දකුණු පළාතේ දිස්ත‍්‍රික් මායිමකට ආසන්න නගරයක පිහිටි එක්තරා රජයේ කාර්යාලයක සේවක මහතකුගේ මාමණ්ඩියගේ අවමඟුල් උත්සවයකට සහභාගිවීමට ගිය පිරිසකට නොසිතූ සිද්ධියකට මුහුණපෑමට සිදුවූහ.
උදෑසන නවයට පමණ මුහුදුබඩ ප‍්‍රසිද්ධ මාර්ගයේ ගමන්ගත් පිරිස අතුරේ යන ගමක සාමාජිකයකු මගදී එකතුවීමට නියමිතව තිබිණ.
කථිකා කරගත් ස්ථානයට බසය පැමිණිය ද මිතුරා එතැන නොසිටියේය. ඔහුුගේ ජංගම දුරකතනයට පිරිසේ සගයකු ඇමතුමක් ගත්තේය. මිතුරා තවත් විනාඩි තිහක් පමණ පමාවන බව ඔහු පැවසීය. එතෙක් සියලූදෙනා වෙරළ දෙසට ගමන් කළහ. පිරිස වෙරළට ගොස් සුළු මොහොතකින් ප‍්‍රමාද වෙනවා යැයි කී මිතුරා බසයට ගොඩ වූයේ රා ගැලූමක් ද සහිතවය. ඔහු එය ඉඩකඩ සහිත ස්ථානයක ආසනයක් යටට තල්ලූ කළේය.
නැවත ගමන් ඇරඹූ පිරිස මළගෙදරට ළඟාවන විට පස්වරු එක පමණ වී තිබිණ. සියලූදෙනාම අවමඟුල් උත්සව අවස්ථාව සඳහා සහභාගි වූහ. ඒ වනවිට රා ගැලූම පානය කරන තැන පිළිබඳව පිරිමි සගයන් අතර එකඟතාවක් ඇති කරගත්තේය.
පිරිස මළගෙදර සිටින අතරේ එම ප‍්‍රදේශයේ තරුණයකු පාරේ යන ගමන් බසයට එබිකම් කළේය. බසයේ පිටපසු දොරටුව අසලින් රා සුවඳක් දැනුණු තරුණයා ටිකක් විපරම් කළේය. හරස් අතට වැටී තිබුණු රා ගැලූමේ මූඩිය තරුණයා බුරුල් කළේය. පැය ගණන් ඒ මේ අත කැලතෙමින් තිබූ රා ගැලූමේ මූඩිය තරමක ශබ්දයක් ද නගමින් බසය පුරා විසිරී ගියේය.
ඉදිරිපස අසුනක නිදාසිටි රියදුරු හා සහායකයා ඒ සමග අවදි වී බලන විට බසයේ සිටි තරුණයා පැන දිව්වේය.
අවමඟුල් උත්සවය අවසන් වී පිරිස බසයට එන විට සම්පූර්ණ බසයේම රා ගඳ පැතිරෙමින් තිබිණ.
පිරිමි සියලූදෙනාටම බැන වදිමින් කාන්තා පාර්ශ්වය තරහෙන් පුපුරමින් ආපසු ආවාලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩේ අද රටේ පිරිමින්ට පියවි සිහියෙන් කිසිම තැනකට යාමට නොහැක..දරුවෙකුගේ මංගල උත්සවයකට දෙමාපියන්ගේ අවමගුලකට..යාලුවෙකුගේ විශේෂ උත්සවයකට ..පිරිමින්ට ගිහින් ඒ කාර්යට මුහුණදීමේ මානසික ශක්තියක් නැහැ ..මනස විකෘතිවු පරාන බාගයක් හැටියට තමයි ඒ හැම එකක් දෙසම බැලීමේ ශක්තිය ලබාගන්න බලන්නේ ..හොද වැඩේ පිරිමි බාග ටිකට ..උනුදේ මසුරන්..දහසක් වටී..??? (බ)
විසිරුණු රා වල ගඳ ඉවසීමට හැකි වුවත් රා පානය කල කෙනෙකුගේ මුවින් පිටවෙන ගඳ නම් ඉවසන්න අමාරුයි. ඒ නිසා මෙහෙම වුණ එක හොඳයි. (අ)
මොනවා වුණත් කොහොමද "රා සමඟ මඤ්ඤොක්කා". අපරාදේ! (නි)
රා බී සත පහක..වෙරිවී පනම් දහයක..වැනෙමින් රුපියලක..අහෝ! ගුටි කති පවුම් සියයක. (බ)
රූපවතී, රා බොන කෙනෙක් නම් රා ගැන මෙහෙම කීම සාධාරණ නැත. (නි)
