IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මීවදයක් කියා බඹර කූඩුවක් කඩලා

මී මැසි ජනපදයකියි සිතා බඹර කූඩුවක් කඩන්නට යාමේදී බඹර ප‍්‍රහාරයකට ලක්වූ පුද්ගලයකු දැන් නිලමැස්සන්ටත් බයේ කල්ගත කරන පුවතක් සියනෑවේ මාඔය අසබඩ ගම්මානයකින් වාර්තා වේ. ඔහු සෑම දේටම පෙරට යන්නේ සියල්ල දත්තකු සේ ය.  ඕනෑම දෙයක් මට පුළුවනි ඔහුගේ දහම ය. මාඔය අසබඩ ගම්මානයක මහ වත්තක මීයක් බැඳ ඇතැයි ලත් ආරංචිය මත ඔහු එහි ගියේ වතු හිමිකරු ද දන්නා අඳුනන අයකු වූ නිසාය.අනේ බලන්නකෝ මේ ගහේ මීයක් බැඳලා වතු හිමිකරු කීය.”බය වෙන්න එපා” මට මී කඩලා හොඳට පුරුදුයි. මේක කඩලා දාමු. ඔහුගේ වදන් සමග වත්තේ හිමිකරු ප‍්‍රමෝදයට පත්වූයේ තම දරුවන් මීයට ගල් ගැසුවොත් ලොකු විනාශයක් වනු ඇති බැවිණි. ඔහු කීවේ බොරුවක් බව වතුහිමියා නොදැන සිටියේය. සුරුට්ටුවක්ද දල්වාගෙන ඉනිමඟක ආධාරයෙන් ගසට ගොඩ වූයේය. මීයට කිට්ටු විය. සුරුට්ටු දුමින් මීයට පීඩා කරන්නට ගත්තේය. දුම වැදෙද්දී එහි සිටි බඹරු එකා දෙන්නා එළියට එනු දකිද්දී ඔහුට වැඬේ වැරදුණු බව සිහිවිය. අනේ මහත්තයා මේ මීයක් නොවෙයිනේ කෑ මොරදුන් හෙතෙම ගසෙන් බසිද්දී බඹරුන්ගේ ප‍්‍රහාරයට ද ලක්විය. වහාම රෝහල්ගත කළ ඔහු දැන් සුවය ලබා සිටී. නිලමැස්සකු දුටුවත් බියේ වෙව්ලමින් කල් ගත කරමින් නිවසටම වී සිටී. ඔහුගෙන් ”මී කැඩුවාදැයි” අසද්දී හොඳ දෙක තුනක්ද දැන් අසන්නට හැකිය.



අදහස් (0)

මීවදයක් කියා බඹර කූඩුවක් කඩලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site