IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මුහුදුගිය වරෙන්තුකරු අල්ලපු ගෙදර ඇඳයටින් මතුවෙලා

(කරන්දෙණිය එම්. සුසිල් ප‍්‍රියන්ත)

මුහුදු යනවා යයි කියමින් අලූයම් කාලයේ නිවෙසින් පිටව ගිය සිය සැමියා දරුවන් සමඟ තමන් වෙසෙන තට්ටු නිවාසයේම යාබද කාමරයේ, කාන්තාවකගේ ඇදයට සිටියදී පොලිසිය විසින් සොයාගත් අපූරු පුවතක් දකුණු පළාතේ මුහුදුබඩ ප‍්‍රදේශයකින් වාර්තා වේ.

ඔහු ධීවරයෙකි. වරෙන්තුවක් සඳහා පොලිසියට අවශ්‍යව සිටි අයෙකි. ඔහුගෙන් සැකපිට ප‍්‍රශ්න කිරීම සඳහා පොලිසිය උත්සහා ගත්තේ වරක් දෙවරක් නොව කිහිපවරක්මය. ඒ හැම අවස්ථාවකදීම ඔහු මුහුදු ගොස් ඇති බව නිවැසියෝ කීහ.

මේ නිසාම පොලිසිය ඔහු සැකපිට ප‍්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනීමට ගියේ පාන්දර දෙකට විතරය. ඔහු වෙසෙන ධීවර තට්ටු නිවාසයට පොලිසිය තට්ටු කළේය. නිදිමරගාතේ අවදි වූ ඔහුගේ බිරිය කීවේ අනේ මහත්තයෝ දැන් ටිකකට ඉස්සරවෙලා මගෙ මිනිහා මුහුදු ගියා කියාය. ඇයගේ වදන් ගැන සැක සිතූ පොලිසිය ඔහු වෙසෙන කාමරය පරීක්‍ෂා කළේය. ඇඳන් යට අහුමුළුවල සෙව්වේය. ඔහු ගැන හෝඩුවාවක් නොවීය.

පාන්දර නිදිමරාගෙන හිස් අතින්ම පොලිසියට ඒමට අදිමදි කළ පොලිස් නිලධාරීන් අද මූ කොහොම හරිම අරගෙන යන්න  ඕන යැයි කීවේ ඔහුගේ වරෙන්තුවේ තිබූ බලවත්කම නිසාමය.

ඔහු වෙසෙන තට්ටු නිවාසයේම යාබද කාමරයේ කුසු කුසු හඬක් ආවේ මේ අතරය. මද ආලෝකයක් එහි ඇතුළත තිබෙනු පොලිසිය දැක්කේය. මේ පුද්ගලයා පිළිබඳව එම කාමරයේ වෙසෙන අයගෙන් තොරතුරක් ලබා ගැනීමට හැකිවෙතැයි සිතූ පොලිසිය එහි දොරට තඩිබෑවේ නිකමට මෙන්ය.

කලබලයෙන් රාත‍්‍රී ඇඳුම පිටින් එම නිවසේ විසූ කාන්තාව දොර ඇරගෙන ආවාය. ඇයගේ හැසිරීම අමුතුය. වචන ගොත ගැසුණාය.

ඇයගේ මේ වෙනස් වීම නිසාම සැක පලකළ පොලිසිය කාමරයේ ප‍්‍රධාන විදුලි පහන දැල්වූයේ ඇයගේ මේ වෙනස ගැන සොයා බැලීමටය. ඇයගේ සැමියාද ඒ වන විට මුහුදු ගොස් සිටියේය. කළ ප‍්‍රශ්න කිරීමේදී එය හෙළිකර ගත් පොලිසිය තනිවම සිටි ඇය නිදාසිටි ඇඳයටට එබුණේ ඉබාගාතයේය. තමන් සොයන වරෙන්තුකරු ඇයගේ ඇඳයටය.

හා යමං යමං මුහුදු යමං කියමින් පොලිසිය ඇඳ යට සිටි ඔහු පොලිසියට ගෙන ආවේ මුළු තට්ටු ධීවර නිවාසයටම ලොකු ගින්නක්ද පත්තු කරමින්ය.



අදහස් (0)

මුහුදුගිය වරෙන්තුකරු අල්ලපු ගෙදර ඇඳයටින් මතුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 80 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site