බොරු කියන්නේ මොකෝ රා ටිකක්නම් ඉතින් මද පමණට ගන්න හැටි දන්නවා අපිත් (බ)
සුරාවෙහි ඇති රසයත් එහි ඇති මනා ගුණයත් බොන සුදනෝ මිස නොබොන අනුවන දනෝ නොදනිති (ම)
නිවාඩු දවසක වැව් මාලු කොච්චි සම්බල් මඤ්ඤොක්කා එක්ක ගඟක් අද්දර ඉඳගෙන රා ටිකක් බොන එකතරම් සතුටක් තවත් තියෙනවද....? (නි)
අපරාදේ රා ටික! (නි)
ඒ වුණාට අපරාදේ ෂෝක් රා ටික! (නි)
අන්න සිරිපාල තමයි නියම කතන්දරේ කිව්වේ. ජයවේවා! (නි)
රා රා රා බොම්බියා... ඌරගස්මංහන්දියා.. කියලා ඒ කාලෙ මිනිස්සු කවියක් කියලා තියෙනවා.රා වලට ප්‍රසිද්ධයි ඌරගස්මංහන්දිය ඒ කාලෙ ඉඳලා. ඒක තමයි දැන් සිංදුවකට හරවලා තියෙන්නේ (නි)
ඕක තමයි කියන්නේ කාන්තා පාර්ශය ඉන්න තැන හොර වැඩ කරන්න යන්න එපා කියල. කොහොම හරි අතටම අහුවෙනවා. (ස)
සිරිපාල ගේ කතාවට මගේ කටට කෙලත් ආවා. ඒ රා නිසා නෙවෙයි., වැව් මාලුයි, කොච්චි සම්බලුයි, මඤ්ෙඤාක්කා කන්න තියෙන කෑදර කමට. (ර)
සිරිපාලගේ කටේ ඩොලර් දාන්න වටිනවා. (නි)
රුපොවතියේ ඔය හරියට කතාව කියවලා නැතුව පිරිමින්ට දොස් කියන එක වැරදිනේ, මේ මිනිස්සු මළගෙදරින් පස්සේ බොන්නනේ රා ගැලුම බස් එකේ තියලා ගියේ. (ර)
අනිල්, අනේ දැන් නම් ඒපැත්තේ රා හොයාගන්න අමාරුයි. (ස)
සුරාවෙහි ඇති රසයත් එහි ඇති මනා ගුණයත් බොන සුදනෝ මිසක් නොබොන්නන් කෙසේ දනිත්? (නි)
මම නම් හිතන්නේ රියදුරා සහ සහායකයා හොරෙන් රා බොන්න ගිහිල්ලා වෙච්ච වැඩක් කියලයි. (නි)
මම නම් කැමති මයියෝක්කයි අගුණකොල සම්බෝලේටයි. අනේ ඇත්තටම ලියද්දි කට බඩජාරිකමට ඇබුල් වෙලාගියා. අම්ම ඉද්දි අපිට හදල දෙනවා මිල කරන්න බැරි අපේ දුප්පත් ගමේ පුංචි ගෙදර කෑම මතක් වෙද්දී දුවගෙන යන්න හිතෙනවා. (ර)
අනේ සිරිපාල අයියේ.. අපේ චන්දිට කොහෙන් හරි රා කට්ටක් හොයල ගෙනත් දෙන්න. අන්න බලන් ඉන්නවා පව්. (ර)
අනේ ඔව් සිරිපාල පුලුවන්නම් ලොකු දෙයක්., හැබැයි රජෝ මට රා නම් එපා වැව්මාලුයි,කොච්චි සම්බලුයි එක්ක කොස්, දෙල්, මඤ්ඤොක්ක, මේ මොනවා වුණත් මම කැමතියි (අ)
මමත් දන්නා කෙනෙක් ඉන්නවා දුකටත් පාටි දානවා සන්තොසයටත් පාටි දානවා .පුදුම ආශාවක් තියෙන්නේ මත්පැන් වලට.(අ)
හාහ් හාහ් හා නියම සිද්දිය. අපරාදේ රා ටික. (ස)
මමනම් කැමති හොදට හින්දපු උරු මස් එක්ක . මොකද අපිට වැව් මාළු නැති නිසා (බ)
රුපවති නංගිටත් නිකන් ඉන්න බැහැ ,මගේ කටත් ඇවිස්සුවා අගුණ කොළ සම්බෝලේට මඤඤොක්ක කොචර රහද ? ඉස්සර අම්ම හදල දුන්නද අපිට තාමත් මතකයි නංගි හරි .
චතු දන්නවද කාටද ඔය අකරතැබ්බය වෙලා තියෙන්නේ කියලා. අපේ පිටබැද්දර ජයා අයියා ටිකක් හිතේ අමාරුවට කියවන්නේ මොකද කියලා හිතන්න (නි)