මෙම නිවසේ කාලයක සිට මීයෙකු ගැවසෙන්නට විය. නිවැසියන්ගෙන් ඌට කරදරයක් නොවූ නිසා මීයාගෙන්ද කරදරයක් නොවීය. මීයා රාත‍්‍රි කාලයේදී නිවස තුළ දිව්වත් නිවසේ පියා, මව සහ කුඩා දියණිය ඌ දෙස බලා සිටියා විනා හිරිහැර කළේ නැත. දිනක් ඥාති පුත‍්‍රයෙක් දින කිහිපයක් ගතකිරීම සඳහා නිවසට පැමිණියේය.
මීයා ඔහු ඉදිරියේද රැඟුම් දක්වන්නට විය. ඥාති පුතාට මීයාව දිරෙව්වේ නැත. හෙතෙම පොලූ කැබැල්ලක් රැගෙන කාමරයේ ගමන් කළ මීයාට පහරක් ගැසීය. පහර කෑ මීයා කෑ ගසමින් නොපෙනී ගිය අතර එදා සිට නිවැසියන්ට හිරිහැර කරන්නට විය. නිවසට ගෙනෙනා පලතුරු වර්ග කමින්, සහල් මලූ ඉරා දමමින් එපමණක් නොව ඔවුන්ගේ නින්දට බාධා වනසේ යම්යම් දේ පෙරළමින් සහ ශබ්ද කරමින් හැසිරෙන්ට විය. මියා සබන් වර්ග ද ලෑටි ගෑම නිසා ඒවා ඉවත දැමීමට සිදු වූ වාර අනන්තය. ඥාති පුත‍්‍රයාට කොතෙකුත් එපා කීවත් ඔහු මාර පුත‍්‍රයාවී නිදි මරාගෙන මීයා ඝාතන මෙහෙයුම ක‍්‍රියාත්මක කළත් සාර්ථක වූයේ නැත.
දිනක් ගෙහිමියා මුහුණ සෝදා ගැනීම සඳහා සබන් කැටය සෙවූ විට දියණිය පැවසුවේ මීයාගෙන් ආරක්ෂා කිරීම සඳහා සබන් පෙට්ටිය ශීතකරණයේ තැබූ බවය. සබන් සුවඳ යැවීම සඳහා ශීතකරණය පිරිසිදු කොට දොර විවෘතව තැබීමටද එනිසා සිදුවිය. ඥාති පුත‍්‍රයා එදිනම තම ගම්බිම් බලා පිටව ගිය අතර මීයාගේ කරදරයද එදා සිට නැවතී ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙවල් දොරවල් පිරිසිදු කරනවානම් මියෝ ඉන්නේ නැහැ (දී)
මගේ නම කියල කෑගහනවා එලිවෙච්ච වෙලේ ඉදන් වැඩක් කරගන්න නැහැ ..?විභාගේ ෆේල් උනොත්..මේ නම කියල අඩගහන කට්ටියන්ගේ ගෙදරකට ගිහින් නවතිනවා ...? (අ)
තිලක්,කතාව නම් පංකාදුයි.මල් පහයි.මගෙන් සිනා මල් මිටක් !!! (නි)
රුපවති අක්කේ, කුමාරිහාමි නගාටත් වැඩ නැද්ද මන්ද නේද. (අ)
චන්දි , වෙන මොකටද ඉතින් පොඩි උන්ගේ නම් රෙජිස්ටර් කරන්න මිසක් (අ)
ප්‍රේම කුමාර ..අයියේ ..චන්දි.නංගියි මමයි හදවතින් එකම අම්මෙකුගෙයි එකම තාත්තෙකුගෙයි..කෙල්ලෝ දෙන්නෙක් ...ඇයි..උප්පැන්නේ දෙන්නද ..අහල බැලුවේ ..? (අ)
කොහෙද පහන් ඔයා ඉන්නේ ? අපට බලන්න පුලුවන්ද ? මමත් හරිම රස විඳිනවා ඔයාගේ හිත පිනවන ආශ්චර්ය කතා කියවලා. මැරෙන කොටත් හිනා වෙන ඔයා වගේ කෙනෙක් ලබන්න ඔයාගේ වයිෆ් මොන පින් කන්දරාවක් කරන්න ඇතිද ?(නදී)
අමරසිංහ මහත්තයා, ඒ නෝනා වයඹ පලාතේ (නි)
අනේ මන්ද මේ මීයා ගැහැණු එකෙක්ද කොහෙද ඒකනේ මෙතරම් දරුණු.(නදී)
අයියෝ පහන්, කොහෙන්ද අනේ ඔයාට මේ කතා? නියමයි මල්ලි නියමයි. තව ලියන්න. තනියෙන් පාලුවෙන් ඉන්න අපිට ඔබ රස සාගරයක් !! (නි)
නියමයි පහන්. හරියට ඩීසීඩී නැති කිරි වගේ. කොටින්ම කියනවා නම් "එළකිරි". (ස)
දිසා ඔයාගේ නාඩි බලන්න මීටර් එකක් එහම තියනවද (දී)
පහන්, බලාගෙන යනකොට මදුරුවෝ කලා තියෙන්නේ මගේ විතරනේ. අනෙක් කවුරුවත් මදුරුවො කලාම නැහැ වගේ..... පවු.... (ස)
මමයි, රූපවතී අක්කයි කන්ඩලමේ ගිය දවස්වල නම් එක මදුරුවෙක්වත් කෑවේ නෑ. මොකද අපි දෙන්නා නැවතිලා හිටියේ අර ජපන් රජ කුමරිය නැවතිලා හිටිය කාමරේමයි. මාර සැප ඒ කාමරේ. (ස)
අපේ ගෙදරත් මීයෝ හිටියා.ඒත් මගෙන් ගැලවිලා යන්න බෑ.... (ස)
මෝඩ මිනිස්සු
පහන්, තම තමන්ගෙන් රටට වෙන්න තියන යුතුකම් ගැනත් හිතන්න. නුබලා නොදන්නා දේවල් ගොඩක් සිද්දවෙනවා යටින්. එක්කෙනෛක්වත් නැහැ ඔලුව උස්සලා බලන්නේ. එහෙනම් අහගනිල්ලා. ගමනක් තිබේ යාමට විදිමින් ගහැට විනයක් කටියි දඩබල්ලන් මගේ රටට සමහරු නටයි බටහිරයාගේ පද වලට නොබියව යමව් අරනලු ඇති ලොවට.(නදී)
