IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


යතුරුපැදිය පෙරළී ඉත්තෑ මස් සිහිනය බොඳවෙලා

 

(තලාතුඔය - ටී.එච්. සරත්)
ඔහු ආරක්ෂක අංශයේ නිලධාරියෙකි. ඔහුට මිතුරන් ද රැසකි. ඉකුත් සති අන්ත සවස් යාමයේ ඔහුට දුරකතන ඇමතුමක් ලැබිණි.  එය සමීපතම මිතුරෙකුගෙනි. ඉන් කියවෙන්නේ වහාම කැලෑබද  පෙදෙසකට යාමට සූදානම්ව හැකි ඉක්මනින් යතුරුපැදියෙන් පැමිණෙන ලෙසය.


මිතුරාගෙන් ලද ඇමතුම අනුව මිනිත්තු කිහිපයකින් ඔහු සොයා මෙකී මිතුරා ගියේය. 


“මගේ යාලුවෙක් කතා කළා, දැන්ම එන්නලු. මිනිහගේ උගුලකට ඉත්තෑවෙක් අහුවෙලා” මිතුරා කීවේය.


“එහෙනම් මගෙන් අරවා බෝතලයක්...”_  අනෙකා කීවේය.


මධුවිත සමග ඉත්තෑ මස් කටගැස්ම ගැන තලු_මරමින් මිතුරෝ දෙදෙනා දුෂ්කර මඟක් ගෙවා අදාළ ස්ථානයට ළඟා වූහ.


ඔවුන් එන මඟ බලමින් සිටි කැලෑබද මිතුරා තමාගේ වගා බිමක් වෙත ඔවුන් රැගෙන ගියේය.


“ඊයේ රෑ තමා අහුවෙලා තියෙන්නේ...”_


“තවම පණ පිටින්ද?”_ අනෙකා ඇසුවේය. 


“නෑ... මැරිලා”_  “ම්හ්... ලොකු බඩුවක්...” මිතුරාගේ පිළිතුර විය.


මිය ගොස් සිටි ඉත්තෑවා පොහොර උරයකට දැමුණි. තම කැලෑබද මිත්‍රයාට මුව නොසෑහෙන සේ ස්තුතිය පළ කළ දෙමිතුරෝ ඉත්තෑ මස්වල රස වනමින් යතුරුපැදියට නැඟ ගත්තේ නිම්හිම් නැති සතුටකිනි.


මඳ අඳුර මැදින් යතුරුපැදිය පවනට බඳු වේගයෙන් ධාවනය වන්නේ පමා වුවහොත් ඉත්තෑ මස් නරක් විය හැකිය යන සිතිවිල්ලෙනි. සුවඳැති රසැති කටගැස්ම සමඟ සැර මත්පැන් ඔවුන්ගේ මනසේ  දිස්වේ. මොහොතකින් යතුරුපැදිය ලිස්සා ගොස් පෙරළී ගියේය. දෙමිතුරෝ යතුරුපැදියෙන් මහමඟට විසිවී ඇද වැටුණාහ. පොහොර උරයක දමා තිබූ ඉත්තෑවා ද විසිවී ගියේය.  


එහෙත් අවාසනාවකට මෙන් ආරක්ෂක අංශයේ මිත්‍රයා ඇද වැටුණේ ඉත්තෑවාගේ ඇඟ මතටය. ඔහුගේ බඩ පුරා ඉත්තෑකූරු ඇනී ලේ ගලන්නට විය.


ඉත්තෑවා මහමඟ කානුවකට දමා අනෙකා තම මිත්‍රයා ද රැගෙන අසළ වූ වෙද මහතකු සොයා ගොස් සිද්ධිය පවසා ප්‍රතිකාර ලබා ගත්තේය. ආපසු එන ගමනේ කානුවට දැමූ ඉත්තෑවා ගැන විපරම් කිරීමේදී බල්ලෙකු පොහොර උරය ඇදගෙන යනු දක්නට ලැබී ඇත.

 



අදහස් (0)

යතුරුපැදිය පෙරළී ඉත්තෑ මස් සිහිනය බොඳවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1587 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1379 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 491 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site