(නයිනමඩම - චන්දන ප‍්‍රනාන්දු)
තමන්ගේ යහළුවකු විසින් පාරේ වැටිලා තිබී අහුලාගත් අඩු මිල ජංගම දුරකතනයක් තමන්ට ලබාදීම නිසා වසර දෙකකට පසු පොලිසි යන්නට වීමෙන් වූ අකරතැබ්බයක් පුත්තලම් දිස්ත‍්‍රික්කයේ නගරයකින් පසුගියදා වාර්තා විය.
සිද්ධිය මෙසේය.
කම්කරු රැකියාවක නිරත වූ අයකු තම රැකියාවට යන අතරතුර මාර්ගයේ කැබලි වලට වෙන්ව වැටී තිබූ දුරකතනයක් දැක එය අහුලා මෙම තැනත්තාට ලබා දී ැඅත්තේ කිසිදා දුරකතනයක් භවිතා නොකරපු නිසාය. එම පුද්ගලයාට එය මහාමෙරක් නිසා එය දන්න කියන අයකු ලවා එකලස්කරගෙන භාවිතා කර ඇත්තේ එහි සිම්පතක් නොතිබූ නිසා තමන් නමින් අලූත් සිම්පතක් ද එම දුරකතනයට දා ගනිමිනි.
මෙසේ කාලයක් ගෙවුණු පසු ඔහුට ප‍්‍රදේශයේ පොලිසියෙන් ලද කැඳවීමක අනුව එහි ගිය විට දැන ගත හැකි වී ඇත්තේ දුරකතනයේ හිමිකරු තාක්ෂණ උපකාරයෙන් ඉහත දුරකතනය භාවිතා කරන තැනැත්තා සොයාගෙන පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත කැඳවා ඇති බවයි.
ඒ හිමිකරු ගැන නොදන්නා නිසා තමන් එම දුරකතනය භාවිතා කල බවත් දැන් හිමිකරු දන්න නිසා එම දුරකතනය හිමිකරුට බාරදීමට තමන් සූදානම් බව පැවසූවත් දුරකතනයේ හිමිකරු පවසා ඇත්තේ නීතිමාර්ගයෙන්ම කටයුතු කළයුතු බවයි.
ඉතා අසරණ කම්කරු රැකියාවක් කරන තැනැත්තා තමන්ගේ දුප්පත්කම හා අසරණකම පැහැදිලි කර කෙසේ හෝ එම දුරකතනය වෙනුවෙන් අලාභය ගෙවන්න පොරොන්දු කරවාගෙන පොලිසියෙන් පිටව ගිය අතර දැන් ඔහු පාරේ වැටී ඇති කොළයක් දිහාවත් බලන්නේ නැතිලූ. යාළුවෝ දෙන දෙයක් සොයා නොබලාගන්නෙත් නැතිලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"පහත් තැනින් යයි ජලය ගලා " (බ)
දුරකතනයේ නියම හිමිකාරය තමා මෙතන දුරකතනයක් දැකල නැති කෙනෙක්ට ඉන්නේ! (බ)
මොහු මෙතැන වැරැද්දක් කරලා නෑ.(හේ)
ඇත්තටම කනගාටුයි. හැබැයි පෙර වැරදි මොනවත් නැති නම් මේ ගැන ටිකක් සානුකම්පිතව සලකා බලන්න තිබුනා. නමුත් මේ කාලයේ ලංකාවේ ඉන්න කම්බ හොරු නිසා දැන් එහෙම බලන්න මිනිස්සු පෙළඹෙන්නෙත් නැහැ. (බ)
මෙහෙමත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න මිනිස්සු අප අතර ඉන්නවානේ. පව් අහිංසක මනුස්සයා. මෙහිදී පොලිසියට තිබුන සාදරනත්වයක් ඉටුකරන්න. මට අවස්ථාවක් ලබා දෙන්නේ නම් ඒ අසරණයට දුරකතනයක් අරන් දෙන්න සුදානම්. (නදී)
පෙර වැරදි නැති නිසා සානුකම්පිතව බලන්න තිබුනා. මේ මිනිස්සු සෙල් ෆෝන් පිලිබන්ද නීතිය දන්නා උගත්තු නෙවෙයිනේ. ඒක නිදහසට කාරණාවක් නොවුනත් මොහුට අනුකම්පා කළ යුතු බව මගේ අදහසයි. (හේ)
අනේ පවු නේද? (නි)
මේ ගැටලුව මිට වඩා මානුෂිකව සළකා බලන්න තිබුණා. (නි)
සිඩ්නි හරි . (ර)