පහන් ගේ නෝනා එයාව කාමරයකට දමලා අගුලු දමළලු. කාන්තා පක්ෂයෙන් බේරගන්න බැරි නිසා.අපිට හුලං කතා තමා අහන්න වෙන්නේ.උද්ගෝෂණයක් දමමුද චන්දි? (නි)
චන්දි අක්කේ පාලුව නැති වෙන්න පොඩි වෙනසකටත් එක්ක අපි දෙන්නත් යමුද කන්ඩලමේ? (ස)
ඒ වුනාට ඩේවිඩ් , පහන්ගේ වයිෆ් කිති කැව්වත් හිනාවෙන්නේ නැතිලු. ඔන්න අපි ලග හිටියානම් බලන්න තිබුනා පහන්ට. හිනාවෙන්නේ කොහොමද කියලා. කෝ පහන්ගේ ෆෝන් නම්බ එකවත් දෙන්නේ නැහැනේ.(නදී)
පහන් මේ තීරය අදුරු වෙලා ඉක්මනට ඇවිත් ආලෝකය කරන්න.(නදී)
පළමුව රෑපවතිගේ ප්‍රශ්නෙට පිළිතුරු, විදේශයේදී ගිහින් තියනවා ..ලංකාවෙත් තියනවා බියගම කැලණිය පාරේ තියෙන්නේ නම වෝටර් විලේච් ....කොහෙද කුරුණෑගල වෙල් කිරිල්ලියෝ ඕවා දන්නේ නැහැනේ. මිනී ඔලු ඇහිදින්න විතරද දන්නේ ...ගමේ වට්ටක්කා ඇට කාල රට ආවහම අමතක වෙනවා ලංකාව ... (ස)
මං හිතන්නේ නම් ඩේවිඩ් .. පහන් ගේ වයිෆ් පහන්ව ඩිවෝස් කරන්න නඩු දාලා ., දැන් එයා දික්කසාද පෝලිමේ වෙන්නැති .. ඕක ඉවරවෙලා පහන් කවද එයිද මන්දා !! කවදා ආවත් මං නොමැරී ඉන්නවා පහන් ඔයා එනකම් (කතාවක් අහන්න විතරයි හොඳේ. ) (ස)
වැහි දිය මහා බිම තෙමුවට බිම තෙමන්නේ වැහි විතරද ...........රෑ අහසේ තරු තිබුනට තරු තියෙන්නේ රෑ විතරද .......විහඟුන් පෙම් ගී ගැයුවාට ගී කියන්නේ උන් විතරද ......මට රූප විතරක් උනාට රූපට ඉන්නේ මම විතරද ..............දීපල්ලකෝ උත්තර .ලොවි ගහෙත් නැහැ.....එහෙනම්. (ස)
මීයා අල්ලන්න ක්‍රම ඕනෑතරම් තිබෙනවා. (නි)
අනේ සහෝදරයා !! රූපා කියන්නේ මගේ සහෝදරියක්, ඉතින් ඔයා එයත් එක්ක එදා කන්ඩලමේ ගිහින් ඇවිත් .., අද මට යමුද කියන්නේ !!!! ෂි..,ෂි කැතයි .!! බෑ..බෑ .කැතයි !!! ලජ්ජා නැද්දෝ .. කියන්නකෝ අයියේ . ඩිංගක් හිතන්නකෝ අයියේ .., දැන්වත් හැදෙන්නකෝ අයියේ (ස)
නිලූ නංගි, කතාව හොදයි. මට ටිකක් හිනා ගියා. මමත් දැන් හදන්නේ මරු වැඩක් කරන්න.මමත් නගිනවා ගහකට. පහන් එනතුරු බහින්නේ නැහැ (නි)
සරත් මල්ලි,ඔයාට ෂුවර්ද ..? ෆිල්ම් එක බලද්දීද මදුරුවා කෑවේ? (නි)
පහන්, තිලක්, කටා මාමා , ස්තුතියි ඔබ හැමදෙනාගේ රස කතා වලට. අමතක වුණා විශේෂයෙන් රුපවති අක්කටත් ස්තුතියි. දැන් මේ කතාවේ ප්‍රධාන චරිත දෙක මීයා සහ මදුරුවා ! (නි)
චන්දි අක්කේ, මම ඔයාටයි කතාව ලිවුවේ. හැබැයි පොඩි වැරදීමක් වෙලා (නි)
ඉන්දු ,අමිල ,සරත් ,අසෝක ,චන්දි ඔයාලා මගේ කථා අගය කරන නිසා තමයි මම කොච්චර වැඩ තිබුනත් .දෙයියෝ සාක්කි තීරයට ඇවිත් යන්නේ . ඔයාලා මේ කථා වලට හිනා උනාට මගේ වයිෆ්ට මේ කථා වලට හිනා යන්නේ නැහැ .ටියුබ් ලයිට් එකක් වගේ .මම එයාගේ යාලුවෝ ඉන්න තැන ඔය කථා ඉඳහිට කියනවා .උන් පැලෙන්න හිනා වෙනවා. එතකොට ඔන්න එයත් යාළුවෙකුගෙන් තේරුම අහගෙන හිනාවෙනවා . (ස)
නාඩ් බලල බෙහෙත් බොන්න්- ඔන්න බබෝ මේ අහන්න - කණ කොකාගේ සුදපෙන්නේ - ඌ ඉගිලෙන විටනේ අන්න.//(නදී)
නමින් කපුරු හාමි - කට ඇරියම ගඳේ බැරිලු.(නදී)
