(තිහගොඩ උපසේන ලියනගම)
තමාට ඉතා ආදරයෙන් උගන්වා සරසවි යන තෙක්ම උදව් කළ විදුහල්පතිවරයකුගේ අවමඟුලට සහභාගි වූ ගුරුවරියක වන ගෝලයකු එම මියගිය විදුහල්පතිවරයා විසින්ම පිළිගැනීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ වැව් බැඳි රාජ්‍යයේ නිවෙසකිනි.
දුෂ්කර සේවය සඳහා ගිය මේ විදුහල්පතිවරයා එම ප්‍රදේශයෙන්ම විවාහයක් කරගෙන එහි නැවතී සිටි අතර, ඔහු මියගිය පුවත පුවත්පතකින් දුටු ඇය දුරකතන ඇමතුමක් දුන්නත් ඵලක් නොවූ නිසා ගුරුවරයකු වූ සිය සැමියා සමග වයඹ පළාතේ සිට එම නිවෙස සොයා ගියේ යතුරුපැදියකිනි.
නිවෙස අසලට යන තෙක්ම අවමඟුල් සේයාවක් නුදුටු ඇය සිතුවේ කොරෝනා අර්බුදය නිසා මෙය චාම්ව සිදු කරනු ඇත කියාය.
හෙත් නිවෙසට ඇතුළුවන විටම විදුහල්පතිවරයා සිනාසෙමින් ඇය පිළිගත්තේ ‘‘දුවේ මොකද මේ සුදු ඇඳගෙන’’ කියාය. ඇයට කිසිවක් කීමට සිහියක් නොවූවත්, සැමියා ‘‘ළඟපාත මළගෙයක් තිබුණා. එහි ආපු ගමන් සර් බලන්න යන්න ඕනෑ කියල මෙයා කිව්වා’’ යනුවෙන් කීවේ ඇය දෙස ද බලා සිනාසෙමින් ලු.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මැරුණු ගුරුතුමා දොරකඩ බලා ඉඳලා
ශාන් Wednesday, 17 June 2020 03:16 AM
ඔහොම තමයි ඉතින් වයිෆ්ලා. හොඳ වැඩ නරක වැඩ කරන්න ගිහින් නාගන්නවා.