IMG-LOGO

මාල හොරා බිරියගේ මාලයත් කඩාගෙන

බස්නාහිර පළාතට ආසන්න ගමකි. රෑ බෝවී තිබිණි. මිනිහාට මිනිහා හඳුනා ගන්නට බැරි තරමට කළුවරය. අඹ ගසක් යට සිටි කාන්තාවකගේ මාලය කඩාගත් අයෙක් හැල්මේ දිව යන්නට විය. කාන්තාව ”මෙන්න මගේ මාලය කඩාගත්තා” යැයි කෑ ගසමින් ඔහු පසුපස දිව ගියාය. වැඩිදුරක් යන්නට ලැබුණේ නැත. කඩාගත් මාලය ඔහු අතින් බිම වැටිණි. පසුපසින් දිව ආ කාන්තාව සැනෙකින් මාලය අහුලා ගත්තාය. මාලය කඩාගත් සොරා කොහි දැයි ඇය වට පිට බලන්නට වූවාය. බිම වැටුණු මාලය සොයා ගන්නට ඔහු ද බිම සෝදිසි කරමින් සිටියේය. අඩ අඳුර වුවද ඇයට ඔහු හඳුනා ගත හැකි විය. ”හත්දෙයියනේ මේ තමුසේ නේද?” ඇය වහා පැන ඔහු අල්ලාගන්නා ගමන් විමැසීය. මාලය කඩාගෙන තිබුනේ අන් කව්රුවත් නොව ඇගේ සැමියාය. සැමියාගේ ජංගම දුරකතනයට ඊට ටිකකට කලින් ඇමතුමක් ලැබිණි. ඒ වෙලාවේ ජංගම දුරකතනය තිබුනේ ඇය අතේය. අනේ ඔයා ආවේ නැත්තේ ඇයි? මොකද වුණේ? අද එන්නේ නැද්ද? යනුවෙන් අසද්දී ඇය මුවින් නොබැන සිටියාය. ඒ ජරමරය අස්සේ සැමියා මිරිකි මිරිකී සිටියේය.



අදහස් (0)

මාල හොරා බිරියගේ මාලයත් කඩාගෙන

නුවන් Tuesday, 29 May 2012 01:47 PM

මිනිහ අන්ඳුනගන්න බැරි කරුවලේ කොහොමද බිම වැටිච්ච මාලෙ දැක්කෙ?

:       0       0

සුදු නංගා Wednesday, 30 May 2012 03:06 AM

හසී ගෙ කතාවට ඕං මං එකගයි...

:       0       0

හසී Tuesday, 29 May 2012 03:45 PM

ප්‍රශ්න අහන්න එපා . පේන්නේ නැද්ද බොහොම අමාරුවෙන් ''දෙයියෝ සාක්කි '' ඇදගෙන යන්නේ..!!

:       0       0

අසංඝ Thursday, 31 May 2012 04:48 PM

මේක මනංකල්පිත කතාවක්.....සිංහලෙන් ක්ව්වොත් "ඇත්තටම හරි නෑ "

:       0       0

තත්සර Wednesday, 30 May 2012 09:04 AM

ළඟදිම ඇනගනියි වගේ............

:       0       0

ගස්බන්ඩා Tuesday, 29 May 2012 10:11 AM

නියමයි නේද වැඩ ..

:       0       0

කරෝලිස් Tuesday, 29 May 2012 10:23 AM

ඇත්තටම මෙහෙම දෙයක් සිද්ධ වෙන්න පුඵවන්ද ?

:       0       0

මල් කොහා Tuesday, 29 May 2012 10:28 AM

මේක පොඩ්ඩක් තේරෙන විදියට ලියන්න බැයිද?

:       0       0

සමන්ත Tuesday, 29 May 2012 10:29 AM

මෙහෙම දෙයක් වෙන්න බැ...

:       0       0

පාලිත Tuesday, 29 May 2012 11:10 AM

අද කථාව වෙනස් ආකාරයක් ගත් නිසා හොදයි. පියවර ගැලපීම පිළිබද තව උනන්දු වන්න. සුභ පතමි.

:       0       0

ගන්කොල්ලා Tuesday, 29 May 2012 11:25 AM

මල් කොහා කියන කතාව ඇත්ත....

:       0       0

සම්පත් Tuesday, 29 May 2012 04:50 PM

කිව්වට තරහ වෙන්න එපා දැන් නම් කිසිම රහසක් නැහැ.

:       0       0

තුසිත Wednesday, 30 May 2012 11:32 AM

මේක නරක තත්වයක්

:       0       0

සජී Wednesday, 30 May 2012 11:00 AM

බොහොම හොදයි.බොහොම හොදයි.මට කියන්න වචන නෑ

:       0       0

සමන් Thursday, 31 May 2012 10:15 AM

කන්න හිතුණු වෙලාවට කබරගොයත් තලගොයා වෙනවලු...

:       0       0

ahinsaka Tuesday, 29 May 2012 11:43 AM

කතාවෙ හැටියට මාල කඩන්න ගිහින් තියෙන්නෙ බිරිදට දුරකථනය දීල.. ‍‍‍මේ වැඩෙන් මිනිහට තුවාල දෙකයි... නියමයි... (මාල කඩන බවත් මාට්ටු, ‍හොර පෙමත් මාට්ටු)

:       0       0

රජිත මංජුල Tuesday, 29 May 2012 06:42 PM

බිරිදව අදුනගන්න බැරි උනේ ‍මෙයා දවල්ට ගෙදර යන්නෙම නැද්ද දන්නෙ නෑ

:       0       0

ෆිරෝ Tuesday, 29 May 2012 12:39 PM

අනේ.. අනේ පව් අර මිනිහා...

:       0       0

දයා සෞදි Tuesday, 29 May 2012 12:44 PM

කතාව තේරෙනව අ‍ගේට මිනිහා බිරිදගෙ මාලෙ කඩාගෙන හොර පෙමට යන්න හදන්න ඇත්තෙ.. අහිංසකගෙ කියමන හරි.

:       0       0

වනිතා Wednesday, 30 May 2012 07:02 PM

හසීගේ කතාවට මට හිනහයි. හැබැයි මටත් පිළිගන්න වෙන්නේ ඒ කතාවමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 251 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 419 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 751 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site