IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


රජ ඇඳුම් ඇඳ කාර්යාල සේවයට ගිහින්

(මාවතගම - කාන්චනමාලා බණ්ඩාර)
ටෙලිනාට්‍යයක් සඳහා රජ ඇඳුම් ඇඳ රාජ චරිතය රඟපෑ නළුවාට සිදු වූ අකරතැම්බයක් නිසා රජ ඇඳුමින්ම නගරයේ කාර්යාලයකටත් තම නිවස වෙතත් යාමට සිදු වූ රසවත් සත්‍ය සිදුවීමක් කුරුණෑගල නගරයෙන් වාර්තාවිය.


ඔහු 60 හැවිරිදි වූවත් මනා තේජස් පෙනුමින් යුතු කලාකාමී පුද්ගලයෙකි. නාට්‍ය රඟපෑමට වැඩි රුචියක් දැක් වූ නිසාම තම යහළුවකුගේ මාර්ගයෙන් ටෙලි නාට්‍යයක රජකෙනකුගේ චරිතයක් රඟපෑමට ඔහුට අවස්ථාව උදාවිය. දැඩි සතුටට පත් මොහු පුහුණු කටයුතු අවසන් වී නාට්‍ය රූගත කරන දිනයේ රාජ ආභරණ, ඇඳුම් සියල්ල ගමන් මල්ලේ අසුරාගෙන නියමිත ස්ථානයට පැමිණියේය.


අසන විහාරස්ථානයේ යාබඳව පිහිටි ගලමතදී ඔහු රාජචරිතයට පණ දුන්නේය. රූගත කිරීම් අවසානයේ ඔහු රජ ඇඳුම් ගලවා තම ඇඳුම් සෙව්වේ නගරයේ කාර්යාලයක මිත්‍රයකුගෙන් හදිසියේ ආ දුරකතන ඇමතුමක් නිසාය. එම දුරකතන ඇමතුමෙන් පැවසුවේ ඔහුගේම අවශ්‍යතාව ඉටුකර දෙන්නට නගරයේ කාර්යාලය වෙත වහා පැමිණෙන ලෙසය.


වහා කලිකම ඇඳගත් ඔහු තම කමිසය සෙව්වේ තිබූ තැන නොතිබූ නිසාය. විහාරස්ථානයේ කුඩා කොලුවෙක් තමා දෙසට දිවඑන අයුරු ඔහු දුටුවේය. “සර්, සර්ගේ අර ගහේ එල්ලලා තිබුණ කමිසෙ රිලව් වගයක් ගෙනිහිල්ලා කීතු කරලා....”


සුසුමක් හෙළු නළුවා.. වෙනත් කළයුතු දෙයක් නැති තැන තම කලිසමට උඩින් රජ චරිතයේ කමිසය ඇඳගත්තේය.


දිස්නය දීමට පබලු හා රිදී, රන්, පාටවලින් අලංකාර කරන ලද රාජ කමිසය ඇඳගෙනම ඔහු නගරයේ කාර්යාලය වෙත ගියේ වෙනත් කිසිවක් කළ නොහැකි නිසාමය.


කාර්යාලයේ සේවක සේවිකාවන් ඔහු දෙස විමතියෙන් බලන්නට වූයෙන් තම යහළුවාට සියල්ල පැවසීය.


“අලුත් ෆැෂන් එකක්” යාළුවා කීවේය.



අදහස් (0)

රජ ඇඳුම් ඇඳ කාර්යාල සේවයට ගිහින්

ධනුජ Tuesday, 05 April 2016 06:52 AM

අයියෝ.(හේ)

:       0       0

සරත් Monday, 04 April 2016 09:49 PM

විශ්වාස කරන්නත් අමාරුයි මෙහෙම පාරේ ගියා කිවුවහම (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 05 April 2016 02:10 AM

ඔය ක්ෂේත්‍රයේ ඔය වගේ දේවල් බොහෝ වෙලාවට සිද්ධ වෙනවා.(ම)

:       0       0

මරදාන ගමගේ Tuesday, 05 April 2016 09:25 AM

කෙසේ හො ඔහු තම රාජකාරිය ඉටු කිරීම නොදැක එය අගය නොකකර කමීස ගැනීමට සාප්පු ගැන කතාකරන්වා මේක තමයි කුහකත්වය. (ර)

:       0       0

ගංගා Sunday, 17 April 2016 02:34 PM

ගමගේ මහතාගේ ප්‍රකාශයට මමත් එකඟයි. නිවැරදිම ප්‍රකාශය එයයි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 06 April 2016 01:16 AM

අපේ ඉතිහාසයේ රජවරු රටේ තොරතුරු සෙවීමට රජ ඇඳුම් ගළවා විවිධ වෙස්ගෙන රට පුරා සැරිසැරූ හැටි ඕනෑතරම් තියෙනවා. (නි)

:       0       0

උපාලි Friday, 08 April 2016 01:57 PM

ඒ අහිංසකයට ඕක ඇබැද්දියක් වුනාට අපේ සමහරු ඉන්නවනේ රජකමින් පහ වෙලා ගිහිල්ලත් තවම රජ ඇඳුම් ඇඳගෙනම ඉන්න වළිකන. (බ)

:       0       0

වසන්ත Tuesday, 05 April 2016 06:14 AM

ඇයි කමිසයක් ගන්න කඩයක් නැද්ද ඒ පැත්තේ ????(හේ)

:       0       0

වසන්ත රත්නායක Tuesday, 05 April 2016 06:14 AM

ඇයි කමිසයක් ගන්න කඩයක් නැද්ද ඒ පැත්තේ ??(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1381 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1279 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site