අනේ මම නම් කැමති නැහැ ඔය මීයෝ ගැන කතා කරන්න. මම දවසක් මට මල් කඩපු කොල්ලෙක් හමුවෙන්න ගියා කුරුණෑගලට.. අම්මට කිවුවේ අයියයලාගේ ගෙදර යනවා කියලා. ටෙලිෆෝන් ආවේ මෑතකනේ.හිතුවේ නැහැ එළිවෙයි කියලා.ඔය නගර දෙකටම අතරේ උන්නා මම හීන ගොඩාක් මවාගෙන.කිලෝ මීටර් 2ක් විතර පයින් ගමෙන් බස් පාරට යන්න මගට බහින්න හදනවිට මෙන්න බොලේ අපේ අම්මා.අලුත වැලේ හැදුනා කියලා පුතාට ගෙනිහින් දීපන් චුටි මැණිකේ..කියලා හෙන එළවලු මල්ලක් අතේ තියාපි.මොනවා කරන්නද? ඕකත් අතේ තියාගෙන කරන්නේ මොකද්ද ..? කල්පනා කරමින් යන මගේ අර ඒ දණ්ඩ ඔයට දමපු තැන ඒ වෙනකොට පාලමකුත් තිබුණා.විසිකළා ඔය එළවලු මල්ල ඔයට.ගියා මගේ පෝතකයා බලන්න.හැබැයි ගෙදර ඇවිල්ලා අම්මට කිවුවා. අම්ම එදා කම්බුලේ අතක් තියාගෙන දත් මිටිකෑවට අම්මා මිය යන දවසේ රාත්‍රීයේ පව්ලේ සියල්ලම රැස්වී සිටිතැන ඒ සිදුවීම පව්ලේ හැමටම කියලා හිනා වුණා..මගේ මෑණියන්ට නිවන් සුව ලැබේවා ...! (නි)
මොකද අනේ ඔයාල මේ පරණ නිවුස් අලත් කර කර ඉන්නේ, දැන් මාරු වෙන්න අලුත් දෙයියෝ සාක්කි එකට, මට තව ටිකෙන් මේකේ තියෙන කොමෙන්ට්ස් ටික මිස් වෙනවා බැලුවේ නැත්නම්. පරණ වෙනකොට මාරු කරන්න පුරුදු වෙන්න!(නදී)
ගාමිණි. ඕකත් අහන්න දෙයක්ද ..?? එන්න එන්න .!! අපිත් එක්ක දුක,කදුළ වේදනාව සහ සැප සතුට බෙදා ගමු අපි එක්ක සතුටු වෙන්න කිවි ලියන්න දැනගන්නම ඕන නැහැ ,අපේ හිතවත් කතෘ තුමා මේ පිටුව ,මා.., ඔබ,අපි වෙනුවෙන් දීල තියෙන්නේ දුකින් ඉන්න අපිට සහනයක් සලසන්න ඔහුට මගේ ස්තුතිය පුදමි (හරේ...!! යං,යං අපේ බස් එකට ගාමිනිත් නැග්ගා) හැබැයි කව්රුවත් ඉස්සරහා හෝල්ඩ් බහිනවා කියන්න එපා.(නදී)
ඔන්න පහන් ඔයා අදවත් ආවේ නැත්නම්.., අපිට කතාවක් කිවේ නැත්නම් ...,!! ''මම'' රේල්ලට බෙල්ල තියනවා ., ජිවිතේ එපා කියනවා .., කෝච්චිය ලං වෙනකොට මන් .....නැ . නැ, නෑ....එහෙම්මම ඉන්නවා...!!!(නදී)
හේරත් ඔයා මොකටද කපුරු හාමිගේ කට ඉබින්න ගියේ. මන් කියන්නම් කෝ අම්මට.(නදී)
ලොබ කම වෙන මොකද්ද (දී)
අනේ හේරත් මාමේ මට ඔය කවි ලියන්න තේරෙන්නේ නෑ නේ.... (ස)
මදුරන්ගි අපිත් ඉස්සර කවි ලිවේ ඉගෙනගෙන නොවෙයි .. එක දෙයක් ගැන නිකන් හිතන්න, හිතෙන දේ කොලේක ලියන්න, ඔයා දන්නෙම නැතිව ලස්සන කවියක් ලිවිලා තියේවි .., මේ විදියට ..!! හදවත ඔබේ එක තැනකට ගෙන එන්න.., මනසට ඔබේ එක කරුණක් අරගන්න..,දැනෙනා ලෙසට හැම වචනෙම කොලයක රදවන්න .. නොදනිම ඔබට කවියක් ලියවී මෙන්න ..!! (දී)
ස්තුතියි පහන් ඔබේ රස කතා වලට (නි)
රූපවතී අක්කේ, චන්දි අක්කේ, ඔයාලා දෙන්නා කැමති නම් තව මාස දහයකින් විතර, මාත් එක්ක රෙජිස්ටර් කන්තෝරුවට යන්න පුලුවන්. (ස)
අනේ අපේ අම්ම දන්නවා මන් ගැන. කට ඉබින්න ඕනේ නෑ අනේ. නහය තියෙන අයට ඉබේ දැනෙනවා.. හෙම්බිරිස්සාව නම් දැනෙන්නේ නෑ නාහේ වමට නම් වැඩකුත් නෑ චන්දි.(නදී)
රුපවති අක්කේ මම වෝටර් පාර්ක් දෙකක් දැකල තියෙනවා. එකක් තායිලන්තේ පුකෙට් වල ඒක වතුරට බැහැල ජල ක්‍රීඩා කරන්න පුළුවන් රබර් ටියුබ් වල නැගල තෙමෙන්න නටන්න පුළුවන් දිස්නිලන්තේ වගේ නිර්මාණය කරපු තැනක්. (අ)
මෙච්චර කියලත් නැවතත් ආවා නේද පරණ එකට. ඔව් පෙරේරා, මම කියන්නේ පරණ වෙනකොට මාරු කරන්න කියලයි. (නි)
බොරු කතාවක්... (ස)
චන්දි, උරුලෑවා කියන සතාගේ කට ඉඹින්නම ඕනෑද ගඳ දැනෙන්න. (නි)
අර මොකටද බන් මල්ලියේ ..!! (නි)
මීයාගෙන් සබන් කැටය බේරා ගන්නම බැරි නම් කරන්න තිබුනේ රජකාලෙ වගේ සබන් පෙට්ටියටම ඉබ්බෙක් දාල තියන එකයි! ශීතකරණයේ තැබීමෙන් අපරාදේ වැඩ දෙකක් උන එක විතරයි උනේ! කොහොම උනත් මීයෝ වැඩි වෙන්න කලින් ඥාති පුත‍්‍රයා ආපහු ගිය එකනම් බුද්දිමත් තීරණයක්! එහෙම නොවුනා නම් තාත්තට වෙන්න දියණියවත් ශීතකරණයට දාල තියන්නයි! (ස)
රෙජිස්ටර් කරල තැපෑලෙන්ද යවන්නේ? නැතිනම් ඉන්දියන් යාලුවා අතේ කටුනායක හරහාද යවන්නේ?
මට දැන් මතක් වුනේ.දවසක් මම මාර්කට් ගිය වෙලේ වෙළෙන්දෙක් මට කිව්වා ආ ,නෝනා බටු ගන්න ,පලා ගන්න කියලා. මං එපා කිව්වා. (නි)
ආදරේටනේ අක්කේ? (නි)
චන්දිල, හේරත්ලා වැඩ පටන් අරගෙන වගේ. අපේ කන්තෝරුවේ ලොක්කත් බරටම සද්දේ. අපි නම් හීනියට ඕවා බලාගෙන ඉන්නවා. (නි)
දොන් නොකියා කිවුවා නේද. හොඳ හොඳා. (ස)
පහන්, තාම අත මදුරුවා කනවද?ගන්න එපා අත එහෙම. ඌ අත කාපුදෙන්...මදුරුවා නේ.මුහුන බේරා ගන්න. මොකද හෙට යාලුවෝ අහවි කව්ද මුහුන කෑවේ කියලා. මට පෙනෙන්නේ චන්දි මදුරු දැලක් කියලයි (නි)
මොනවද ඉන්දු මේ උපදෙස්? ඒ කියන්නේ හැමදාම අලුත් ඒවාද? (නි)
මම මේ කියන සිද්ධිය නම් වාර්තා වුනේ කුරුණෑගල පැත්තෙන්, බිත්තර නානා පොල් බිස්නස් කරන කාලේ වෙච්ච සිද්ධියක් ගැන.. ඔන්න එක දවසක් බිත්තර නානා කුලියට හිටපු ගෙදර මීයන්ගෙන් හරිම කරදර නිසා නානාගේ බිරිඳ සුද්දී කියා සිටියේ වෙන ගෙයක් බලමු යනුවෙනි. නානා කියනවලු මොන පිස්සුද, මම ඉපදෙන්න ඉන්න දරුවන්ගේ ඔලුව හදල තියෙනවා, යක්කු එලවලා තියෙනවා, මීයෝ අල්ලන එක සුළු වැඩක්නේ කියමින් නානා තම කොලුවව කඩේට යැව්වේ මී කතුරක් රැගෙන එන්නටය. කඩේට ගිය කොලුවා ගෙදර ආවේ කඩේ මී කතුරු නැති බව කියමිනි. පසුව කඩේ මුදලාලි ඔහුගේ ගෝලයාට බැන වැදුනේ මී කතුරු නැත්නම් මී පාසානම් විකුණපන්..... සබන් නැත්නම්සබන් කුඩු... හාල් මැස්සෝ නැත්නම් කට්ටා කරවල විකුණපන් යනුවෙනි. මුදලාලි එසේ කියා දුන්නේය. ඔන්න දවසක් බිත්තර නානා මේ කඩේට ඇවිත් කොලුවෝ මට අත පිහීන ටිෂු පෙට්ටියක් දෙන්න යැයි ඉල්ලා සිටියේය. එවිට කඩේ කොලුවා කියා සිටියේ අනේ නානා ටිෂු නම් ඉවරයි.. නොම්මර එකේ වැලි කඩදාසි තියෙනවා දෙන්නද? යනුවෙනි (නි)
ඉන්දු නගා හැඩකාරයි - ආදරයක් නැති ගානයි - දවස් තුනෙන් මාරු කරයි මේවා අහලා මගෙ පන යයි..... (නි)
මොනවා වුණත් සත්තුන්ට හිංසා කරන්න හොද නැහැ.මට මතක් වුණේ ඉන්නකම් දස අකුසල් ඔක්කොම කරලා අපායේ ගිය අපේ ඇමතිතුමෙක් ගැන. අපායේ ගියාට පසු යම රජ්ජුරුවෝ කිවුවලු , ඔබතුමා කැමති දඩුවමක් තෝරාගන්න කියලා. මෙහෙ වගේ තමා ඇමතිට සැළකිලි.රජතුමා දඩුවම් විදින ඒ ඒ තැන්වලට එක්කගෙන ගියාලු.එකකටවත් ඇමතිතුමා කැමති වුණේ නැහැලු.අන්තිම තැන තියනවලු එක කට්ටියක් අසුචි වලකට බැහැලා සිගරට් බොන දඩුවමක්. ඒක විතරයි දුටු දඩුවම් වලින් ටිකක් හරි සහනයක් තියෙන දඩුවමක් කියලා හිතපු ඇමතිතුමා ඒ දඩුවම තෝරා ගත්තලු.යම රජතුමාගේ නියෝගය පරිදි වලට බැහැලා සිගරට් බොන්න ගත්තලු. ටික වෙලාවක් ගත වුණාලු.මේ දඩුවම බාරව ඉන්න යම පල්ලා එතනට ඇවිල්ල විසිල් පාරක් එහෙම ගහලා. අර අපේ පොලිසියේ මහත්තුරු ගාව තියන විසිල් එකම තමා. සද්දෙට මෙහෙම කිවුවලු ..හා.. හා ...දැන් විවේක කාලේ ඉවරයි, හැමෝම ඔලුවෙන් හිට ගනිල්ලා .... (නි)
ඉතින් සරත් ඔයා මට කලින් කියන්න එපැයි..!! හරි හරි මන් හෙට ඉදල ඕපා දුප හොයන්නම්කො ..!!! හැබැයි ඔයා ගැනත් හොයනවා හොදේ (අ)
ඔන්න එක ගමක කොලුවෙක හිටියා. ඒ කොලුවා වෙලට ගොස් පලාවර්ග කපාගෙන ඇවිල්ලා පොළට රැගෙන ගොස් විකුණනවා.ඒ කොලුවා පොළේදී මේ ආකාරයට කෑගසමින් පලා විකුණනවා.එන්න එන්න පලා ගන්න එන්න.අර නෝනත් පලා ගත්තා . මේ මහත්තයත් පලා ගන්න එන්න.ඉතින් හුගක් අය මේ කොලුවා ළගට ඇවිල්ලා පලා අරගෙන යනවා. (නි)
පහන්ට,චොකලට් එකක් දෙමුද චන්දි.(නදී)
ඔන්න අද උදේ මම මාකට්ටුවට ගියා පලා ගන්න. ඔක්කොම පලා ගැනිලි නවත්තල පොල් ගැනිලි දිහා ඇසිපිය නොහෙලා බලා ඉන්නවා. පොලීසියෙනුත් ආවා. හමුදාවෙනුත් ආවා. එක්කෙනෙක් කියාපි, බැහැපිය ගහෙන් විනාඩි 10 දෙනවා, කියලා. කොල්ලෙක් කිව්වා මම විනාඩි 60 දෙනවා බහින්න එපා කියලා. කිට්ටු කරලා බැලින්නම් ගහේ ඉන්නේ චන්ඩි නෝනා නේ. කොල්ල පහන් නෙව.මමත් නගිනවා ගහට සරම මුහුනේ ඔතාගෙන. ලැජ්ජාවේ බැහැ. (නි)
අපි මොනවා කරන්නද දිසා, අපි අහසේ බැබලෙන පුංචි තාරුකා වගේ.ඉර ,හඳ වගේ තවත් ග්‍රහලෝක විශ්වයේ තියෙනවා නේද ?ඒවා අපිට වඩා සිය දහස් වරක් බලවත්. (නි)
මොකද දිසා අපේ පහන අඳුරු කළේ? (නි)
