IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


රා ගැලූමක් කළ හදියක්

දකුණු පළාතේ දිස්ත‍්‍රික් මායිමකට ආසන්න නගරයක පිහිටි එක්තරා රජයේ කාර්යාලයක සේවක මහතකුගේ මාමණ්ඩියගේ අවමඟුල් උත්සවයකට සහභාගිවීමට ගිය පිරිසකට නොසිතූ සිද්ධියකට මුහුණපෑමට සිදුවූහ. 


උදෑසන නවයට පමණ මුහුදුබඩ ප‍්‍රසිද්ධ මාර්ගයේ ගමන්ගත් පිරිස අතුරේ යන ගමක සාමාජිකයකු මගදී එකතුවීමට නියමිතව තිබිණ. 


කථිකා කරගත් ස්ථානයට බසය පැමිණිය ද මිතුරා එතැන නොසිටියේය. ඔහුුගේ ජංගම දුරකතනයට පිරිසේ සගයකු ඇමතුමක් ගත්තේය. මිතුරා තවත් විනාඩි තිහක් පමණ පමාවන බව ඔහු පැවසීය. එතෙක් සියලූදෙනා වෙරළ දෙසට ගමන් කළහ. පිරිස වෙරළට ගොස් සුළු මොහොතකින් ප‍්‍රමාද වෙනවා යැයි කී මිතුරා බසයට ගොඩ වූයේ රා ගැලූමක් ද සහිතවය. ඔහු එය ඉඩකඩ සහිත ස්ථානයක ආසනයක් යටට තල්ලූ කළේය. 


නැවත ගමන් ඇරඹූ පිරිස මළගෙදරට ළඟාවන විට පස්වරු එක පමණ වී තිබිණ. සියලූදෙනාම අවමඟුල් උත්සව අවස්ථාව සඳහා සහභාගි වූහ. ඒ වනවිට රා ගැලූම පානය කරන තැන පිළිබඳව පිරිමි සගයන් අතර එකඟතාවක් ඇති කරගත්තේය. 


පිරිස මළගෙදර සිටින අතරේ එම ප‍්‍රදේශයේ තරුණයකු පාරේ යන ගමන් බසයට එබිකම් කළේය. බසයේ පිටපසු දොරටුව අසලින් රා සුවඳක් දැනුණු තරුණයා ටිකක් විපරම් කළේය. හරස් අතට වැටී තිබුණු රා ගැලූමේ මූඩිය තරුණයා බුරුල් කළේය. පැය ගණන් ඒ මේ අත කැලතෙමින් තිබූ රා ගැලූමේ මූඩිය තරමක ශබ්දයක් ද නගමින් බසය පුරා විසිරී ගියේය. 


ඉදිරිපස අසුනක නිදාසිටි රියදුරු හා සහායකයා ඒ සමග අවදි වී බලන විට බසයේ සිටි තරුණයා පැන දිව්වේය. 


අවමඟුල් උත්සවය අවසන් වී පිරිස බසයට එන විට සම්පූර්ණ බසයේම රා ගඳ පැතිරෙමින් තිබිණ. 


පිරිමි සියලූදෙනාටම බැන වදිමින් කාන්තා පාර්ශ්වය තරහෙන් පුපුරමින් ආපසු ආවාලූ. 



අදහස් (0)

රා ගැලූමක් කළ හදියක්

රූපවතී Monday, 12 October 2015 08:13 AM

හොද වැඩේ අද රටේ පිරිමින්ට පියවි සිහියෙන් කිසිම තැනකට යාමට නොහැක..දරුවෙකුගේ මංගල උත්සවයකට දෙමාපියන්ගේ අවමගුලකට..යාලුවෙකුගේ විශේෂ උත්සවයකට ..පිරිමින්ට ගිහින් ඒ කාර්යට මුහුණදීමේ මානසික ශක්තියක් නැහැ ..මනස විකෘතිවු පරාන බාගයක් හැටියට තමයි ඒ හැම එකක් දෙසම බැලීමේ ශක්තිය ලබාගන්න බලන්නේ ..හොද වැඩේ පිරිමි බාග ටිකට ..උනුදේ මසුරන්..දහසක් වටී..??? (බ)

:       0       0

ධම්ම Monday, 12 October 2015 08:31 AM

විසිරුණු රා වල ගඳ ඉවසීමට හැකි වුවත් රා පානය කල කෙනෙකුගේ මුවින් පිටවෙන ගඳ නම් ඉවසන්න අමාරුයි. ඒ නිසා මෙහෙම වුණ එක හොඳයි. (අ)

:       0       0

සරත් Monday, 12 October 2015 11:22 PM

මොනවා වුණත් කොහොමද "රා සමඟ මඤ්ඤොක්කා". අපරාදේ! (නි)

:       0       0

ධම්ම Thursday, 15 October 2015 04:25 AM

රා බී සත පහක..වෙරිවී පනම් දහයක..වැනෙමින් රුපියලක..අහෝ! ගුටි කති පවුම් සියයක. (බ)

:       0       0

බමුණු ආරච්චි Monday, 12 October 2015 11:55 PM

රූපවතී, රා බොන කෙනෙක් නම් රා ගැන මෙහෙම කීම සාධාරණ නැත. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 13 October 2015 11:48 AM

බොරු කියන්නේ මොකෝ රා ටිකක්නම් ඉතින් මද පමණට ගන්න හැටි දන්නවා අපිත් (බ)

:       0       0

යසපාල Wednesday, 14 October 2015 07:03 AM

සුරාවෙහි ඇති රසයත් එහි ඇති මනා ගුණයත් බොන සුදනෝ මිස නොබොන අනුවන දනෝ නොදනිති (ම)

:       0       0

සිරිපාල Tuesday, 13 October 2015 01:40 AM

නිවාඩු දවසක වැව් මාලු කොච්චි සම්බල් මඤ්ඤොක්කා එක්ක ගඟක් අද්දර ඉඳගෙන රා ටිකක් බොන එකතරම් සතුටක් තවත් තියෙනවද....? (නි)

:       0       0

තිළිණ Tuesday, 13 October 2015 01:54 AM

අපරාදේ රා ටික! (නි)

:       0       0

කස්තුරිආරච්චි Tuesday, 13 October 2015 02:34 AM

ඒ වුණාට අපරාදේ ෂෝක් රා ටික! (නි)

:       0       0

අජිත් Tuesday, 13 October 2015 12:42 PM

අන්න සිරිපාල තමයි නියම කතන්දරේ කිව්වේ. ජයවේවා! (නි)

:       0       0

අනිල් Tuesday, 13 October 2015 02:47 AM

රා රා රා බොම්බියා... ඌරගස්මංහන්දියා.. කියලා ඒ කාලෙ මිනිස්සු කවියක් කියලා තියෙනවා.රා වලට ප්‍රසිද්ධයි ඌරගස්මංහන්දිය ඒ කාලෙ ඉඳලා. ඒක තමයි දැන් සිංදුවකට හරවලා තියෙන්නේ (නි)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 13 October 2015 03:46 AM

ඕක තමයි කියන්නේ කාන්තා පාර්ශය ඉන්න තැන හොර වැඩ කරන්න යන්න එපා කියල. කොහොම හරි අතටම අහුවෙනවා. (ස)

:       0       0

චන්දි Tuesday, 13 October 2015 01:10 PM

සිරිපාල ගේ කතාවට මගේ කටට කෙලත් ආවා. ඒ රා නිසා නෙවෙයි., වැව් මාලුයි, කොච්චි සම්බලුයි, මඤ්ෙඤාක්කා කන්න තියෙන කෑදර කමට. (ර)

:       0       0

ඉමේෂ් Tuesday, 13 October 2015 03:52 AM

සිරිපාලගේ කටේ ඩොලර් දාන්න වටිනවා. (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 12 October 2015 12:59 PM

