(තිහගොඩ - උපසේන ලියනගම)
අවංගල්‍ය උත්සවයක් සඳහා අවමගුල් දැන්වීම් මුද්‍රණය කොට බෙදාහැරීමේදී මියගිය අයගේ ඡුායාරූපය වෙනුවට වෙනත් ඡුායාරූපයක් මුද්‍රණයවීම නිසා සිදුවූ මහත් ආන්දෝලනයක් පසුගියදා වාර්තාවූයේ සබරගමු පළාතේ ගම්මානයකිනි.
මියගිය මේ මවගේ එම පුතා අගනුවර සේවයේ යෙදී සිටි අතර අම්මා මිය ගිය බව සැලවූ වහාම නිවෙසට ආ ඔහු හිතවත් ඥාති පුතකු අත අවමඟුල් දැන්වීම ලියා මුද්‍රණයකට යැවීය.
පසුව මුද්‍රණාලයෙන් ඔහුට දැනුම්දී තිබුණේ වහාම මවගේ ඡුායාරූපයක්ද එවන ලෙසටය. මවගේ ඡුායාරූප නොවූ හෙයින් ඔහු ඇගේ හැඳුනුම්පත යැවීමට ඥාතියකුට පැවසූ අතර ඔහු යවා තිබුණේ වෙනත් හැඳුනුම්පතකි.
මුද්‍රණයකොට එවූ අවමගුල් දැන්වීම් ගම පුරා අලවද්දී මේ ඡුායාරූපය දුටු පුතාට දෙවියන් සිහිවිය. යළිත් දැන්වීම් සියල්ල එකතු කළ ඔහු මවගේ නියම ඡුායාරූපය පසුව මුද්‍රණය කොට ඒ මත ඇලවූයේ මීට සම්බන්ධ සැමට හොඳ දේශනාවක් කරමින්ලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැකියාවක් කරල ආදයමක් ඇති පුතෙක් ඉන්න ගෙදර ,අම්මගේ හරි හමත් ඡායාරූපයක් තිබුනේ නැද්ද ? අම්මට තිබුණ සැලකිල්ල එයින්ම පේනවා. (ස)
රුවනි, මැරුණට පස්සේ මොන ඡායාරූප ද ? මැරෙන්න ඉස්සෙල්ල තමයි දරුවන් තමන්ගේ ඩියුටිය උපරිමයෙන් ඉෂ්ටකරන්න ඕනේ. ඡායාරූපයක් තිබුනේ නෑ කියල, යමෙක් සැලකුවේ නෑ කියන්න බෑ. මළාට පස්සේ මිනියට වැඩ දාන්න ඕනේ නෑ. (ස)
පුතා අම්මව මතක් කරන්න ඇති.(අ)
මැරෙන්න ඉස්සෙල්ලා ඩියුටිය හරියට කල බවක් නම් මටත් පෙන්න නැහැ. හැම වැඩේම ඥාතීන්ට පවරපු එකෙන්ම පේනවා සැලකිල්ලෙ තරම. වෙනත් හැඳුනුම් පතක් යවා තිබුනේ අම්මව ඥාතින් වත් හරියට අඳුනන්නේ නැහැ කියන එකද ? (නදී)
පුතා දැනගන්න ඕනෑ මෙවැනි දෙයක් වෙන කෙනෙකුට පවරන්නේ නැතුව පුතාම සොයාබලන්න. හරියට බල්ලාගේ වැඩේ බූරුවා කරන්න ගියා වගේනේ. (නි)
මෙහෙම අත්වැරදීම් වෙන්න පුලුවන් (නි)
අම්මගේ පින්තුරයක්වත් නැති ගෙදර. අහෝ පුතුනි , ගෙදර බුදුන් අම්මාද ? (නදී)