කොළඹ නිවෙසක ඇතිදැඩි කළ බල්ලෙක් මිය ගියේය. සුරතලා සැබෑවටම මියගියේ දැයි දැන ගැනීමට බල්ලාගේ හිමිකාරිය ඌව කිහිප දෙනෙකුට පෙන්වූ විට පැවසුවේ මියගොස් ඇති බවය. තම දෙමහල් නිවසේ මිදුලක් නොතිබුණෙන් බල්ලා වළ දැමීම ඇයට ප‍්‍රශ්නයක් විය. පසුව මතකයට නැගුණේ නිවෙසට කිලෝ මීටරයක් දුරින් පිහිටි කනත්තය.
ඇය එතැනට ගොස්, මගේ බල්ලා මැරුණා. වළදාන්න තැනක් නැහැනේ යනුවෙන් කඳුළු පිරි දෙනෙතින් එහි සේවකයකුට පැවසුවාය. කාන්තාව දෙස බැලූ සේවකයා ‘‘මැඩම් මෙහෙ වළ දාන්නේ මිනිස්සු විතරනේ. ඒ වුණාට මැඩම්ට මම උදව්වක් කරන්නම්. පිට අයට කියන්න එපා. මට රුපියල් දෙදහක් දෙන්න. මම ඌව වළ දාන්නම්. බොඩි එක හවස් වෙලා අරන් එන්න’’ යැයි පැවසීය.
නිවෙසට පැමිණි කාන්තාව මැරුණු බල්ලාව හඳුනාගත නොහැකිවන සේ අලංකාර ඉටි බෑගයක ඔතා ත‍්‍රිරෝද රථයකින් කනත්තට ගෙනාවාය. එනවිට කනත්තේ වළ කපා තිබිණි. වහා බල්ලා අඩංගු බෑගය වළට දැමූ සේවකයා පස් වලින් වළ වැසීය. කාන්තාව රුපියල් දෙදහස දී ශෝකයෙන් ආපසු පැමිණියාය.
(ක‍්‍රිස්ටෝපර් සීපියන්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියුනු රටවල පශු වෛද්‍යවරු කීසියම් ගානක් අයකර සුරතල් සතුන් ආදාහනය කිරීම සිදුකරනව. ඒ අනුව බලනකොට මේ කාන්තාව කල දෙයවත් කනත්තෙ මුරකරු කල වැඩයවත් අවඥා සහගතව සලකා බැලීම යුතු නැත. අනෙක එය නීති විරෝධී ක්‍රියාවක්ද නොවේ.
අපේ රටේ සුරතල් සතුන් භූමදානය කරන්න තරම් ඉඩමේ ඉඩක් නොමැති අයට ඉඩ සැපයීම අවශ්‍යයි එහෙම නොමැති විට තමයි කුණු බෑග් වල දමල පාර අයිනේ කුණු දමන තැන වල දාල යන්නේ, නගරයෙන් දුර බැහැරින් ඊට ඉඩක් සපයන්න, ආදාහන කටයුතු කරන්න පහසුකම් සලසන්න මුදල් යෙදවිය හැකි ව්‍යාපාරිකයෙකුට මල් ශාලා හිමියෙක්ට කල්පනා වුනොත් බොහෝ දෙනෙකුට එය පහසුවක් වේවි,
මේ තැනැත්තිය කල දේ කිසිම වරදක් නැහැ. අද කොළොඹ බොහෝ තට්ටු නිවාස වල වෙසෙන්නන්ට මේ ප්‍රශ්නය ඇත. නගරයෙන් පිට මේ කටයුත්ත සඳහා රජයට අයත් ඉඩමක් ලබාදෙනවනම් ඉතාමත් හොඳයි.
වල දාන්නෙ නැතිව තියාගෙන ඉන්නද? රුපියල් දෙදහසකින් ඕක කරගන්න ලැබුන එක ඒ නෝනගේ වාසනාව වගේම කනත්ත බලාගන්න එක්කෙනාගේත් වාසනවක්නේ .
සතුන්ට තැනක් දෙන්න . නිදහසේ සැතපෙන්න
දැන් වසර ගණනාවකට පෙර අසල් වාසි නිවසක ඇල්ශේෂන් බල්ලෙක් මැරුණු අවස්ථාවේ දී කොළඹ නගර සභාවට දැන් වූ විට ඔවුන් විශේෂ රථයකින් පැමිණ එම මැරුණු සතාව රැගෙන ගියා මට මතකයි. සමහර විට එම නීති හා පහසුකම් ඒ යුගයේ තිබෙන්නට ඇති. නමුත් දැන් දියුණුයි කියලා හිතාගෙන යුගයේ ඒවා අහෝසි වෙලා ඇති. සමහර විට තවමත් එම නීති හා පහසුකම් තිබෙන්නටත් පිළිවෙන.