(මාවතගම - කාන්චනමාලා බණ්ඩාර)
ටෙලිනාට්‍යයක් සඳහා රජ ඇඳුම් ඇඳ රාජ චරිතය රඟපෑ නළුවාට සිදු වූ අකරතැම්බයක් නිසා රජ ඇඳුමින්ම නගරයේ කාර්යාලයකටත් තම නිවස වෙතත් යාමට සිදු වූ රසවත් සත්‍ය සිදුවීමක් කුරුණෑගල නගරයෙන් වාර්තාවිය.
ඔහු 60 හැවිරිදි වූවත් මනා තේජස් පෙනුමින් යුතු කලාකාමී පුද්ගලයෙකි. නාට්‍ය රඟපෑමට වැඩි රුචියක් දැක් වූ නිසාම තම යහළුවකුගේ මාර්ගයෙන් ටෙලි නාට්‍යයක රජකෙනකුගේ චරිතයක් රඟපෑමට ඔහුට අවස්ථාව උදාවිය. දැඩි සතුටට පත් මොහු පුහුණු කටයුතු අවසන් වී නාට්‍ය රූගත කරන දිනයේ රාජ ආභරණ, ඇඳුම් සියල්ල ගමන් මල්ලේ අසුරාගෙන නියමිත ස්ථානයට පැමිණියේය.
අසන විහාරස්ථානයේ යාබඳව පිහිටි ගලමතදී ඔහු රාජචරිතයට පණ දුන්නේය. රූගත කිරීම් අවසානයේ ඔහු රජ ඇඳුම් ගලවා තම ඇඳුම් සෙව්වේ නගරයේ කාර්යාලයක මිත්‍රයකුගෙන් හදිසියේ ආ දුරකතන ඇමතුමක් නිසාය. එම දුරකතන ඇමතුමෙන් පැවසුවේ ඔහුගේම අවශ්‍යතාව ඉටුකර දෙන්නට නගරයේ කාර්යාලය වෙත වහා පැමිණෙන ලෙසය.
වහා කලිකම ඇඳගත් ඔහු තම කමිසය සෙව්වේ තිබූ තැන නොතිබූ නිසාය. විහාරස්ථානයේ කුඩා කොලුවෙක් තමා දෙසට දිවඑන අයුරු ඔහු දුටුවේය. “සර්, සර්ගේ අර ගහේ එල්ලලා තිබුණ කමිසෙ රිලව් වගයක් ගෙනිහිල්ලා කීතු කරලා....”
සුසුමක් හෙළු නළුවා.. වෙනත් කළයුතු දෙයක් නැති තැන තම කලිසමට උඩින් රජ චරිතයේ කමිසය ඇඳගත්තේය.
දිස්නය දීමට පබලු හා රිදී, රන්, පාටවලින් අලංකාර කරන ලද රාජ කමිසය ඇඳගෙනම ඔහු නගරයේ කාර්යාලය වෙත ගියේ වෙනත් කිසිවක් කළ නොහැකි නිසාමය.
කාර්යාලයේ සේවක සේවිකාවන් ඔහු දෙස විමතියෙන් බලන්නට වූයෙන් තම යහළුවාට සියල්ල පැවසීය.
“අලුත් ෆැෂන් එකක්” යාළුවා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ.(හේ)
විශ්වාස කරන්නත් අමාරුයි මෙහෙම පාරේ ගියා කිවුවහම (නි)
ඔය ක්ෂේත්‍රයේ ඔය වගේ දේවල් බොහෝ වෙලාවට සිද්ධ වෙනවා.(ම)
කෙසේ හො ඔහු තම රාජකාරිය ඉටු කිරීම නොදැක එය අගය නොකකර කමීස ගැනීමට සාප්පු ගැන කතාකරන්වා මේක තමයි කුහකත්වය. (ර)
ගමගේ මහතාගේ ප්‍රකාශයට මමත් එකඟයි. නිවැරදිම ප්‍රකාශය එයයි. (නි)
අපේ ඉතිහාසයේ රජවරු රටේ තොරතුරු සෙවීමට රජ ඇඳුම් ගළවා විවිධ වෙස්ගෙන රට පුරා සැරිසැරූ හැටි ඕනෑතරම් තියෙනවා. (නි)
ඒ අහිංසකයට ඕක ඇබැද්දියක් වුනාට අපේ සමහරු ඉන්නවනේ රජකමින් පහ වෙලා ගිහිල්ලත් තවම රජ ඇඳුම් ඇඳගෙනම ඉන්න වළිකන. (බ)
ඇයි කමිසයක් ගන්න කඩයක් නැද්ද ඒ පැත්තේ ????(හේ)
ඇයි කමිසයක් ගන්න කඩයක් නැද්ද ඒ පැත්තේ ??(හේ)