IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


යකැදුරු මාමා නිධානය ගන්න යක්ෂ වැඩක් කරලා

මියගිය සිය අත්තම්මා සිහිනයෙන් කී නිධානයක රහස මාමණ්ඩියට පැවසූ පසු මාමණ්ඩිය බෑණාට හොරෙන් නිධානය ගැනීමට ගොස් සිදුවූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.


මීට කලකට පෙර මියගිය අත්තම්මා පසුගිය දිනෙක රාත්‍රියේදී සිහිනයෙන් පැමිණ සිය මුණුබුරාට නිධානයක් පිළිබඳව පවසා ඇත. සිය නිවෙස්වලට ඉහළින් පිහිටා ඇති කඳුකර වනාන්තරයක විශාල ගල් පර්වතයක් ආශ්‍රිතව මෙම නිධානය තිබෙන බැව් සිහිනයෙන් කියැවී ඇති නිසා තනියෙන් ගොස් නිධානය හෑරීමට බියවූ මුණුබුරා මේ බැව් සිය මාමණ්ඩිය සමඟ පැවසුවේය. මාමා යකැදුරකු වූ නිසා මෙම කටයුත්ත ඉතා පහසුවෙන් කර ගැනීමට හැකිවෙනු ඇතැයිද ඔහු කල්පනා කළේය.


කෙසේ වෙතත් එම දිනවල ඇදහැළුණු අධික වැස්ස නිසා නිධානය හෑරීමට සුදුසු දවසක් එළඹෙන තුරු දෙදෙනා නොඉවසිල්ලෙන් කල් ගත කළහ.


දිගින් දිගටම වැස්සෙන් අඩුවක් නොවූ අතර මාමාද  ටිකෙන් ටික තමා මඟහරිමින් සිටින බවක් බෑණාට හැඟී ගියේය.


වැසි තත්ත්වය අඩුවූ පසුගිය දිනෙක බෑණා මාමාට නිධානයේ කටයුත්තට යෑම සඳහා යෝජනා කළේය. “අනේ බෑ පුතේ, වැස්සට තෙමිල තෙමිල ඔය ගල් කඳු බුරුල් වෙලා තියෙන්නෙ, කරුමෙටවත් ඔය ගල් කන්ද ගැලවිලා ආවොත් උඹටයි මටයි වෙන්නෙත් නිදන්ගත වෙන්න”යි කියමින් මාමා වැඬේ මඟහැරියේය.  


මෙසේ දිගින් දිගටම මාමා මෙම කටයුත්ත මඟහරින නිසා බෑණා වෙනත් හිතවතුන් දෙදෙනෙකු කතාකරගෙන අවශ්‍ය අඩුම කුඩුමද රැගෙන නිධානය ගැනීමට ගොස් ඇත.


ඒ අනුව නිධානය ඇතැයි අත්තම්මා කියූ පෙදෙසට රෑ ගිය ඔවුන්ට දැක ගැනීමට ලැබී ඇත්තේ එම මුළු ප්‍රදේශයම හාරා ගල් පෙරළා දමා ඇති ආකාරයකි.


මේ කටයුත්ත කරන්නට ඇත්තේ වෙනත් කිසිවෙකු නොව මාමා විසින්ම බවට බෑණාට  සක් සුදක් සේ පැහැදිලි විය.


මාමා සමඟ හටගත් දැඩි කෝපයෙන් යුතුව නැවත නිවෙසට පැමිණෙන අතර මඟදීම ඔහුට වෙනත් අයෙකුගෙන් දැන ගැනීමට ලැබී ඇත්තේ මාමාටද එහි තිබී කිසිවක් ලැබී නැති බවත් ඔහුද හිස් අතින්ම පැමිණ ඇති බවත්ය.


කෙසේවෙතත් මාමාගේ හොර හිත නිසා දෙදෙනාටම නිධානය අහිමි වීම පිළිබඳව බෑණා දොස් පවරන විට  “උඹට අත්තම්මා වෙන්න කලිනුයි උන්දැ මගේ අම්ම වුණේ, ඒ නිසා තමයි මම මුලින්ම ගිහින් ඒක සෙව්වෙ”_ යැයි කියමින් මාමා ලිස්සා ගියාලු.
 (පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)

 



අදහස් (0)

යකැදුරු මාමා නිධානය ගන්න යක්ෂ වැඩක් කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 58 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site