IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


මුරකරුගේ කෙරුවාව හවරියෙන් එළිවෙලා

(තිහගොඩ  උපසේන ලියනගම)
 උතුරු මැද පළාතේ නගරයෙන් ඈතින් පිහිටි ප්‍රධාන පෙළේ විදුහලකි. එහි අලුතෙන් පත්ව ආ විදුහල්පතිවරයාට තම හැකියාව පෙන්වීමට ගිය මුරකරු‘‘සර් මම දවල් වගේම ඉඳහිටල රෑටත් මුර වැඩේ කරනවා, මේ කාලේ වත්තට රිංගන හොරු වැඩියි’’ කීවේ ඔහුගේ සිත් ගැනීමටය.


 එහෙත් මඳ කලකින්ම විදුහල්පතිවරයාට දැන ගන්නට ලැබු​ෙණ් ඔහු එතරම් හොඳ චරිතවත් අයකු නොවන බවයි. පසුගියදා ඔහු රාත්‍රී මුර සේවයේ යෙදී සිටින විට නතර වී සිටින පාසල් වත්තේ කෙළවර කාමරය දෙසට විදුහල්පති ගියේ ඔහු සමඟ සුහදව කතාබහ කිරීමටය.


 විදුහල්පතිගේ විදුලි පන්දමේ එළිය දුටු ඔහු මෙතෙක් අඳුරේ සිටියත්   කාමරයේ විදුලි පහන් දැල්වීය. ඒ සමඟම කිසිවකු පැනයන හඬ ඔහුට ඇසිණ.


කාමරයට ඇතුළු වී විදුලි පන්දමෙන් වට පිට පරීක්ෂා කළ විදුහල්පති දුටුවේ ඔහුගේ නිදි ඇඳ අසල වූ කාන්තා හවරියකි.


 ‘මම එනකොට සද්දයක් ඇහුණා’. විදුහල්පති කියන විට ඔහු කීවේ මෙය හොල්මන් විමානයක් කියාය. ‘‘වෙන්න ඇති, හැබැයි හොල්මන් කරන්නේ ගෑනු හොල්මන්. හවරි දාල යන හොල්මන් ගැන මම ඇහුවේ අදයි’’ විදුහල්පති කීවෙන් මුරකරුට තරු පෙනුණාලු. 

 



අදහස් (0)

මුරකරුගේ කෙරුවාව හවරියෙන් එළිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 41 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 56 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1629 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site