (අ)
ජයා,චන්දී,මගේ නම පද්මී නොවෙයි පද්මිනී.මේ නමින් ගොඩක් දෙනෙක් ඉන්න නිසා තමයි කෙටි කරලා ලිවුවේ.පද්මෙන් කියන්නේ කවුද කියා මම දන්නේ නැහැ. මම මොකටද කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ.ඇස් ගෙඩි දෙක ඇරලා හොඳට මා ලිවුව සටහන කියවා බලන්න.ඔයගොල්ලෝ වාගේ පැය ගානට වැඩ කරන අයගෙන් මා ගැන මට ලියවා ගන්න ඕනෑ නැහැ.මා ඉන්න බටහිර රටේ ,ඔය දෙන්නාව මට තවත් ජෝකර්ලා දෙන්නෙක් විතරයි. (නි)
රුපවති කියන්නේ මේ තීරුවේ ගොඩක් පරණ කෙනෙක්., ඉතින් අපි කවුරුත් ඇයට ආදරෙයි, ඒකයි නිතර එයා ගැන ලියන්නේ ඒ ගැන මේ සභාවේ කවුරුවත් හිත නරක් කරගන්ෙන් නෑ (අ)
අනේ මන්දා මාතෘකාව පැත්තක රුපවති කෙනෙක් අල්ලාගෙන ප්‍රතිචාර දානවා.