(තිහගොඩ - උපසේන ලියනගම)
නින්දෙන් ගොරෝනා සැමියාට කොරෝනාවෙන් විසඳුමක් ලබාදුන් බිරියක පිළිබඳ මේ අපූරු පුවත අසන්නට ලැබුණේ අගනුවර පැත්තේ රජයේ කාර්යාලයකිනි.

කාර්යාල කෑම මේසයේදී එක් ලිපිකාරිනියක ඇයගේ හිතවත්ම යෙහෙළියට කීවේ තම සැමියා නින්දෙන් ගෙරවීම මහා වදයක් වී ඇති බවය. “එයාට රෑටත් මාස්ක් එක (මුඛ ආවරණය) දාගන්න කියාපන්.” ඇය කීවේ විහිළුවටය.
එහෙත් ඇය ඇත්තටම එය කළාය. පසු දිනක ඇය යෙහෙළියට කීවේ “උඹ කියපු දේ හරි බං, දැන් සද්දෙ ටිකක් අඩු වුණා.” කියාය. “හරි එහෙනම් ඉතුරු ටික හරියන්න දැන් මීටරයේ දුරස්ථභාවයත් තියා ගනින්.” ඇය දෙවන උපදේශයත් දුන්නාය.
පසු දිනක යෙහෙළිය විමසුවේ “දැන් කොහොමද අර ගොරවන එක” කියාය. “දැන් නම් හොඳටම විසඳුණා බං.” ඇය කීවේ තරමක දුකෙනි. “ඇයි බං?” යෙහෙළිය ඇසුවාය. “එයා කොට්ටෙයි පොරවන රෙදි ටිකයි අරගෙන වෙන කාමරයකට ගියා.” ඇය කීමෙන් යෙහෙළියට දෙවියන් සිහි වුණාලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd