කරාඹු ගෝනි දහයක් සොරා ගැනීමට පැමිණි දෙදෙනකු කරාඹු ගෝනි නොමැති නිසා එම වෙළඳසලේ තිබූ රුපියල් 430ක් වටිනා එළවළු මල්ලක් සොරාගෙන යාමේ සිද්ධියක් අරණායක පොලීසියෙන් වාර්තා වෙයි.
අරණායක පොලීසියට නුදුරු හැවිලිපිටිය නගරයේ වෙළෙඳ සළකට ඇතුළු වී ඇති සොරුන් දෙදෙනා එම වෙළෙඳසලේ හිමිකරුට අයත් කරාඹු ගෝනි දහයක් සොරාගැනීමට සැළසුම් කොට ඇත. එහෙත් වෙළෙඳසලේ හිමිකරු කරාඹු ගෝනි දහය එදින රාත්‍රියේම ඔහුගේ නිවසට රැගෙන ගොස් තිබේ.
සොරුන් දෙදෙනා වෙළෙඳසලට ඇතුළු වී කරාඹු ගෝනි සොයා ඇතත් ඒවා නොමැතිවීමෙන් ආපසු හිස් අතින් යාමට නොහැකිකමට වෙළඳසලේ තිබූ එළවළු කිලෝ හතක් පමණ බෑගයකට දමා ගෙන ගොස් තිබේ. පසුව අරණායක පොලීසිය සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කොට රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැර ඇත.
(අරණායක - ප්‍රදීප් කුමාර ධර්මරත්න)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd