පැරණි ජන සමාජයේ කයි කතාන්දර ඕපාදූප බහුලව පැවති බවට පැරණි පොත පත එළිදරව් කරයි. වාර්තමානයේ තාක්‍ෂණය දියුණු නිසා දුර ඈත පළාතකට පවා ඕපාදූප පැතිරවීමට පහසුකම් සැලසී ඇත.
නගරයෙන් ඈත් වූ පුංචි ගම්මානයක වෙසෙන සිරිමල් අයියා ගමේ සිදුවෙන ඕනෑම සිද්ධියක් එක දෙක කර කියා පෑමට දක්‍ෂයෙකි. එහි ඵල විපාක හෝ, යහපත අයහපත ගැන කිසිසේත්ම නොදන්නා සිරිමල් වැඩිපුර කාන්තාවන් සමග කතාබහට කැමැත්තක් දක්වයි.
ගමේ කෙල්ලන් කොල්ලන් අතර පවතින රහස් කතා සොයා යාමට සිරිමල් දක්‍ෂයෙකි. සමහරු සිරිමල් අයියා හමු වී සමහර රහස් දේ හාර හාරා විමසා අපූරු වින්දනයක් ද විඳ ගනිති. ඔහු රසකර කියයි.
ඒ ගමේම උපන්දා සිට වාසය කරන පියවතී ලියන්න කියන්න උගත් මැදිවියේ පසුවන අවිවාහක කාන්තාවකි. තම මවගේ විශ‍්‍රාම වැටුපෙන් දිවි ගෙවන ඇය විදේශ රැකියාවක නිරතව පැමිණ සිටී. ගමේ කා සමඟත් සුහදව ගත කර ඇය නිතරම ජංගම දුරකථනයක් අතැතිව සිටින්නීය. ගමේ සමහරුන්ට උදව් උපකාර කිරීමට ඉදිරිපත් වන අවස්ථා ද ඇත.
පසුගිය දින පැවැති අධික වැසි හේතුවෙන් ගංවතුර ගැලීම නාය යෑම්වලින් බොහෝ පිරිසක් ආපදාවට ලක්වූහ. මේ දිනවල සිරිමල් ගේ බිරිඳ දඹුල්ලේ දුවගේ නිවෙසට ගොස් සිටියාය.
රටේ තොරතුරු අසා සිරිමල් අයියා පියවතී සොයා ගියේ බිරිය ගැන තොරතුරක් දැන ගැනීමේ අටියෙනි.
අනේ පියවතියේ දඹුල්ලේ ඉන්න දුවගේ ගෙදරට මගේ උන්දැ ගියා එහෙ ගංවතුර ගලනවා. මේ අංකයට කතා කරලා ඒකිගේ තොරතුරක් දැන ගන්න බලපන්කෝ.
පියවතී එම අංකයට කතා කළාය.
සිරිමල් අයියේ දඹුල්ල පැත්තේ වැව් උතුරලා ගෙවල් යටවෙලා අක්කා ගෙදර නැහැ කිව්වා. පියවතී ලද තොරතුරු කෙටියෙන් පැවසුවාය. සිරිමල් ඒ වචන ටික ඇසූ සැනින් නිවසට දිව ගියේය. යන අතර මඟ හමුවන හිතවතුන්ටත් ”අනේ මගේ ගෙදර ගෑනි වතුරේ ගිහින්” කියමින් නිවෙසට ගොස් නිවෙසේ සිටි දරුවන්ට ද ඒ බව කීවේය.
කවුරුත් කඩි මුඩියේ එක් වී වෑන් රථයක් කතා කරගෙන දඹුල්ලට යන්න පිටත් වූහ. වෑන් රථයට කවුරුත් එක සමව ගෙවීමට තීරණය කළහ.
දඹුල්ලේ දියණියගේ නිවෙස අසලට ළඟා වන විට කාගේත් හදේ ගැස්මක් ඇතිවිය. වයලට්ට මොකද වුණේ වතුරේ ගිහින් මැරිලා මළකඳ සොයා ගත්තද? යන අදහස් එකි නෙකා කොඳුර කොඳුරා කියන්නට වූහ.
නිවසේ මිදුලට ගිය වාහනය නතර කරන්නට විය. හෙමින් හෙමින් වෑන් රථයෙන් බිමට බැසීමට කවුරුත් වගබලා ගත්හ.
වයලට් අක්කා නිවසේ දොරෙන් එළියට පැමිණි වෑන් රථය අසලට පැමිණියාය.
කවුරුත් මූණෙන් මූණ බලාගත්හ. සිරිමල්ට මහත් ලැජ්ජාවක් ඇතිවිය. කාටත් සිදුවී ඇති දේ ගැන වැටහී හමාරය. ඒ පිරිසේම කීප දෙනෙක් කිව්වේ ”අනේ අපට වෙච්ච දෙයක්” වයලට් අක්කාගේ තේ සංග‍්‍රහය භුක්ති වින්ද ගමේ පිරිස සමඟ වයලට් අක්කාද ගමට ආවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම දිග කතාවක් !! ගංවතුර කාලෙට ගැලපෙනවා (ස)
ඔන්න කනෝ පිනුම්. පේනවනම් බලපන් කිවිවලු.(නදී)
හරිම හාස්‍යෝත්පාදකයි..... අඩු අධ්‍යාපනය, මන්ද මානසිකත්වයට හොද උපහැරණයකි...........! (ස)
හරි ෂෝක්. අපිට නම් හරියට හිනායනවා. (නි)
හොඳට හිනා වුණා (ස)
කාන්තාවන්ටයි හැදි මිටේ නුවන කිව්වේ. පිරිමින්ට ඒකෙන් භාගයක්වත් දැං නැති වගෙයි පේනේ..!(නු)
දැන් අපේ රටේ ඉන්න තරමක් ඉන්නේ සිරිමල්ලා තමයි. (නි)
කරන්න තිබ්බේ එමින් ගමන් සිරිමල් අයියාව මගින් බස්සලා එන්න. (නි)
පියවතී අක්කගේ දුරකතනය කීයකටද විකුණන්නේ? (නි)
අනේ පවු, මුළු ගමේම මිනිස්සු රැවටුණා. ගෑණිව එක්ක එන්න කරපු උප්පරවැට්ටික්නේ ඕක. (නි)
මිනිහට මුලින් ඇතිවෙන්න ඇත්තෙ දුකක්ද,සතුටක්ද ? එතකොට පස්සෙ? (නි)
ඕපදූප හොයපු සිරිමල් අයියට ලැබුණු රස තෑග්ගක්. (නි)
ඕක නම් හදපු කතාවක් වගේ... මේ කාලෙ නම් ඔය වගේ අය අඩුයි..!(නු)
දෝහා තමයි දවසේ කියමන කිවුවේ. (නි)
හොඳයි (ස)
නියමයි. ෂෝක් කතාව. (නි)
මන්ද මානසිකත්වයට හොද උපහැරණයකි...........! (ස)
ඕක ගම අලු කරන්න කරපු ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් (ස)
සිරිමල් අයියලා වගේ අය තව කොච්චර නම් ලෝකයේ ඇද්ද? (නි)
හාවා ලෝකය පෙරළෙනවා කිවුවා වගෙයි. (නි)
සිරිමල් අයියා තවම හොද හෝටලයකින් කාලා නැහැ වගෙයි. (නි)
මට කෝපි කඩේ නාට්‍යයේ අබිලින් ගොයියව මතක් වුණා. (නි)
ෂෝක් කතාවක්. (නි)