IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


මවත් දරුවාත් නැති කරන්න වින කළ ගුරාගේ හත්මුතු පරපුරම නැතිවෙන්න ඕනෑ

 දුෂ්ට පුද්ගලයකු හදුගල පැත්තේ බඩදරු අම්මා කෙනෙකුට දරුවා ලැබීම වළක්වන්න ගුරුකමක් කර තිබුණා. ඒක ඉවත් කරන්න ශාන්තිකර්මයක් කිරීමට ගිය මවට අනපේක්‍ෂිත සිදුවීමකට මුහුණපාන්න සිදුවුණා යැයි දකුණේ ප්‍රකට ඇදුරකු වූ සේදිරිස් ගුරුන්නාන්සේ පැවසීය.


මේ ගමේ තරමක් මිල මුදල් තිබෙන හැඩි දැඩි පුද්ගලයකු සිටියා. මත්ලෝලියකු වූ හෙතෙම ලස්සන කාන්තාවන් කෙරෙහි දැක්වූයේ ඉමහත් කෑදරකමක්. මේ ගමේ දුප්පත් පවුලක බොහොම හැඩැති යුවතියක් සිටියා. මේ රුවැත්තිය පිළිබඳව අර පුද්ගලයා ඇහැගහගෙන හිටියේ කුමන අවස්ථාවක හරි තමන්ගේ අඹුකමට ගන්නටයි. එහෙත් මොහුගේ ගතිගුණ හොඳින් දන්නා ඒ යුවතිය ඔහු පිළිකුල් කළා. මේ නොසන්ඩාල මිනිසා මේ තරුණියගේ කැමැත්ත ගන්න නොකළ දෙයක් නැහැ. වශී ගුරුකම් පවා කර තිබුණා. කල් යාමේදී මේ තරුණිය අසල ගමක තරුණයකු සමග දීග ගියා. අර මිනිහා මේකට බොහොම තරහින් හිටියේ. වසරක පමණ ඇවෑමෙන් තරුණිය දරුවකු ලැබෙන්න සිටි නිසා තම මවුපියන්ගේ ගෙදරට ආවා.


කොහොම හරි අර මිනිහා මේ කාන්තාවගේ දරුගැබ විනාශ කිරීමට බලගතු ගුරුකමක් කර තිබුණා. දරුවා ලැබීමට නියමිත දිනය පසුවුණත් ඒ දේ ඉටුවෙන පාටක් තිබුණේ නැති නිසා තෙල් ටිකක් මතුරගන්න කියලා ඇයගේ මව මා හමුවන්න ආවා. කරුණු කාරණා මට කියද්දි මට වැටහුණේ දරු ප්‍රසූතිය වැළැක්වීම සඳහා වින බන්ධනයක් කර ඇති බවයි. ඒ අනුව ඒ සඳහා කළමනා සූදානම් කරගෙන පසුදිනම ඒ නිවසට ගිහින් ශාන්තිකර්මය පටන් ගත්තා. බොහොම ලස්සන බඩ දරු අම්මා කෙනෙක්. ඇයගේ ගැබට මාස 10කුත් දින හතරක් ගෙවිලයි  තිබුණේ. ඇය විළිරුදාවෙන් දැඩි වේදනාවකින් හිටියත් දරුවා ලැබෙන්නේ නැහැ.


