(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
මළ ගෙදර ගොස් බත් වෙනුවට රටලූනු පිඟානක් කෑ පුද්ගලයකු පිළිබඳව ප්‍රදේශයකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය. 
ඔහු නගරය අසල ගමක පිහිටි මළ ගෙදරකට බීමතින් රාත්‍රී කාලයේ සහභාගී වී ඇත. මධ්‍යම රාත්‍රී වනතුරු මළ ගෙදර කැරම් ක්‍රීඩා කරමින් සිටි අතර පසුව මළගෙදර නිවැසියන් ඔහුට රාත්‍රී ආහාරය සඳහා පැමිණෙන ලෙස දන්වා තිබේ.
පසුව ඒ අසල නිවසක මිදුලක තැනූ ආවරණයක සකස් කර තිබු ආහාර ලබා ගැනීමේ ස්ථානයට ගොස් තිබේ. මෙම මළ ගෙදර ආහාර සපයා ඇත්තේ බුෆේ ක්‍රමයටය.
ඔහු එහි යනවිටම විදුලි බලය විසන්ධි වී ඇති අතර එම අවස්ථාවේ ඔහු සාමාන්‍ය බුෆේ ක්‍රමයට ආහාර බෙදා ගෙන අනුභව කිරීමට පටන් ගෙන තිබේ.
කෙසේ වෙතත් ව්‍යාංජන සමග කෑමට ගන්නා සියලු බත් වෙනුවට ලූනු තැබීම සම්බන්ධයෙන් ඔහු මවිතයට පත්ව ඇත. පිඟාන කොයි පැත්තට හරවා අනුභව කළත් ලූනුම හසුවීම ගැන ඔහු මවිතයට පත්ව ඇත. විදුලිය නැවත එනවිට ඔහුට ලූනු සමග මිරිස් කරල් කැවීම හේතුවෙන් වෙරි සිඳී ගොස් තිබේ.
ලයිට් ආ පසු පිඟාන දෙස බලද්දී තමන් අඳුරේ බෙදා ගෙන ඇත්තේ ලූනු සම්බෝලය බව දැක හිමින් සැරේ එතනින් මාරු වී අසල තිබු රෑ කඩයකට පැමිණ තේ බී කුස ගින්න නිමා කර ගත්තාලු.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මළ ගෙදරදී සූර්වී ලූනු සම්බෝලය කාලා