මල්ලී තමාගේ කමිසයක් ඇන්දේයැයි අයියා පොලිසියට පැමිණිලි කළේය. මේ අයියා කොළඹට නොදුරු නගරයක සිටියි. තමාගේ කමිස අඳින්නට එපා යැයි අයියා අවස්ථා කිහිපයකදීම මල්ලීට අවවාද කළේය. මල්ලී එය නොපිළිගත්තේය. දිනක් අයියා අසල්වැසි මළ ගෙදරක ගියේය. ටික වේලාවකින් මල්ලීද එහි අවේය. ඔහු ඇඳගෙන සිටියේ තමාගේ කමිසයක් බව දුටු අයියාට යකා නැග්ගේය. වහාම ඔහු මළ ගෙදරින් පිටත්වී ගියේය. එදින සවස මල්ලී සුපුරුදු පරිදි පාර අයිනේ වාඩිවී මිතුරන් සමඟ කතාබහ කරමින් සිටියේය. එතැනට ආ පොලිසියේ කොස්තාපල් වරයකු තමාට විරුද්ධව පැමිණිල්ලක් තියනවා. ඒක විභාග කරන්න පොලිසියට එන්නැයි දැන්වීය. ඔහු අන්දමන්ද වී උඩබිම බැලූවේය. කාටවත් වරදක් නොකළ තමාට විරුද්ධව පැමිණිල්ලක් කළේ කවුදැයි ඔහු කල්පනා කළේය. ඔහු පොලිසියට ගියේ තමාට විරුද්ධව චෝදනාව කුමක්දැයි සිතාගන්නට නොහැකිවය. ඔහු පොලිසියේ පැමිණිලි විභාග කරන තැනට ගොස් තම අනන්‍යතාව හෙළි කළේය. ”ආ... ඔයාට විරුද්ධව පැමිණිල්ලක් තියනවා. කියන්නත් මොකද්ද වගේ, ඔයා අයියගේ කමිසයක් ඇඳගෙන ගියා කියලා පැමිණිල්ලක් ලැබුණා. පැමිණිල්ලක් ලැබුණාම එය විභාග කරන එක අපේ රාජකාරිය නිසයි එන්න කිව්වේ” පොලිසිය පැවැසීය. අනතුරුව අයියා මළෝ දෙදෙනාම කැඳවා සිද්ධිය සමථයට පත් කිරීමට පොලිසිය කටයුතු කළේය.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මල්ලී කමිසය ඇන්දාට අයියා පොලිසි ගිහින්
Dharitha Friday, 20 January 2012 07:11 PM
සහෝදර කම දන්නැති මෝඩ අයියෙක්
andy Thursday, 19 January 2012 10:46 AM
කොල්ලො එක්ක රස්තියාවේ නොගිහින්, රස්සාවක් කරල ඔයත් අඳින්න ගන්න.
බන්දුල ද සිල්වා Thursday, 19 January 2012 01:14 PM
පවු වැඩේ. ඔන්න ඔහේ මල්ලිත් අන්දපුදෙන් ඒකයි සහෝදරකම
yasiru Thursday, 19 January 2012 03:59 PM
අනේ පව් වැඩේ
manoj Thursday, 19 January 2012 07:11 PM
අයියාගේ ඔළුවේ අමාරුවක් ඇති.
අජිත් Friday, 20 January 2012 06:02 PM
සිතාගත නොහැකි පැමිණිල්ලක්. ඔහු සමහර විට මානසික රෝගයකින් පීඩා විදිනවා විය හැකියි