පස්දුන් කෝරළයේ පිටිසර ගමක ජීවත්වූ පියරත්න මුදලාලි විශ්‍රාමික තැපැල් සේවකයෙකි. තැපැල් පියා කීවොත් ගමේ අස්සක් මුල්ලක් නෑර ඔහුව නොදන්නා කෙනෙකුද නැත. රැකියාවෙන් ලද වෙහෙස නිසාම විශ්‍රාම ගියා මිස ඔහුට සැලකියයුතු වයසක්ද නැත.

ගෙදරටවී කාලය නිකම්ම ගෙවා දැමීමට කම්මැලි වූ තැපැල් පියා නිවසේම පැත්තක අටවාගත් කඩ කෑල්ල හේතුවෙන් පියරත්න මුදලාලි බවට පත්විය. ගම්වාසීන්ට ඇවැසි දෑ අලෙවි කරනවා මෙන්ම ගොවියාගෙන් අඩු මිලට ගන්නා භාණ්ඩ වැඩි මිලට විකුණා මුදල් ඉපැයීමද පියරත්න මුදලාලි වාසියක් කර ගත්තේය.
ඒ ගමේම ජීවත්වූ නූගත් ගැමියෙකුගේ පුතුන් දෙදෙනෙකි. වැසි දිනකටවත් පාසලකට නොගිය ගැටවර වියේ පසුවන මේ අයිය මලෝ දෙදෙනාගෙන් වැඩිමලා චප්පාය බාලයා කටුකයියාය. කෑමට මස් තිබුණත් ඔහු සොයන්නේ කටුය. ඒ නිසාම කටුකයියා කියා නම තැබුවේ ඔහුගේම පියාය. මේ දෙදෙනාගේ විශේෂත්වයක් ඇත. ඒ බිම් කරුවල වැටෙද්දී දෙන්නාටම ඇස් පේන්නෙ නැත. ඒ පරම්පරාවේ හැටිය. නමුත් අතට අසුවනදේ සොරකම් කිරීම ජන්ම පුරුද්දය.
දිනක් පියරත්න මුදලාලි හමුවූ චප්පා හා කටුකයියා මුදලාලි පුවක් ගන්නවාද කියා විමසීය. මේ දිනවල පුවක් මිල බල්ලාට ගියත් ගත්තොත් අවාරයට ඉහළ මිලකට දෙන්න හැකි බව මුදලාලිට සැනෙකින් සිහියට ආවාය. වචනය පිටවෙන්නටත් පෙර පුවක් ගෝනියක් මුදලාලි සතුවිය.
මුන් දෙන්නාට ගොම්මනට ඇස් නොපෙනෙන බව දන්නා මුදලාලි ඔවුන්ලවාම වත්ත පහළ වෙල් යායේ ලොකු වළක් හාරා ගත්තේ පුවක් මඩ පුවක් කිරීමටය. මේ හෝඩුවාව කණවැකුණු ගැමියෝ මුදලාලිට දොස් නැගීය. මුදලාලි මේ කරන වැඩෙන් අපේ පුවක් ගහක ගෙඩියක් තියා ගන්න බැහැ. අරුන් දෙන්නා තමයි මේ කරන්නේ. මුදලාලිට චෝදනාවක් නැගින. උඹලට ඔල්මාදෙද? පුවක් කඩන්න ඔවුන්ට රෑට ඇස් පේනවද? මුදලාලි ඔවුන් නිදොස්කොට නිදහස් කෙරිණි.
කලක් ගතවී පුවක් අවාරය ආවේය. මුදලාලිට මඩ පුවක් මතකයට ආවේ ටවුමේ පුවක් මිලට ගන්නා කඩය අසල සිටි චප්පා සහ කටුකයියා දැකීමෙනි. මුන් දෙන්නා මොකද මෙහෙ කරන්නෙ. එහෙනම් දැන් මට පුවක් දෙන්නැති හේතුව මේකයි. හිටපල්ල උඹලට හොඳ වැඩක් කරන්නම්. ගම්මුන්ට කියනව තොපි තමයි පුවක් හොරු කියලා.
එසේ සිතූ මුදලාලි ගෙදරට පැමිණ ඔහුගේ මඩ පුවක්වළ බලන්න ගියේය. පුවක් අසුරා කට ගැට ගසාවළට දැමූ ගෝනි පහ නිරුපද්‍රිතව දැකීමෙන් සතුටින් ඉපිලුණු මුදලාලි වහාම තොග වෙළෙන්ඳා කැඳවිය. වෙළෙන්දාගේ අනින් පුවක් ගෝනි පහ වළෙන් ගොඩවිය. කොහොමද දන්නෑ බඩු ලිහල බලමු. වෙළෙන්දා විමසීය. ප්‍රශ්නයක් නැහැ මේවා සුපිරි බඩු කිවු මුදලාලි ගෝනි කට ලෙහීය. දෙයියන්ට ඔප්පු වෙච්චාවේ එහි තිබුණේ ගල්කැට ගොඩක් හා දහයියා පිරවූ ගෝනිය.
මුදලාලිට තරු විසිවිණ. වහා චප්පා සහ කටුකයියා සොයා ගම පීරුවත් ඔවුන්ට සොයාගත නොහැකි විය. එහෙත් ගැමියෙකු නම් කීවේ මුදලාලිට ඔල්මාදෙද ඕක කරන්න ඔවුන්ට රෑට ඇස් පේනවද කියාය.
(බුලත්සිංහල විශේෂ ලක්මි කුඩලිගම)
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රෑට ඇස් නොපෙනෙන දෙන්නා මුදලාලිගේ කනෙන් රිංගලා