IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


මරාගෙන මැරෙන්න යද්දී කඬේ මුදලාලි ණය පොත මතක් කරලා

ගමේ මුදලාලිගේ ණය පොත නිසා සිදුවන්නට ගිය මහ විනාශයකට නැවතීමේ තිත තැබීමේ අපූරු පුවතක් අසන්නට ලැබුණේ අම්බලන්ගොඩ ප‍්‍රදේශයෙනි. නමින් මිත‍්‍රපාල වුවත් ඔහු මධුවිතට ලැදි හිතුවක්කාරයෙකි. තම දියණියගේ අනිසි පෙම් සබඳතාවක් නිසා කලක් තිස්සේ ගමේ පෙරළි කළ ඔහුගේ හඬ නැවතුණේ ඇය ඔහු සමග රහසේ පැන ගිය පසුය. එහෙත් තමා හොරෙකුට රැවටුණු බවත්, ඔහු එක් දරු පියකු බවත් පවසමින් පසුගිය දා දුව ආපසු ගෙදරට දුවගෙන ආවේ අඬාගෙනය. දෙලෝ රත්වූ මිත‍්‍රපාල කඩිනමින් සුපුරුදු මත්පැනින් උමතු වී තම දුව අමාරුවේ දැමූ පුද්ගලයාගේ ගෙදරට යනගමන් ගමේ කඬේට ද ගොඩවී ”අම්මාපල්ල ඌත් මරාගෙන මාත් මැරෙනවා” කීවේ ඇත්තටමය. කලබලයට පත්වූ මුදලාලි ”මිත‍්‍රපාල මැරෙන්න යනව නම් මගේ කඬේ ණය පියවල පලයං. ගණන රුපියල් තුන්දාස් හයසිය විසිපහයි” කී විට ඔහු ගමන බාල කොට ”අම්මප ඒකත් එහෙමද?” කියමින් නැවතුණාලූ.



අදහස් (0)

මරාගෙන මැරෙන්න යද්දී කඬේ මුදලාලි ණය පොත මතක් කරලා

චන්ද්‍රසිරි Friday, 14 September 2012 11:20 PM

මැරෙන්න ඕන ණය සේරම ගෙවලයි .නැත්නම් මතු ආත්මෙදි වන්දි ගෙවන්න වේවි...(ස)

:       0       0

Cooray Nawalage Jude Yohan Saturday, 15 September 2012 02:30 PM

මිත්‍රපාලට නිකම්ම නෙමෙයි දෙමව්පියෝ ඔය නම දාලා තියේන්නේ.. ඒක තමයි ඔය සටන ඔතනින් නැවැත්තුවෙ..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 15 September 2012 12:13 AM

හුගත් අයට පස්සෙයි තේරෙන්නේ ඕක පණ යන වැඩක් කියලා. (නි)

:       0       0

නන්දලාල් Friday, 14 September 2012 06:14 PM

අන්න තියෙනවා දිවි නසාගැනීම් වලට හොද පිළිතුරක් (දී)

:       0       0

පනාගොඩ Friday, 14 September 2012 06:44 PM

හොදම විසදුමක් තමයි ඕක (දී)

:       0       0

ආනන්ද ජයරත්න Friday, 14 September 2012 06:48 PM

වරුනට කැමතිනම් සියදිවි නසාගන්න නයකාරයා මැරුනම නය අහොසි වෙනවා (දී)

:       0       0

ලලිත් Friday, 14 September 2012 01:03 PM

බීපුවහම බලු කුක්කොත් සිංහයෝ වෙනවා. මම ඔය වගේ දේවල් හොඳට දැකල තියෙනවා. ඕවා බීපුවහම කියන කතා.. මුදලාලිගේ ණය පොතත් එහෙමමයි...(ස)

:       0       0

රණසිංහ ප්‍රේමලාල් Saturday, 15 September 2012 02:08 AM

දුන ගැන හොයන්න දැන් ඉතින්..