රුපොවතියේ ඔය හරියට කතාව කියවලා නැතුව පිරිමින්ට දොස් කියන එක වැරදිනේ, මේ මිනිස්සු මළගෙදරින් පස්සේ බොන්නනේ රා ගැලුම බස් එකේ තියලා ගියේ. (ර)

:       0       0

ඉමේෂ් Tuesday, 13 October 2015 03:55 AM

අනිල්, අනේ දැන් නම් ඒපැත්තේ රා හොයාගන්න අමාරුයි. (ස)

:       0       0

සම්පත් Wednesday, 14 October 2015 02:41 AM

සුරාවෙහි ඇති රසයත් එහි ඇති මනා ගුණයත් බොන සුදනෝ මිසක් නොබොන්නන් කෙසේ දනිත්? (නි)

:       0       0

ප්‍රිමේෂිකා Tuesday, 13 October 2015 04:22 AM

මම නම් හිතන්නේ රියදුරා සහ සහායකයා හොරෙන් රා බොන්න ගිහිල්ලා වෙච්ච වැඩක් කියලයි. (නි)

:       0       0

රුපවතී Tuesday, 13 October 2015 02:32 PM

මම නම් කැමති මයියෝක්කයි අගුණකොල සම්බෝලේටයි. අනේ ඇත්තටම ලියද්දි කට බඩජාරිකමට ඇබුල් වෙලාගියා. අම්ම ඉද්දි අපිට හදල දෙනවා මිල කරන්න බැරි අපේ දුප්පත් ගමේ පුංචි ගෙදර කෑම මතක් වෙද්දී දුවගෙන යන්න හිතෙනවා. (ර)

:       0       0

රුපවතී Tuesday, 13 October 2015 02:34 PM

අනේ සිරිපාල අයියේ.. අපේ චන්දිට කොහෙන් හරි රා කට්ටක් හොයල ගෙනත් දෙන්න. අන්න බලන් ඉන්නවා පව්. (ර)

:       0       0

චන්දි Tuesday, 13 October 2015 02:39 PM

අනේ ඔව් සිරිපාල පුලුවන්නම් ලොකු දෙයක්., හැබැයි රජෝ මට රා නම් එපා වැව්මාලුයි,කොච්චි සම්බලුයි එක්ක කොස්, දෙල්, මඤ්ඤොක්ක, මේ මොනවා වුණත් මම කැමතියි (අ)

:       0       0

චතු Monday, 12 October 2015 03:48 PM

මමත් දන්නා කෙනෙක් ඉන්නවා දුකටත් පාටි දානවා සන්තොසයටත් පාටි දානවා .පුදුම ආශාවක් තියෙන්නේ මත්පැන් වලට.(අ)

:       0       0

ඉමේෂ් Monday, 12 October 2015 07:14 AM

හාහ් හාහ් හා නියම සිද්දිය. අපරාදේ රා ටික. (ස)

:       0       0

චතු Tuesday, 13 October 2015 04:10 PM

මමනම් කැමති හොදට හින්දපු උරු මස් එක්ක . මොකද අපිට වැව් මාළු නැති නිසා (බ)

:       0       0

ගුණවර්ධන Tuesday, 13 October 2015 04:23 PM

රුපවති නංගිටත් නිකන් ඉන්න බැහැ ,මගේ කටත් ඇවිස්සුවා අගුණ කොළ සම්බෝලේට මඤඤොක්ක කොචර රහද ? ඉස්සර අම්ම හදල දුන්නද අපිට තාමත් මතකයි නංගි හරි .

:       0       0

රූපවතී Monday, 12 October 2015 05:29 PM

චතු දන්නවද කාටද ඔය අකරතැබ්බය වෙලා තියෙන්නේ කියලා. අපේ පිටබැද්දර ජයා අයියා ටිකක් හිතේ අමාරුවට කියවන්නේ මොකද කියලා හිතන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 218 0

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 535 1

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 140 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 797 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 882 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 693 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 767 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 196 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1239 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site