ගෙදර කලින් ගෙනාපුවා තිබුන නිසා නේ ජානි එහෙම කිව්වේ.(නදී)
චන්දි මොනවා? රූපවතී ඔයාගේ සහෝදරී? ඔයලා එකම මවකගේ දරුවෝද? නැත්නම් එකම පියෙකුගේ දරුවෝද? (නි)
සරත් අයියේ, මීයා සනීපෙන්ද? (නි)
දවසක් කන රිදෙනවට බෙහෙත් ගන්න ගියාම ටැමිල් ලේඩි ඩොක්ටර් කෙනෙක් මගෙනුත් අහපි, "ආ.. ඔයා ආවේ කන පලා ගන්නද" කියලා.. (නි)
ඉස්සර අපේ ගෙදර රේඩියෝ එකක් තිබුනා. ඒකේ රාත්‍රී දහය හමාරට හින්දි සින්දු අපි අහනවා. දවසක් අපේ පූසා තරහවෙලා වගේ අහක බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේ සුදු මී පැටියෙක් වහලෙන් වැටුනා, මීයා වනාහි නපුරු සතෙකි. මීයාට අපි කවුරුත් කැමති නැත. මීයා පාන් කන්න කැමතිය. මීයා පුසට බයය. මීයාට කකුල් හතරක් ඇත. මීයා අපේ පාසලේද දක්නට ඇත. මීයා ගැන කියනවා නම් තව ගොඩක් ඇත. (නි)
ඡන්දි අක්කේ මේක අහලා පොඩ්ඩක් හිනාවෙන්කෝ. හිරේ හිටපු මිනිහෙක් විවාහයක් කර දෙන්න කියලා ගහකට නැග්ගලු. එතනට වෛද්‍යවරු පිරිසක් ඇවිත් කිව්වලු අපි ඒක කරලා දෙන්නම් බහින්න කියලා. මේ මනුස්සයා බැස්සේම නැතිලු. පස්සේ වෛද්‍යවරු කිව්වලු බැස්සේ නැත්නම් ගහ කපනවා කියලා. ඒත් බැස්සේ නැතිලු. ඔය අතරේ එතනට ආපු පිස්සෙක් කිව්වලු සර් මම එක් විනාඩියෙන් බස්සනම් කියලා. වෛද්‍යවරු පුදුම වුනාලු. පිස්සු මනුස්සයා ගහ ලගට ගිහින් කිව්වලු බැහැපන් නැත්නම් ගහ කපනවා කියලා. කියපු ගමන් අර මනුස්සයා රූස් ගහලා ගහෙන් බැස්සලු. වෛද්‍යවරු ඇහුවල් ඇයි අපි බහින්න කිව්වම බැස්සේ නැහැ ඇයි දැන් බැස්සේ කියලා. එතකොට කිව්වලු පිස්සුද සර් මේ මිනිහා ෂුවර් එකටම ගහ කපනවා ඒකයි බැස්සේ කියලා.(නදී)
සරත්ගේ කතාවට මට හොඳටම හිනා...... (ස)
ඥාති පුත‍්‍රයාත් හරියට වරුණ වගේ, වෘෂභ රාජයෙක් . ඒක නෙමෙයි වරුණ, කෝ අර උරුලෑවා? තාම ගරු කරනවද? හිකිස් ! (ස)
මියන් වඳ කිරීමේ ක්‍රම 100 ඇතුලත් පොතක් ඉස්සර තිබුනා. එය කියවා බලන්න කාටත් අතපසු විය. ගේ මුල්ලක දමා තිබු ඒ පොත මීයෙකු විසින් විකා විනාශ කළෙන් තාමත් මීයන් නොනැසී සිටිති. ඒ පොතෙන් වැඩක් ගත්තේ මීයන්ම පමණි. (නි)
අර එංගලන්තේ ඉන්නවා කිව්ව නරිය ඔය පැත්තේ ඒවිද බලාගෙන අනේ.(නදී)
එක තමයි ඩේවිඩ් ..!! මන් හිතන්නේ චොකලට් දීලත් බැහැ වගේ .., පහන්ව හොයා ගන්න . මෙයා හැංගි මුත්තන් සෙල්ලමවත් කරනවාද..?(නදී)
සතෙක් වුනත් ඌට අපෙන් හිරිහැරයක් නැත්නම් සතාගෙන් අපිට හිරිහැරයක් වෙනවා අඩුයි. ඒත් කුඩා ළමුන් ගෙදර ඉන්නවා නම් මීයෝ වගේ සතුන්ගෙන් ආරක්ෂා කරගන්න වැඩිහිටියන් වග බලාගන්න ඕනේ. (ස)
ඔව් ..තිලක් මල්ලි,ඔයා කියන වෝර්ටර් පාර්ක් එක ගැන තමා මමත් කියන්නේ.මෙහෙ අපේ නිවසට ආසන්නයි. අපි නිතර යන වෝර්ටර් පාර්ක් දෙකක් තියනවා. අපේ ලංකාවේ සෑම නගරයකම මේ වගේ වෝර්ටර් පාර්ක්වත් ඉදිකළොත් මිනිසුන්ගේ ඔය පීඩාකාරී මනසට ගොඩාක් පිටුවහලක් (නි)
චන්දි, කවි ලියන එක කලාවක්. මාත්‍ර විද්‍යාව, අක්ෂර විද්‍යාව වෙනම කලාවක්. ඒ අනුව තමයි සෙත් කවි වස් කවි ලියන්නේ , කියවන්නේ...ඒවාට බලයක් තියෙනවා. අහලා තියෙනවද ගුත්තිලය වෑත්තෑවේ හාමුදුරුවන්ගේ කතාව. අපේ සීයා වස් කවි සෙත් කවි ලියන්න හරි දක්ෂ හාමුදුරු කෙනෙක්. තාත්තාත් ඒකම කළ කෙනෙක්. එයාලා මට ශාස්ත්‍රය ඉගැන්නුවා. අඩුම ගානේ මාත්‍ර ටික ගලපන්න උත්සාහ ගන්න. අපායක්ෂර කවි පටන් ගන්න නරකයි .අයුතු පල ලබනවා.ගොඩක් දෙනා කියවනකොට ඒක ජපවෙලා මන්තරයක් වෙනවා.... නොදැනිම ඔබට කවියෙන් අවැඩ/වැඩ වෙන්න පුළුවන්. නුඹට සෙත්! (නි)
කටා මාමාටත් වැදිලා කන හරහා... කව්ද?කොහෙදිද? (නි)
කොහෙන්ද අප්පා මේ වගේ කතා ........................අද නම් මම හරියට හිනා උනා ..අතින්ම කිචි කවා ගත්තා. (ස)
මම නම් ඉන්නේ ඉර නොබසින අධිරාජ්ජයට ටිකක එහා. චන්දී කොයි පළාතේද ? ඔයත් මරු කතා කියනවා ; අහන්න පහන් කොහෙද ඉන්නේ කියල .ඉන්දු නම් හරිම ජෙලස්.(නදී)
ඔයගොල්ලෝ හරි ජොලි අනේ. මං හැමදාම කියවනවා ආසාවෙන්. (නි)
කෝ මේ කොලුවා...පහන්, මම පහන්ට බඩුවක් ගෙනාවා.ආවොත් දෙනවා. (නි) .
