IMG-LOGO

මාර්ග සංඥා රතු එළියට බසය නතර කර රියැදුරු නිදාගෙන

මාතර නගරයේ නව මාර්ග සංඥා පද්ධතිය ක‍්‍රියාත්මක වෙද්දී කොළඹ දෙසට යන වාහන නතර වූයේ රතු එළිය වැටීම සමඟය. ඉදිරියෙන්ම වූයේ පෞද්ගලික බස් රථයකි. යළිත් කහ එළිය දැල්වී ක්ෂණයකින් කොළ එළිය ද වැටුණි. එහෙත් ඉදිරිපස වූ බස් රථය ධාවනය නොවූයෙන් ඊට පිටුපසින් ඇති වාහනවල රියැදුරන් කලබල වී නළා හඬ නඟන්නට වූයේ මහත් කරච්චලයක් ඇති කරමිනි. යතුරුපැදිකරුවන් බසයට එහා පැත්තේ ඉඩ ඇති තැනින් ඉදිරියට ගියත් වෙන කිසිම වාහනයකට යාමට බැරි වූයේ පාර මැද නතර කර තිබූ බසය හෙල්ලූනේවත් නැති බැවිනි. බැරිම තැන තම රියෙන් බැස්ස වාහන රියැදුරෙක් ඉදිරියට ආවේ බස් රථයේ රියැදුරුට හොඳවැයින් දෙකක් කතා කිරීමේ අදහසිනි. එහෙත් ඔහු දුටුවේ බස් රියැදුරු සුක්කානමට ඔළුව ගසාගෙන නිදා සිටින අයුරුයි. බස් රියැදුරු අවදි කර පෙර කී රියැදුරා තම වාහනය කරා යන විට ආයිත් වැටි තිබුණේ රතු එළියකි.



අදහස් (0)

මාර්ග සංඥා රතු එළියට බසය නතර කර රියැදුරු නිදාගෙන

මහින්ද Monday, 01 October 2012 07:58 PM

මටත් ඔය දේ වෙලා තියෙනවා. (නි)

:       0       0

ප්‍රියලත් Wednesday, 03 October 2012 08:57 AM

මේක බොරුවක් (ස)

:       0       0

ප්‍රභාත් Wednesday, 03 October 2012 02:03 PM

පිස්සු කතා... (නි)

:       0       0

ක්‍රිෂාන් Tuesday, 02 October 2012 11:06 AM

නිදිමතේ රිය පදවලා අනතුරක් නොවීම ගැන සතුටු වෙමු. (නි)

:       0       0

වරුණ Monday, 01 October 2012 09:27 AM

ෂුවර් එකටම තිතට මතේ ප්‍රතිඵලක්ද දන්නේ නෑ (ස)

:       0       0

නිරාන් Monday, 01 October 2012 09:38 AM

මේවනම් බොරු කතා (ස)

:       0       0

නිලූක Monday, 01 October 2012 09:47 AM

මේ වගේ ඩ්‍රයිවර්ල ලංකාවේ නෑ (ස)

:       0       0

පනාගොඩ Monday, 01 October 2012 09:53 AM

කෙටි නින්දක් හරි අරගෙන ජීවිත බේරගත්ත එක ලොකු දෙයක් , ඕස්ට්‍රේලියාවෙනම් දුර ගමන් සේවා යද්දි කෙටි නින්දකට ස්ථාන නම් කරලා තියෙනවා (power nap) රියදුරු මහත්තයා මාර්ගයෙන් ඉවතට ගෙන නිදාගත්තනම් තමයි වැඩියම හොඳ ? (ස)

:       0       0

සරත් Tuesday, 02 October 2012 12:37 AM

මේක පිළිගන්න පුලුවන් රියදුරා විතරක් ඇතුළේ හිටියා නම්. (නි)

:       0       0

ලලිත් Monday, 01 October 2012 10:06 AM

රුපියල පස්සේ දුවන අය නිසා නිදා ගන්නවත් වෙලාවක් නෑ ....හොඳ වෙලාවට ඔහොම උනේ...යන ගමන් නින්ද යනවනම් (ස)

:       0       0

සමන් කොළඹ සිට Tuesday, 02 October 2012 11:50 PM

හපොයි.. එයා කලින් දවසේ කසාද බැන්දේ. නිදිමත ඇති. (නි)

:       0       0

සරත් Monday, 01 October 2012 04:26 PM

මෙහෙම දේවල් වෙන්න පුලුවන්. පුද්ගලික අංශයේ රියදුරන් කොහොමත් අවිවේකිනේ. (නි)

:       0       0

හසිත් Monday, 01 October 2012 12:04 PM

මගීන් හා කොන්දොස්තර වරයෙක් නැති බස් එකක් වෙන්න ඇති නේද ??? නැත්නම් කතාව අතේ මාට්ටු (ස)

:       0       0

මායා Monday, 01 October 2012 05:18 PM

බොරුද කොහෙද? (නි)

:       0       0

මධුශංඛ Thursday, 04 October 2012 01:17 AM

අනේ කියන බොරු. (නි)

:       0       0

යොහාන් Monday, 01 October 2012 12:48 PM

අපේ රියදුරන් රතු එලියට නිදාගන්නේ නෑ .පුළුවන්නම් රතු සිග්නල් එකත් කඩාගෙන යයි..(ස)

:       0       0

පේමන්ත Monday, 01 October 2012 06:01 PM

හසිත් කිවුව එක නම් ඇත්ත. (නි)

:       0       0

ලහිරු Tuesday, 02 October 2012 09:27 AM

බොරු බයිලා.මේ වගේ මට්ටු වෙන දේවල් කරන ඔය වගේ මෝඩයෝ ලංකාවේ නැහැ දැන්.(ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 01 October 2012 12:45 PM

මේ වගේ අවස්ථා මම දැකලා තියෙනවා (ස)

:       0       0

මනම්පේරි Wednesday, 03 October 2012 05:17 PM

ජපානයේ මෙහෙම වුණා නම් ජීවිත කාලයටම රියදුරු අසුනක හිදගැනීම තහනම්. (නි)

:       0       0

අමිල කටුනායක Monday, 01 October 2012 07:18 PM

බස් එකේ හිටියේ රියදුරා විතරමද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site