මීට මාස 8කට පමණ ඉහත දී සාලියවැව ප‍්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් තුළදී අතුරුදන්වූ බව කියන රන් මුදුවක් සමග සැකකරුවකු නොච්චියාගම ගාලදිවුල්වැවදී අත්අඩංගුවට ගත් බව සාලියවැව පොලිසිය කියයි.
සාලියවැව පළුගස්සේගම ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් සිදුකොට මුදුව සමග සැකකරු අත්අඩංගුවට ගත්බව ද පොලිසිය පවසයි.
පැමිණිලිකරු සේම සැකකරු ද ව්‍යාපාරිකයන් වන අතර එළවළු වෙළෙන්දකු වන සැකකරු පැමිණිලිකරුගේ වෙළෙඳසලට අලෙවිකිරීම සඳහා එළවළු තොග රැුගෙන එයි. වෙළෙඳ සලේ තිබූ බව කියන පවුම් භාගයක් පමණ බරැති තම රන් මුදුව අතුරුදන් වී ඇත්තේ එවන් දිනක බව ද පැවසේ.
කාලය මෙසේ ගෙවීගියේය. මේ අතර මුදුවේ හිමිකරු (පැමිණිලිකරු) කිසියම් අවශ්‍යතාවකට පසුගිය දිනක තම ව්‍යාපාරික මිතුරා වන සැකකරු හමුවීමට ඔහුගේ නිවෙසට ගොස් තිබේ. මීට මාස 8කට උඩදී අතුරුදන්වූ තමාගේ රන් මුදුව සැකකරු ඔහුගේ අතක ඇඟිල්ලක පැළඳ සිටින අයුරු පැමිණිලිකරුට එහිදී දැක ගැනීමට හැකිවූ අතර පැමිණිලිකරු මුදුව හඳුනාගත් බව සැකකරුට දැනී ඔහු එය පැමිණිලිකරුගෙන් වසන් කිරීමට උත්සාහ ගෙන ඇත.
සිද්ධිය පිළිබඳව පොලිසියට කළ පැමිණිල්ලක් මත ක‍්‍රියාත්මක වූ පොලිසිය සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමෙන් පසු ඔහු පවසා ඇත්තේ එළවළු ගෝනියක් තුළ තිබියදී මෙම මුදුව තමාට හමුවූ බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු හා මුදුව පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි කොමිස් එකක් තියාගෙන විදේශ මුදල් හුවමාරු කරමින් නගරයේ වීදියක උදේ සිට සවස ඇදිරි වැටීගෙන එනතුරු ස්වයං රැකියාවක යෙදෙන මැදිවිය ඉක්මවූ කාන්තවක් පවුම් දහයක් පහළොවක් විතර බර රන් මාලයක් කරේ දාගෙන ඉන්නවා දැකලා, “බය නැද්ද මාල කඩන හොරුන්ට“ කියලා ඇසුවාම අපුරු පිළිතුරක් දුන්නා. මාලේ කවුරු හරි කඩයි කියලා බයට ඉක්මනින් මාලේ පැළදගෙන ඉන්න නිසා එහෙ මෙහෙ යන්න හිතෙන ආශාව යටපත් වී ඉක්මණට නිවාස කරා පය ඔසවන්න පොළඹවන එක ඇතිකර ගන්නලු වටිනා රන් මාලේ පැළදීමේ අරමුණ. (නි)
අන්න, පුහුල් හොරා කරෙන් දැනෙයි කිවුවා.. (නි)
දිසෝ එන්න අපිත් එක්ක.(නදී)
එසැන දෙවගනත් එනවලු උඩින්...අලි කෙලි එතකොට...මුලුයි මදැයි...මැද මැද හිටිය මදැයි.. (අ)
ඒ කියන්නේ මුද්ද නෝනට දීලද (අ)
කොහොමහරි ලැබුනනේ (නි)
"පාලිත අයියාගේ" කතාවට මටත් හිනා.... (නි)
කටා මාමා, වන්නි තිලක්, ඔය දෙන්නත් එන්න අපේ ගෙදර. (නි)
මුද්දකට කරන්න පුළුවන් වැඩ බොහොමයි. (ස)
මහත්තයෝ...මුද්දද නැති උනේ? ඇගිල්ල හෙම නැතිකර ගන්නවා නෙවෙයි.හොඳ වෙලාවට ඇගිලි 10 ට එක මුද්දයි... තව මස දෙකක් ගියා නම් මුද්ද බබාගේ අතේ..(අ)
පුහුල් හොරා කරෙන් දැනේ... (නි)