ඔයලගේ කතා හරේ රසවත් මම හරේ ආශාවෙන් බලනවා තව ලියන්න.(නදී)
තිලක් කොහොමද ගැහැණු මොලේ? (නි)
අප්පේ, මේකට හිනා යන්නේ නෑනෙ. මීට වඩා හිනා යනවා පහන්ගේ කතා වලට. පහන්, ඔයාට අද නම් මොනවා හරි කතාවක් ලියන්නම වෙනවා. (ස)
රූපවති, හරිහමන් කළු යකෙක් ඉන්නවා.හරියට ලිපිනය පළකරන්න. එසැනින් කකුල් දෙක ළග (නි)
දීග නොගිය මගේ නගා (78) එක පයින්ය දීග යන්න - මගේ වයසත් අසු පහයි (85) අත පය නැහැ වැඩ කොරන්නේ - උඹ වගේ මචං කෙනෙක් කාලෙකින් නොව හම්බ වෙන්නේ - අනේ මචෝ දැන්ම ඇවිත් ඒ ආච්චිව අරන් යන්න.(නදී)
පත්තරේ බැලුවට, ආඩාපාලි ලිව්වට, ෆෝන් එකවත් කනට නම් ගන්නේ නැහැ. කටා මාමාටත් වැරදුනු කොට... (නි)
කෝ පහන් ??? (ස)
මදුරංගි දුවේ, 1. කවි ලියන්න පෙර කවි කියවන්න. හා ..හා..හරි හාවා ...දැන් මෙතනට ආවා - රස ගෝවා මේවා -කාපන් පොඩි හාවා// 2. බලන්න මේ පේළියකට අකුරු කීය ගානේ තියේද කියලා. 3. ඊට පස්සේ ගළපලා එකක් ලියන්න. (නි)
"අයියෝ පහන්, කොහෙන්ද අනේ ඔයාට මේ කතා?" " මගේ පෝතකයා" හා හා හොරේ දැනුනා..දැනුනා... මට හෝ හෝ ගගා .... මේ අර පෝතකයාගේ අහවලා නෙව රූපා කියන්නේ. (නි)
ආන්න ..!! ඩේවිඩ්ට විතරයි ඉන්දු ගැන හරියටම තේරුනේ. මට ඔය ටික කියා ගන්න බැරුව හිටියේ. ඩේවිඩ් ,සහෝදරයා මන් ලංකාවේ දකුණේ ., මෙහෙ ඉන්නේ මැදපෙරදිග රටක. පහන් කොහේ ඉන්නවද දන්නේ නහැ. බලමු පහන් කියයිද කියලා.(නදී)
" සරත් මල්ලි,ඔයාට ෂුවර්ද ..? ෆිල්ම් එක බලද්දීද මදුරුවා කෑවේ?" අතද නැතිනම් ඇඟිල්ලක්ද? ඉගිමුණාද?කහනවද?රූපා කියන්නේ ෆාමසියක ලොක්කෙක්. බේතක් අහලා බලන්න. (නි)
පහන්, ඔයාගේ වයිෆ් ගැන දාලා තියෙන එකත් නිකන් කතාවක් වගෙයි! ඒ කතාවට මට ඔක්කොටම වඩා හිනා ගියා.වැඩියෙන්ම හිනායන්න කාරණය තමයි මගේ වයිෆ් ඉන්නවනේ, එයත් ඔය කියන ජාතියෙමයි (නි)
ඉහිරුණු කිරට නාඩන සතකු බැවින් මම මීයාට වඩා පුසාට ගරු කරමි. (ස)
පහන් ඔයා බබෙක්ද?. (නි)
ඔන්න තරුණියක හා තරුණයෙකු චිත්‍රපටියක් බලන්න ගියාලු .එක පාරටම තරුණියගේ ඇඳුම ඇතුලට මදුරුවෙක් ගියාලු .මදුරුවා දෂ්ඨ කරලා තියෙන්නේ කොහෙද කියල දන්නවද ?තරුණයාගේ අතට. (ස)
මේ මීයා කාට හෝ අයිති එකෙක්ද? (නි)
පහන්, ඔයා කොහොමටත් ටිකක් පරෙස්සම් වෙන්න, මේ ඩේවිඩ්ගෙයි, චන්දිගෙයි අදහස් ටිකක් බරපතලයි. (නි)
මොන පළාතේ වුණත් නෝනා නෝනාම තමයි නෝනා මහත්තයෝ. (නි)
කෝ අද තාම වරුණ නෑ වගෙයි. බණ්ඩාර කියන දේ ඇත්ත වගේ. (ස)
හේරත් ෂුවර් එකටම රූපවතී අක්කා කියයි ඕකට ෆාමසියේ නම් බෙහෙත් නැහැ. මම දන්නා කෙම් ප්‍රතිකාරයක් තියෙනවා,කියලා කියයි! (නි)
සමාජ ජීවිතය එපා වී වනගත වූ තාපසෙකුට තමාට කියා තිබුනේ විලි වසාගැනිමට අමුඩ දෙකක් පමණි. නා පිරිසිදු වී අනිකෙන් විලිවසාගෙන තෙමුන අමුඩේ වේලෙන්න දැමු කල මීයෙක් එය හපා කපා දැමුයෙන් ඌ මෙල්ල කරන්න පුසෙක් ගෙනාවේය, පුසාට කිරි දෙන්න හරකෙක් ගෙනාවේය, හරකා රැක බලාගන්න තරුණයෙක් ගෙනාවේය, තරුණයාගේ තනියට අඹුවක් ගෙනාවේය, දන්නෙම නැතිව දරු මල්ලන් පිරි නිවසක සිරි ගත්තේය. (නි)
පහන් මල්ලි ,කෝ ලස්සන කතාවක් කියන්නකෝ.ඔයා මොකෝ හැංගිලා? ඉන්දු මෙබර්න්ට බය වෙන්න එපා.එන්න එන්න ඇවි්ලලා අපිට මොකක් හරි කතාවක් කියන්න (නි)
සරෝ, නුඹ හරි. (නි)
රූපවතී, ඔය දැන් බැඳලා ඉන්නේ ඒ පෝතකයද? (නි)
ඉතින් දොන්, ඔයත් පලා ගත්තද? මට නම් දුකයි.මම යනකොට ඉවරයි. (නි)
