IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මළ ගේක යන්න ගිහින් රැුයක් තිස්සේ අබලන් බසයක නිදාගෙන

(මනෝජ් හර්ෂික)

ධාවනය නොවන අබලන් බස් රථයකට බීමතින් නැග එය ධාවනය වනතුරු පැය ගණනක් බලා සිටි සිවු දෙනකු පිළිබඳ පුවතක් අනුරාධපුරය නගරයට නුදුරු ප‍්‍රදේශයකින් වාර්තාවේ.

සිද්ධිය සැකවින් මෙසේය.

එකම ගමක හොඳම යහළුවන් සිවු දෙනෙකි. දිනක් මොවුන්හට දුරබැහැර ප‍්‍රදේශයක වෙනත් මිතුරකුගේ මළ ගෙදරක යාමට සිදුවිය.

දුර යාමට ඇති නිසා රාත‍්‍රී කාලයේ ගමන් ආරම්භ කිරීම සුදුසු යැයි මොවුහු කතිකාකර ගත්හ. ඒ අනුව සවස් කාලයේ මළ ගෙදරට සහභාගීවීම සඳහා මිතුරෝ සිවු දෙනා නගරයට පැමිණියහ.

බස් රථය පැමිණීම සඳහා ද පැයක පමණ කාල වෙලාවක් තිබූ හෙයින් මිතුරෝ පිරිස එතෙක් මධුවිතින් සප්පායම්වීම සඳහා අසල තිබූ තැබෑරුමකට ගොඩවූහ.

තැබෑරුම වසා දැමීමට ආසන්න වනතුරුම මධුවිතින් සප්පායම් වූ මිතුරන් ආපසු බස් නැවතුම වෙත යන්නේ ඉක්මනින්ම  මළ ගෙදරට සහභාගීවීමේ අරමුණෙනි.

ඔවුන් බස් නැවතුම්පොළ වෙත පැමිණෙන විටත් අදාළ ප‍්‍රදේශයේ බස් රථයක් බස් නැවතුම්පොළෙහි පසෙකට වන්නට නවතා තිබූ අතර සියලූ දෙනාම ඉක්මනින්ම ඒ  වෙත යන්නේ අසුනක මුල්ලක් අල්ලාගෙන සුව පහසුවට නිදාගෙන යෑමේ අරමුණෙනි.

ඔවුන් බස් රථය තුළට පැමිණෙන විටත් මගීන් කිසිවෙකුත් එහි නොසිටි අතර නොබෝ වේලාවකින් ඔවුන්ට හොඳ හැටි නින්ද ගොස් තිබියදී හදිසියේම බසයේ කොන්දොස්තරවරයා පැමිණ මිතුරන් පිරිස අවදි කරවා මෙසේ කියන්නට විය. ‘මහත්තයෝ මේ බස් එක කැඩිලා රෝදවලට අඩ තියලා තියෙන්නේ. කරුණාකරලා බහින්න. බස් එක අද යන්නේ නැහැ.’

ඒ වනවිටත් අලූයමට ආසන්නව තිබූ බැවින් ලජ්ජාවෙන් කොන්දොස්තරගේ  මුහුණ දෙස බලමින් බසයෙන් බහිනවා හැරෙන්නට මිතුරන් පිරිසට කිරීමට වෙනත් දෙයක් නොවීය.



අදහස් (0)

මළ ගේක යන්න ගිහින් රැුයක් තිස්සේ අබලන් බසයක නිදාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 80 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site