ෆේස් බුක් හෙවත් මුහුණු පොත නමැති අන්තර්ජාල සමාජ වෙබ් අඩවිය ඔස්සේ හඳුනාගත් පුද්ගලයකුට රැවටී තමන් සතු වටිනාම දේ ඔහුට පූජා කළ බව කියන 19 හැවිරිදි තරුණියක් පිළිබඳව පුවතක් පසුගියදා පුත්තලම කොට්ඨාසයේ පොලිස් බල ප්‍රදේශයකින් වාර්තා විය.
ඇය මෙම සිදුවීමට සතියකට පමණ ඉහතදී සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ තරුණයකු හඳුනාගෙන ඇත. කොළඹ ප්‍රදේශයේ වැඩපලක කාර්මිකයකු වශයෙන් සේවය කරන අයකු බවත් කියති.
මොවුන් දෙදෙනා ෆේස් බුක් ඔස්සේ හඳුනාගෙන සතියක් ගතවනවිට අදහස් හුවමාරු කර ගැනීම අතින් බොහෝ දුර ගොස් තිබී ඇත. ඒ අනුව තරුණියගේ නාඩි වැටෙන අයුරු හොඳින් වටහාගත් තරුණයා තමා හමුවීම සඳහා නගරයට එන ලෙසට තරුණියට ආරාධනාවක් කර ඇත.
මිතුරාගේ ඇරයුම මහත් ඉහළින් පිළිගත් තරුණියද තමන්ට එවැනි අවස්ථාවක් ලැබීම කෙරෙහි මහත්සේ සතුටට පත්ව ඇත. මෙම තරුණිය තමන් යෙහෙළියක හමුවීමට යන බවට සිය මවට පවසා පසුදින උදෑසනම ජැන්ඩියට හැඳ පැලඳගෙන මිතුරා හමුවීම සඳහා සැතපුම් 40ක් පමණ දුරින් පිහිටි ප්‍රධාන නගරයකට ගොස් ඇත.
මග සලකුණු ඔස්සේ කතිකාකරගත් නියමිත ස්ථානයකදී දෙදෙනාට දෙදෙනා මුණ ගැසී ඇත.
තරුණිය මෙන්ම ජැන්ඩියට හැඳ පැළඳගත් තරුණයාද සිය ගොදුර ඩැහැ ගැනීම සඳහා අමතර හිස්වැසුමක්ද සහිතව යතුරුපැදියකින් නගරයට පැමිණ සිටියේය.
මේ අතර එදින සවස අදාළ නගරයට සැතපුම් 40කට පමණ දුරින් පිහිටි පොලිස්බල ප්‍රදේශයක අතුරු මාර්ගයක් ඔස්සේ හඬා වැළපෙමින් ප්‍රධාන මාර්ගය දෙසට දිව එන නාඳුනන තරුණියක ඒ අවට වැසියන් පිරිසක් දැක ඇත. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ඔවුන් තරුණියගේ ගමන වළක්වා ප්‍රදේශයේ පොලිස් ස්ථානයට බාරදීමට කටයුතු කර තිබිණි.
එහිදී වැඩිදුරටත් අනාවරණය වූ තොරතුරුවලට අනුව තමන්ට පළමු වතාවට එදින උදෑසන නගරයේදී හමුවූ ෆේස් බුක් මිතුරා සමග මෙම තරුණිය රිසිසේ විනෝද වී ඇත. ඒ අනුව පෙම්වතුන් බවට පත් වූ ඔවුන් අනතුරුව සිනමා ශාලාවක විශේෂ නැරඹුම් කුටියකද තනිවී සිට ඇත.
සිනමා ශාලාවේ සිහින ලෝකයෙන් අවදිව ඉන් පිටතට පැමිණි පසු තරුණිය සිය පෙම්වතාගෙන් ඉල්ලීමක් කර ඇත. ඒ තමන්ට යළිත් නිවසට යා නොහැකි බවත් තමා රැගෙන ගොස් විවාහ කර ගන්නා ලෙසත්ය. තරුණියගේ ඉල්ලීම බරපතළ එකක් බව මෙහිදී තරුණයාට අවබෝධ වන්නට වැඩි වෙලාවක් නොගියේය. ඒ ඔහු එවැන්නක් බලාපොරොත්තුවෙන් ඇය ඇසුරු නොකළ නිසාය. එහෙත් ඔහු ඒ බවක් තරුණියට නොහඟවා ඇය සිය යතුරුපැදියට නංවාගෙන ඇති අතර එසේ නංවාගත් තරුණිය නාඳුනන පෙදෙසකට රැගෙන ගොස් මෙසේ අතරමග දමා තරුණයා පලා ගොස් ඇති බවට අනාවරණය විය.
(කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි! දැන්වත් ඔය මුහුණු පොත් ආදරය නවත්වන්න. අත්‍යවශ්‍යම නම් මවුපියනට කියලා හොඳ දෙයක් කරගන්න. ඉස්සර නම් තිබුනේ පාසල් පෙමනේ. අපරාදේ කරදරේ වැටෙන්න එපා. (නි)
මේ කොල්ලට හොයාගෙන ගිහිල්ල ..සම්මානයක් දෙන්න වටිනවා ඔලුව පාවිච්ච්චි කරලා මේ වගේ දෙයක් කරන්න ගණ දෙවි නුවන පහල වෙලා තිබුනට ...? මෝඩ කෙල්ලන්ට තියෙන කුලප්පුවට හොද උත්තරයක් , හොදම හොද පාඩමක් මේ ..?
මමත් හැමදාම කියන්නේ ඔය රුපොවති කියල තියෙන ටිකම තමයි , (අ)
පිට බැද්දර ජයා අයියේ ..කොලු පැටිය යන්නේ කොහෙද කියලත් ටිකක් හොයල බලන්නත් අමතක කරන්න එපෝ ...? (බ)
මුහුණත් පිටුවක් නිකුත් කිරීමට කොන්දේසි අනුව ඇතුල් වීමට ෆේස්බුක් නිර්මාතෘ සහ කණ්ඩායම ලඟදීම හඳුන්වා දේ.අපි හඳුන්වමු මුහුණත් පිටුව නමින් මුත් මෙම පිටුව වෙස්මුහුණු දාගත් අය බොහෝ ඇත.ඔවුන්ගෙ අරමුණ සමාජය දැනුවත් කිරීමවත්,මාධ්‍ය හා සමාන සත්‍යය තොරතුරු රැස් කිරීමවත් නොව,ස්ත්‍රි පක්ෂය රැවටීම සහ ඔවුන්ගෙ පටු මානසික වින්දනය මගහරවා ගැන්මට පමණි.දෙපක්ෂයෙම අවශ්‍යයතාවය එය බව නම් මැනවින් තහවුරු වේ.ශ්‍රී ලාංකික මුහුණත් පිටුවල 90%ක් ගේම අවශ්‍යයතාව මෙය බවට කිසිදු බියකින් තොරව දන්වමි.සමාජ ජාලය හරහා පනගැන්වෙන නීති රටක පාලන පක්ෂය හැඩගැස්වීම සඳහාද උපකාරීවේ. (අ)
කොල්ලොනම් ඉතින් කොහේ ගියාම මොකෝ ? ගෙදර එනකොට කහ වතුර ටිකක් ඉහලා ගෙට ගන්න එකනේ , ගැහැණු දරුවෙක් එහෙම බැහැනේ , මේ අපේ අම්මා දොඩපු කතාවක් හරිය (හේ)