නෝනා නාන්න නම් නාන්න .., නොනාන්න නම් නොනාන්න (නදී)
කටා මාමා තාපසයෙකු වෙලා තපස් රැකපු කාලේ තාම මතකද? (නි)
රූපවති, ඕවා ගිහින් දෙන්න එපායැ ඔයාගේ මලට (නි)
හි..හි..හි..හිනා හිනා හිනා හිනා වෙන්න හිනා ඇගිල්ල ..කිහිල්ලේ ගසා පොඩ්ඩක් වෙන්න හිනා .... (නි)
පහන්, නියමයි. අපේ කාලේ ඔය මදුරුවා හිටියා නම් අත ගන්නම දෙයක් නැතිවෙයි විදලම. (නි)
සමගියෙන් ආදරෙන් කල් ගෙවන වියපත් අඹු සැමි යුවලක් හිටිය. පොඩි පොඩි ආරවුල් ඇති වෙන්නේ නැති ගෙවල් නැනේ ඒවා බත ඉදෙනකම් විතරනේ.මේවගේ දවසක් දෙන්න දෙමාල්ලෝ විරසක වෙලා. දවසම ගනු දෙනු කලේ කතා නොකර. රෑට නිදා ගන්න බිරිඳ කාමරය සුදානම් කලත් සැමියා අල්ලපු කාමරේ නිදාගත්තා. බිරිඳ බලා ඉන්නවා ඉන්නවා එන්නේ නෑ. බැරි තැන විදුලි පහන නිවල නිදාගත්තා. ටිකකින් බිරිය යටිගිරියෙන් කෑගහන සද්දයක් ඇහුන. සැමියා බලන්න ගියා. මීයෙක්! මීයෙක්!! බිරිඳ බය වෙලා දෙන්නම එකතු වෙලා මීයව හෙව්වත් හමු වුනේ නෑ. ඉතින් මීයට බයේ ඔය කාමරේ නිදාගන්න බැරිනම් යමු අර කාමරේට ඒ විරසකයත් ඔන්න ඔහොම සොඳුරු ලෙසින් අවසන් වුනා (අ)
මෙන්න බොලේ ., අපේ සරා .., හේරා එක්ක එකතු වෙලා ''ආසියා'' කපනෝ .(අ)
කෝ මේ අපේ බස් එකට ගාමිණි කියලා කෙනෙක් ගොඩ වුනා.., පේන්න නැත්තේ මොකෝ .!! ටිකට් අරන් නැතුව ගිහින් ටික්කො පැනලා අල්ලන් ගියාවත්ද ,,!! (ස)
පසු වදන: ගොඩක් ඉස්සර මන් අහපු තාපස කතාව කෙටි කර කිවත් බිරින්දෑවරුන්ට තේරෙනවද මන්දා. හුදෙක් සරල ජිවිතයක් සොයන කෙනකුට අවම වශයෙන් මොනවා හරි දෙයක් එකට වැඩියෙන් තිබුනොත් ඇතිවෙන ගැටළු මතුවීම නිරුපනය කරන සරල කතාවක් ලෙස තේරුම් ගනිත්වා. (අ)
බිම තෙමෙනා මහා වැස්සට දිසෝ අනේ තෙමෙන්නෙපා අහසේ ඇති තරු ගනින්න මද්දහනේ බලන්නෙපා විහගුන්ගේ ගී අහන්න මහ වනයට යන්න එපා රුපාට කොච්චර හිටියත් දිසෝ අනේ අඩන්නෙපා // (මටත් දුකයි...). (නි)
පහන් අයියේ,කියන්නකෝ අයියේ ඔයා කොහෙද කියලා (නි)
දැන් කට්ටියටම සබන් කෑල්ල සහ මීයා අමතක වෙලා. කවි ටික සහ කතා ටික නම් හරි ෂෝක්. (ස)
අනේ කොහොම අයිතිය කියන්නද? මීයාව කාලනේ මේ බැළලියෝ? (නි)
පහන් ඉන්නේ හදේද පහන්? (නි)
අය්යෝ !! කවුරුවත් ආවා ගියා කියලා මීයාගේ වැඩ නවතන්න බෑ. අර මී කුඩුවක් ගෙනැල්ලා අල්ලලා ඈතකට ගෙනිහින් දාන්න. (ස)
තිලක් එක්සේලන්ට් ඔබේ කතාව. (අ)
ඒතකොට දොන් සේතං ඔය නෝනා කොයි පලාතේ කෙනෙක්ද? (නදී)
බිම තෙමන්නේ වැහි වලින් විතරක් නෙමෙයි.මුත්‍රා කරනකොටත් බිම තෙමෙනවනේ (නි)
චන්දි, ඔය දන්නේ නැද්ද, පහන්ට, නිවාඩුනේ, එයා ගෙදර ගියා. ඔයා ඔපදුපාවක් වත් දන්නේ නැහැනේ. (දී)
පහන්ගේ වයිෆ්ගේ කතාවට තමා මට හරියට හිනා ගියේ (නි)
මී කතුරක් පාවිච්චි කරන්න. මීයෝ නිසා නොයෙකුත් රෝග බෝ වෙනවා. (නි)
මදුරන්ගි, හිතන්නේ නැතිව ලියන්න, අපි හැමදේම කරන්නේ තේරිලා නෙවිනේ. (නදී)
මේ දවස් තුනේ නිතිය ආවොත් දැන් මමත් මාරු වෙන කාලේ හරි. මාරු වෙලා ඊළඟට කොරන්න දන්නෙත් මේකම තමයි.(නදී)
රූපවති මොකද අම්මට කිවුවේ කුරුණෑගලට ගියා කියලා. (නි)
දොං සේතන් කියලා තියෙන්නේ ඇග කිලි පොලා යන කතාවක්නේ?(නදී)
පහන්, මදුරුවෝ අදුරු තැන් වල ගැවසෙනවා වැඩියි. ඒක නිසා අදුරු තැන් වලට අත් දැමීමෙන් වළකින්න (නි)
"ඇයි..උප්පැන්නේ දෙන්නද ..අහල බැලුවේ" .....හ්ම් හ්ම්ම්ම් ...කොහොමද ඔලුව හදන්නේ? කවදට කොහොම කොරන්නද?