:       0       0

ටෝනි Saturday, 22 September 2012 06:27 AM

මේකේ තව කාටවත් පෙනිච්ච නැති පැත්තක් තියෙනවා. දැන් මේ කෙල්ලව කවුරුවත් බදියිද ? ෂුවර් එකටම නැහැ. දැන් මගෙන් අහයි උඹ එහෙනම් එයාව බැදපන්කෝ කියලා. ඔව් මම එයාට කැමැති නම් එයත් මට කැමති නම් මම අනිවාර්යෙන්ම බදිනවා, මේ ලංකාවේ තියෙන්නේ එහෙම පිටින්ම විකාර. (නි)

:       0       0

Naleem Mohommad Saturday, 15 September 2012 06:43 PM

අප සමාඡයේ සංස්කෘතිය හා සදාචාරය පිරිහීම නිසා මෙවෙනි සිදුවීමි වැලැක්විය නොහැක (නු)

:       0       0

සජී Friday, 14 September 2012 02:32 PM

මට නම් හිතෙනවා ඇත්තටම මරාගෙන මැරෙන්න නෙමෙයි ගියේ කියලා .(ස)

:       0       0

වෙනුර Saturday, 15 September 2012 08:04 AM

තවත් අරක්කු ගැටලුවක්..!!(නු)

:       0       0

අශාන් Friday, 14 September 2012 03:19 PM

මෙහෙම කිව්වට තරහ වෙන්න එපා, සිංහල කට්ටිය. අපේ රටේ සිංහල ගැහැණුන්ට මොළේ නැහැ. ඒක තමයි ඔය ඔක්කොටම මුල. ඕවට අද රටේ පෙන්වන නාට්‍ය වග කියන්ට ඕනෑ. 99% තියන්නේ අසම්මත ප්‍රේමය, මිනීමැරුම්, දෙපිටකාට්ටු වැඩ, කප්පම් ගන්න හැටි, කුලියට මරණ හැටි, තහනම් ගහේ ගෙඩි කන හැටි. නරකද ඔය මැරෙන්න බය නැති කට්ටිය ඕව හදන අයව මරාගෙන මැරුණා නම්. (නි)

:       0       0

විජේ Friday, 14 September 2012 03:29 PM

මෙයාලට නිදහස් අධ්‍යාපනයෙන් උගන්වපු ඒවට ණයයි .මෝඩ ගෑනු ...පව් අසරණ දෙමුපියෝ .(ස)

:       0       0

සමන්ත Saturday, 15 September 2012 09:35 AM

අයියෝ සල්ලි............ .(ස)

:       0       0

වරුණ Friday, 14 September 2012 10:23 AM

ඒ කියන්නේ මුළු රටයි රටේ මිනිස්සු හැමෝමයි ණය කාරයෝ වෙලා ? සියදිවි නසා ගණනවත් විදියක් නෑ....ණය කාරයෝ පස්සෙන් එනවා...(ස)

:       0       0

වරුණ Friday, 14 September 2012 10:25 AM

දුවගේ මගුලට විරුද්ධ වෙන්න කලින් සොයලා බැලුවනම් ඉවරයිනේ..එහෙනම් කෙල්ලත් පැනලා යන්නේ නෑ...

:       0       0

හේමන්ත Friday, 14 September 2012 10:32 AM

මේකට සාක්කි දෙන්න දෙවියෝ ඕන නෑ.හෘද සාක්ෂිය හොඳටම ඇති...(ස)

:       0       0

මාලා Friday, 14 September 2012 09:59 PM

අයියෝ සල්ලි ඒ මරණය හොදටම ඇති

:       0       0

අමිල කටුනායක Friday, 14 September 2012 10:36 PM

සිංහල භාෂාවේ මූර්ධජ නයන්නෙන් ප‍ටන් ගන්න එකම වචනේ ඕක...මම ඒ වචනෙටනම් බයයි...(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1027 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1061 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site