සමකෝණී ත්‍රිකෝණයකි දිසයි, මමයි ,කටයි හිදින.... මම එක මුල්ලක හිටියා, දිසා අනිත් කොන හිටියා..... නෙත් සයකම පහස ලබා සමදරා කෙලී මැද හිටියා...... (නි)
තාත්තා කිරි කන්න ගිහින් පැණි බෝතලේ අරගෙන,කවුද දරුවනේ මේ පැණි බෝතලේ ඉවර කළේ කියලා ඇහුවලු. අපේ චුටි නංගි අපි කාටත් කලින් දුවලා තාත්තා ළගට ගිහින් කියනවාලු,මං නම් පැණි කෑවේ නෑ තාත්තේ,කියලා ගවුමෙන් කට පිහදමමින්.ඒ වගේ තමයි අපෙන් අහනවා මුද්දට මොකද වුණේ කියලා (නි)
පාලිතගේ කතාව ඇතුලේ සැග උන ලොකු කතාවක් කියවෙනවා. කට්ටියම හිතලා බැලුවා නම් හොදා. අර මුද්ද හම්බුවෙලා තියෙන්නේ මාස 8 කට පස්සේ ඔන්න මම ලේසි කලා (නදී)
කිරිබොන අත දරුවෙකුට පළඳවා තිබු රත්රන් මුද්ද මොනවා හරි හේතුවක් නිසා නැති උනා. මාපියෝ ගෙයි අස්සක් මුල්ලක් නෑර සොයා බලා නැති තැන පේන කරුවකුගේ කීම පිට අසල්වාසීන් සමඟ රණ්ඩු කළා මුද්ද හොරකම් කල බවට චෝදනා කරමින්. කලක් ගත වුනා මෙහෙම. හදිසියේම දරුවා අසනීප උනා. වෛද්‍යවරු දරුවාට නියුමෝනියාවට බෙහෙත් කළා. අසනීපය උග්‍රවුනා. වැඩිදුර පරීක්ෂණ වලදී හොයාගත්තා දරුවාගේ ස්වාසනාලයේ ලෝහමය යමක් හිරවී ඇති බව. එය ඉවත් කිරීමේදී දරුවා මිය ගියා. මෙයට මුහුණ දුන් මාපියන් මෙය කියවූවොත් නැවත මතක් වේවි අතීතයේ සිදුවූ අත්වැරැද්ද. (ස)
පැමිණිල්ල කරන්න තිබුනේ මුද්ද නැතිවුන දවසේනේ. මාස අටක් තිස්සේ මුද්ද නැතිවුන බවක් දැනගෙන හිටියේ නැද්ද. මේක වෙන මොකක්දෝ උප්පරවැට්ටියක්. (ස)
පරම කල්‍යාණ මිත්‍රයෙක්..... (ස)
පාසල් කාලයේ යහළුවන් සහ සේවා ස්ථානයන්හිදී හමුවන යහළුවන් අතර වෙනස. (ස)
''ටයිටැනික් '' නම් ලස්සන ෆිල්ම් එක හැදෙන්නෙත් ඔය මුද්දක් නිසා. (ස)
මිතුරන් නම් ඉන්නවා මේ වගේ.අවංක අවස්ථාවට.වාසිතකා,ඒ වගේම දුකේදී සැපේදී සිටිනා අයත්.කාලයක් යන විට ඔවුන් තේරුම් ගන්න පුලුවන්.ඉතින් මේ වගේ වංක මිතුරන් ඔහුට නොදැනම ඈත් උනානම් මේ වගේ දෙයකට මුහුණ පාන්න සිදු වන්නේ නැ.නොගැලපෙන මිතුරු ඇසුරේ පල තමා මේ.අපි කාටත් මේක හොඳ උදාහරණයක්. (ස)
එක්තරා පුද්ගලයෙක්ගේ මව මියගිය පසු ආදාහනයට පෙර ඇගේ අත පැළඳ සිටි මුද්ද ගලවා ගෙදර ගෙනවුත් තිබුනා. මෙය සිහිවටනයක් ලෙස සළකා බිරිඳ ඒක ප්‍රවේශම් කරලා තැබුවා. කලකට පසු මහත්තයාගේ ඔෆිස් එකේ මිතුරෙක්ගේ විවාහ මංගල්‍ය උත්සවයට මේ යුවලම සහභාගී වුනා. එහිදී බිරිඳ අහම්බයෙන් දුටුවා මවගේ මුද්දට සමාන මුද්දක් එක්තරා කාන්තාවක් පැළඳ සිටිනවා. අනේ ලස්සන මුද්දක්. මේක බොහොම පැරණි මෝස්තරයක් නේද? දැන් කාලේ හදන ඒවා මෙහෙම නැහැනේ කියලා අතින් අල්ලලා පරීක්ෂා කරලත් බැලුවා. ගෙදර ඇවි්ලලා මුද්ද තැබූ තැන බැලුවම එතන නැති නිසා බිරිඳ ඇහුවා කෝ මේ මුද්ද කියලා. එවිට මහත්තයා කිව්වා මම දන්නේ කොහොමද ඒක ඔයාමනේ පරෙස්සම් කරලා තිබ්බේ කියලා. බිරිඳ කිව්වා මුද්ද තියෙන කෙනා කව්ද කියලා. එදා ඉඳලා මේ ගෙදර ප්‍රශ්න. (නි)