ඥාති පුත‍්‍රයාගෙන් මීයාත් සබන් කැටයත් දියණියත් බේරුනානේ. අනේ! (නි)
මන් වැඩ ඉවර වුන ගමන් දඩි බිඩි.., ගාල පත්තරේ පිටු පෙරලා ගත්තා . මෙන්න බොලේ .., රෙජිස්ටර් කන්තෝරුවෙන් ඇවිත් උප්පැන්නේ ලියන්න මගේ දයාබර සහෝදරි උත්තරේ දීල නිසා මන් නිහඩ උනා (නදී)
මීයා සම්බන්ධයෙන් වැඩවලට සහ කතා වලට නම් පහන්ගේ වයිෆ් කට ඇරලා හිනා වෙනවානේ. පහන්ගේ මොකක් හරි අවුලක් ඇති. (නි)
පහන්, ඔයත් මාර මිනිහෙක් තමයි. මදුරුවා විද්දේ ඔයාගේ කොයි අතටද? (නි)
පහන්, එහෙනම් ඔයත් වයිෆ්ව ෆිල්ම් එකකට ගෙනියන්න. ටිකක් වෙලා යනවිට මදුරුවෙක් එයි.පහන්ගේ අතට විදියි.එතකොටවත් වයිෆ්ට හිනා යයි (නි)
වැලි කඩදාසි තියෙනවා....තීන්ත පොගන කඩදාසි තියෙනවා ..... වැඩක් නෑ මුදලාලි..මට දෙනවද ගඩොල් බාගයක්. (අ)
ඔය කොල්ලා කෑගහනකොට රූපනේ ගිහින් ඉස්සෙල්ලම පලා ගත්තේ .... (නි)
අනේ පව් සරත් ඔයා !!! ඔයා අර කොහිල වළවල් වල ගිහින් හොයා ගත්ත කෙනා ගැනද මේ ලියලා තියෙන්නේ. ඒ කාලේ දකුණට ආවා නම් ඇතිවෙන්න අපිට හිනා වෙන්න තිබුනනේ (නි)
ෂාහ්! නියම කට්ටියක්නේ සෙට් වෙලා තියෙන්නේ. අපිටත් බැරිද ඔයගොල්ලන්ට එකතු වෙන්න? හැබැයි කවි නම් ලියන්න දන්නේ නැහැ (නි)
අනේ කාලේ වනේ වාසේ
fyar ට පිළිතුරු .....,වයස ගියත් නැහැ අඩුවක් මට නම් ඒ ගැන දැනෙන්නේ .........දෑවැද්දට කෝටි ගණන් මට එනවනේ නැහැ සැලෙන්නේ ...........ඕනා නම් උඹත් වරෙන් උඹ මැරුණම ගේ ලැබෙන්නේ .......නංගිගේ නාඩිය වැඩ නම් හනිමුන් යන්නට වඩින්නෙ............... (ස)
රූපා තාම නැහැ. අන්න රහස මෙන්න..... "පිස්සුව වැඩි කරන බේත් විකුණන පාමසි අල්ලනවලු" .කව්රුත් කොට උඩ වගේ.... (නි)
පහනට බඩුවක් ගෙනාවා කිව්වත් සද්ද නැහැ.හනික වරෝ.... (නි)
අනේ ..නැහැ කුමාරි .අක්කේ.. .?ඔය යක්කු එකෙක් වත් හරි හමන් කළු යක්කු නෙවේ..?උන්ට පින නැහැ ...? (ස)
කවි එපා සහෝ ...කයිය ගහන පහන් කෝ? (නි)
බිම තෙමෙනා මහවැස්සට මම මොකටද බය වෙන්නේ ....... මද්දහනට මොන තරුවද අහස් මාලිගා හදන්නේ ........ විහගුන්ගේ ගී රාවෙට මොන සතාද ගෙට දුවන්නේ ....... රූපා නැති වුණත් දුක නැහැ හේරතයගේ නගා ඉන්නේ.. (නි)
කටා මාමේ, තිලක්, දිසා, පහන්, ඔයාලගේ හැමෝගෙම අදහස් ගොඩාක් විනෝද බරයි ..ස්තුතියි !මොහොතකට සිනා සයුරේ ..පීනුවා ..?..විහිළුවක් නෙවී ..ප්‍රශ්නයක් මම හැමෝගෙන්ම අහන්නේ ..මෙතන ඉන්න කවුරුවත් ..විදේශයන්හිදී .."වෝර්ටර් පාර්ක් " ගිහින් තියනවද ....? බලන්න කියන්න .? අපේ ලංකාවේ නම් තියනවද දන්නේ නැහැ ..නැතුව ඇති ..මගේ හිතේ ..? (ස)
ආච්චි උනත් මොකද ..?හොඳට ලව් කරනවා නම් .., හනිමුන් යන්න බැරිය දෑවැද්දෙන් සල්ලි අරන් ..,!!! (ස)
අයියා පෙරේරා, ගන්න හරියට බේරා... තෝරා කිව්වේ මම බේරා... මාරු කරමුද "පුවත් " බීරා !... ජීවිතේ පළමු වතාවට කවියක් ලිව්වා ලංකාදීපයට පින්සිද්ධ වෙන්න. (නි)