 මෙවැනි අවස්ථාවට කළ යුතු ශාන්තිකර්ම අනුව දෙහි ගෙඩි 21ක් ජීවම් කර එකින් එක කැපුවා. දැන් ගැබිනි කාන්තාව විළිරුදාවෙන් කෑ ගහනවා. ඒ වෙලාවේ ඇගේ මව හැර වෙනත් වැඩිහිටි කාන්තාවක් ගෙදර හිටියෙත් නැහැ. ඇයගේ මවටත් මේ ගැන වැඩි තේරුමකුත් නැහැ. දෙහි ගෙඩි එකිනෙක කපාගෙන යනවිට දරුවා ප්‍රසූතවීමේ පෙරනිමිති පෙනුණා. ඇයගේ මවට මේ පිළිබඳව කියලා ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන්න කීවා. ඒ මනුස්සයා මා කියන කිසිදේකට ඇහුම්කන් නොදී නිකන් බලන් ඉන්නවා. මන්ත්‍ර දැහැනේ අවසාන කොටස ජප කරමින් අවසාන දෙහි ගෙඩියත් කපා ගැබිනි කාන්තාව ඉදිරිපිට තිබුණු වළඳට දැම්මා විතරයි දරුවා ප්‍රසූත වෙමින් තිබුණු බව මා දැක්කා. මේ වෙලාවට කලබල වෙලත් බැහැ. ලැජ්ජා කියලා මඟහරින්නත් බැහැ. දැන් දරුවා කුසෙන් එළියට එන්න බොහොම ළඟයි. කොහොම වුණත් මගේ පිහිට විතරයි මේ කාන්තාවට ඒ වෙලාවේ තිබුණේ. ජීවිත දෙකක් බේරා ගැනීමේ වගකීමත් මටයි තිබුණේ. ඒ නිසා වින්නඹු වැඬේ කරන්නම වෙනවා. එහෙම හිතලා ඇගේ ළඟට ගියා විතරයි මා දුටුවේ ලස්සන පිරිමි දරුවකු කුසෙන් එළියට ඇවිත් තිබුණු ආකාරයයි. දැන් අර මව විලාප ගහනවා. බිලිඳු දරුවාගේ පෙකණි වැල බෙල්ලේ පැටලිලා තිබුණේ. මේක කපන්න සුදුසු උපකරණයක් මා ළඟ තිබුණේ නැහැ. මල් බුලත් තටු හදන්න රැගෙන යන පිහිය අරගෙන පෙකණිවැල කපා දමා දරුවා අතට ගත්තා. අර කාන්තාවටත් හැකි අයුරෙන් උදව් කළා. බිලිඳා දැක්ක ගමන් කාන්තාවගේ අමාරුකම් කොහේ ගියා ද දන්නේ නැහැ.

මගේ අතේ සිටි දරුවා ඇය වඩා ගත්තා. මටත් බොහොම සතුටුයි ජීවිත දෙකක් බේර ගත්ත නිසා. ගුරුකම කරලා තිබුණේ මවත් දරුවාත් නැති කරන්නයි. කොච්චර දක්‍ෂ වින කරන ඇදුරකුට වුවත් මගේ මන්ත්‍ර ශාස්ත්‍රයට ඉහළින් යන්න බැහැ. මා කරන්නේ බුදුගුණ බලයෙන් මිනිසුන්ට පිහිටවීමයි. ඒ නිසා මා කරන ශාන්තිකර්මයක් කිසි දිනක වැරදිලා නැහැ.
(මුලටියන එස්. බාලසූරිය)

 



අදහස් (3)

මවත් දරුවාත් නැති කරන්න වින කළ ගුරාගේ හත්මුතු පරපුරම නැතිවෙන්න ඕනෑ

aravinda Saturday, 21 July 2018 01:28 PM

මන්ත්‍ර ශාස්ත්‍රය කෙසේ වෙතත්, මවගේ සහ බිලිදාගේ දිවි බේරා ගැනීමෙන් මේ ගුරුන්නාන්සේ කර ඇත්තේ මහා පුණ්‍ය කර්මයකි.

:       0       44

nisar Sunday, 22 July 2018 07:38 AM

ජම්බෝල ගෙඩි කැපුවා නම් ගෙඩි දෙක තුනක් ඇති.

:       46       4

sampath Monday, 23 July 2018 10:18 AM

යන්ත්‍ර මන්ත්‍ර කියන ඒවා සත්‍ය වන අවස්ථා නැතිව නොවෙයි. කෙසේ වෙතත් එවැනි දක්ෂ ශිල්පීන් දැන් නැහැ. දැන් බොහෝ දෙනා කරන්නේ මිනිස්සු බය කරලා කීයක් හරි කඩා ගැනීමයි.

:       0       77

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1572 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1366 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site