IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


යෙහෙළියගේ උපදෙස් පිළිපදින්න ගිහින් සැමියා කාමරෙන් ගිහින්

(තිහගොඩ - උපසේන ලියනගම)
නින්දෙන් ගොරෝනා සැමියාට කොරෝනාවෙන් විසඳුමක් ලබාදුන් බිරියක පිළිබඳ මේ අපූරු පුවත අසන්නට ලැබුණේ අගනුවර පැත්තේ රජයේ කාර්යාලයකිනි.


කාර්යාල කෑම මේසයේදී එක් ලිපිකාරිනියක ඇයගේ හිතවත්ම යෙහෙළියට කීවේ තම සැමියා නින්දෙන් ගෙරවීම මහා වදයක් වී ඇති බවය. “එයාට රෑටත් මාස්ක් එක (මුඛ ආවරණය) දාගන්න කියාපන්.” ඇය කීවේ විහිළුවටය.


එහෙත් ඇය ඇත්තටම එය කළාය. පසු දිනක ඇය යෙහෙළියට කීවේ “උඹ කියපු දේ හරි බං, දැන් සද්දෙ ටිකක් අඩු වුණා.” කියාය. “හරි එහෙනම් ඉතුරු ටික හරියන්න දැන් මීටරයේ දුරස්ථභාවයත් තියා ගනින්.” ඇය දෙවන උපදේශයත් දුන්නාය.


පසු දිනක යෙහෙළිය විමසුවේ “දැන් කොහොමද අර ගොරවන එක” කියාය. “දැන් නම් හොඳටම විසඳුණා බං.” ඇය කීවේ තරමක දුකෙනි. “ඇයි බං?” යෙහෙළිය ඇසුවාය. “එයා කොට්ටෙයි පොරවන රෙදි ටිකයි අරගෙන වෙන කාමරයකට ගියා.” ඇය කීමෙන් යෙහෙළියට දෙවියන් සිහි වුණාලු.



අදහස් (0)

යෙහෙළියගේ උපදෙස් පිළිපදින්න ගිහින් සැමියා කාමරෙන් ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 232 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 69 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site