ඔයේ මාළුන්ට දුන් අපූරු කිරිබාරයක් ගැන සියනෑ කෝරළයේ ප‍්‍රධාන නගරයෙන් වාර්තා වෙයි. ගමේ නායකයාගේ ප‍්‍රධානත්වයෙන් මෙම කිරි බාරය සංවිධානය කළේ ගමටත් රටටත් සෙත් පැතීමේ අරමුණින්ය. ඒ සඳහා දින ද කතිකා කර ගත්තේය. නියමිත පරිදි කිරිබාරය පැවැත්විණි. ගමේ හැමෝම ඒ සඳහා තමන්ට හැකි පමණින් උදවුකළහ. ගමේ වැඩි පිරිසක්ද ඒ අවස්ථාවට එක්වූහ. කිරි බාරය අවසන්ය. දැන් ඉතිරි කිරි බත් සහභාගි වූවන්ට බෙදන වේලාවයි. ප‍්‍රධාන සංවිධායකයෙක් ඒ සඳහා ඉදිරිපත් විය. එක්කෙනා පිටුපසින් එක්කෙනා පෝලිමේ එති. කිරිබත් බෙදන්නාගෙන් පැනයකි. නිවසේ සාමාජිකයන් ගණන කීයද. ඒ ප‍්‍රමාණයට කිරිබත් කෑලි ද කැවුම් ද, කෙසෙල් ගෙඩි ද ලැබෙයි. දැන් සියල්ලන්ම නිවෙස්වලට ගොසිනි. කිරිබත්ද ගොඩක් ඉතිරි වී ඇත. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. මේක මාළුන්ට කන්න දෙමු. එක් සංවිධායකයෙක් යෝජනා කළේය. අනෙක් අයද ඊට කැමැති විය. ඉතිරි කිරිබත් තොගය ලොරියක පටවාගත් ඔවුන් අසල ඇති ඇළකට ඒවා දැමුවේය. ඒ දෙස බලා සිටි පුද්ගලයකු කීවේ ඔන්න එහෙනම් මාළුන්ටත් කිරි දානයක් දුන්නා යනුවෙනි.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වැඩක්... (නි)
කිරි කිරි කිරි.... සද්දේ නම් මට ඇල්ලුවේ නැහැ. (නි)
කොහේද ඔය සියනෑ කෝරළය තියෙන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
යන්න මෙයා බොරු නොකියා (අ)
හරි ෂෝක් විහිලුව....හාඃ හාඃ හා .... (දී)
ඒවා හොද වැඩ (දී)
කිරි අම්මාවරුන්ගේ දානයක් නොවෙන නිසා මෙහෙම කළාට වරදක් නැහැ. (නි)
ලලිත්, සියනෑ කෝරලේ තියෙන්නෙ බස්නාහිර පළාතෙනේ. ගම්පහ තමයි අගනුවර. (නි)
ගමේ උදවියට ඇතිවෙන්න දීලා ඉන්පස‍්සේ මාලුන්ට දුන්නා නම් තමයි හොද. (නි)
කිරි දානයක්ද? කිරිබත් දානයක්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
අන්න හොද වැඩ (දී)
කිරිබත්, කැවුම් බිලි කොක්කක අමුණලා මාලුන්ට දුන්නා නම් කොහොමට තියෙයිද? (නි)
අපතේ නොයවා කවුරු කෑවත් කමක් නැහැ. (නි)
කටාර්වල ඉන්න ලලිත් ගම්පහ ගැන දන්නෙ නැහැ. බබා. රට යනෙකාට ගියේ බෝට්ටුවකද? (නි)