IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


මෝල්ටඞ් මිල්ක් වෙනුවට තේ කෝප්පයට ත‍්‍රිපෝෂ දාලා

”අද ඔයාගේ තේ එක බිව්වාම මට මගේ පුංචිම පුංචි කාලේ මතක් වුණා” සිය බිරිය උදෑසන නිදි යහන අසලටම ගෙනැවිත් දුන් තේ කෝප්පයේ අඩක් හිස් කළ සැමියා සිනාසෙමින් එසේ කීය. බිරිය ද සිනාසුණාය. නිවැසියන්ට, අසල්වැසියන්ට සහ හිතවතුනට හොර රහසේ හැංගි හැංගි පවත්වාගෙන ගිය පේ‍්‍රමයට මවුපියන්ගේ ආශිර්වාදය ලැබ ඔවුහු විවාහ වූහ. ආදරයෙන් ගත කළ නිවෙස දරු සුරතලයෙන් ද ඔපවත් වීය. සැමියාගේ කටයුතු සිය දවසේ දේවකාරිය සේ සලකා ඉටු කළ ඇය උදෑසන මෙසේ සැමියා අතට ගෙනැවිත් දෙන තේ කෝප්පයේ සිට නිවසේ සියලූ හැඩ වැඩ මනාව ඉටු කළා ය. මෙසේ ජීවිතය ගත කරන ඇයට උදෑසන සැමියා තේ කෝප්පය බී තමා දෙස ආදරයෙන් බලා පැවසූ දේ එදින බිරියගේ දෙසවනේ රැවුපිළිරැවු දුන්නේය. ඇය වෙනදා මෙන් සැමියා අඩක් ඉතිරි කළ තේ කෝප්පය සෙමින් තොල ගෑවාය. ඇගේ දෑස් උඩ ගියාය. දෙතොල් එකිනෙක ඇලී ගියේය. මෝල්ටඞ් මිල්ක් යැයි සිතා සැමියාට එදින තේ වෙනුවට ඇය වත්කොට දී තිබුණේ දරුවාට කැවීමට තිබූ ත‍්‍රිපෝෂ පැකට්ටුවේ පිටිවලිනි. ඒත් සමගම සැමියා තේ කෝප්පය අඩක් පානය කොට පැවසූ දෙය ඇයට නැවත සිහි වූවාය ”අද ඔයාගේ තේ එක බිව්වාම මට මගේ පුංචිම පුංචි කාලේ මතක් වුණා”



අදහස් (0)

මෝල්ටඞ් මිල්ක් වෙනුවට තේ කෝප්පයට ත‍්‍රිපෝෂ දාලා

ෂෙරීෆ් Friday, 30 November 2012 09:47 AM

ප්‍රණීත ආහාර වේලක් (ස)

:       0       0

ධර්ෂණ Sunday, 02 December 2012 12:20 PM

නොදන්නා කම (දී)

:       0       0

චින්තක Thursday, 29 November 2012 03:53 PM

කමක් නැහැ අගුණ නැහැ

:       0       0

සංජය Thursday, 29 November 2012 10:02 PM

මම ත්‍රිපෝෂ වලට හරි ආසයි (ස)

:       0       0

වරුණ Thursday, 29 November 2012 10:11 AM

හොඳ සැමියෙක් (ස)

:       0       0

මුතුකුඩ Thursday, 29 November 2012 04:14 PM

ඇත්තෙන්ම හරිම ප්‍රේමයෙන් පිරුණු සුන්දර කථාවක්. පවුල් ජීවිතයක් මේ විදිහට තමයි ගත වෙන්න ඕනෑ. (නි)

:       0       0

කරෝලිස් Thursday, 29 November 2012 10:38 AM

එතකොට කිරි පිටි කියලා පාන්පිටි කලවම් කරලා දුන්නොත් මොන කාලේ මතක් වේවිද දන්නේ නෑ නේද ?? (ස)

:       0       0

නන්දන Tuesday, 04 December 2012 09:50 AM

මට හිනා යනවා (දී)

:       0       0

ශ්‍රීනාත් Thursday, 29 November 2012 10:53 AM

ඉතා ප්‍රේමණීයයි...! සිහියෙන් කටයුතු කිරීම වටියි. (නි)

:       0       0

බමුණුගම Thursday, 29 November 2012 11:17 AM

ඕකත් වැඩක්ද ? සීනි වෙනුවට ලුණු දාන්නේ (ස)

:       0       0

සේනානායක Friday, 30 November 2012 12:15 AM

ඉවසිලිවන්ත සෙනෙහෙබර සැමියෙක්.. මම වගේමයි..!(නු)

:       0       0

ප්‍රවීන් Thursday, 29 November 2012 11:21 AM

ශුවර් එකටම අම්මා මතක් වෙන්න ඇති (ස)

:       0       0

නුවන් Thursday, 29 November 2012 04:45 PM

වස විස නොවී හොද වෙලාවට ත්‍රිපෝෂ වුණේ. (නි)

:       0       0

කරෝලිස් Thursday, 29 November 2012 11:35 AM

අනේ හරි මාන්දමිකයි (ස)

:       0       0

දයා, සෞදියේ සිට Thursday, 29 November 2012 12:03 PM

වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් (ස)

:       0       0

කුමාර Monday, 03 December 2012 12:39 PM

අයියෝ තේක (දී)

:       0       0

ඩැරල් ෂෙරිෆ් Friday, 30 November 2012 01:42 AM

මේක කෑමක් කරලා තියෙන්නේ..!(නු)

:       0       0

බිංදු Friday, 30 November 2012 03:02 AM

මට නම් ත්‍රී පොෂ තියා වතුරවත් නෑ...!(නු)

:       0       0

රාජා Saturday, 01 December 2012 03:33 PM

බිරිඳට ආදරේ ඇති සැමියෙක් (ස)

:       0       0

බන්දුල Thursday, 29 November 2012 12:50 PM

කවුරු වුණත් හොද සැමියෙක්. (නි)

:       0       0

නිරාන් Thursday, 29 November 2012 01:01 PM

මේවට දෙයි‍‍යෝ සාක්කි දෙනවද ? මමනම් දන්නේ නෑ .(ස)

:       0       0

සරත් Thursday, 29 November 2012 01:12 PM

ගැලපෙන දෙන්නා දෙමහල්ලෝ , කරෝලිස්ගේ කියමන නම් හොඳයි .(ස)

:       0       0

සජී Thursday, 29 November 2012 01:27 PM

ඕක එච්චර ගණන් ගන්න දෙයක් නෑ .(ස)

:       0       0

ලාල් Thursday, 29 November 2012 06:52 PM

ත්‍රි පොෂත් හොද කෑමක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1107 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1130 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site