IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


මාමාගේ මළගමදා බෑනාගෙන් ‘ලෙෆ්ට් රයිට්’ ආචාරයක්

(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)
 දරුවන් සත් දෙනකු සිටින පියකුගේ හදිසි අභාවය අවස්ථාවේ මහ ඉහළින් සිදුකළ අවමඟුල් පෙරහරේ ආචාරය දක්වන්නට ගිය බීමත් ඥාති බෑනා කෙනෙකුට සිදුවූයේ මහත් අලකලංචියකට මුහුණදීමටය.


පියාගේ අභාවයෙන් ශෝකයට පත් දූ දරුවෝ තම පියාගේ අවසන් කටයුතු ඉහළින් සිදුකිරීමට තීරණය කළහ. පවුලේ අය මෙන්ම හතර වරිගයේ නෑදෑයන්ට මළගම දැන්වීමෙන් ඔවුහුද අවසන් කටයුතු දා එම නිවසට ඇදුනහ. 


සොව පළ කරමින් නිවසට ආ ඥාති හිතමිතුරන් පිළිගෙන ඔවුනට ඉහළින් සංග්‍රහ කිරීමටත් දූ දරුවෝ පසුබට නොවූහ. බොහෝ ඥාතීහු දේහය  අසල හඬා වැළපුණහ. ඇතැමෙක් බීමත්වද හඬා වැළපුනහ. දූ දරුවෝ එය නොරිස්සුවද කිසිවක් නොකීවේ පියාට අගෞරවයක් වේ යැයි සිතාය. 


අවසන් කටයුතු දා නිවසට මහ සෙනඟක්ද ඇදී ආහ. ස්වාමින් වහන්සේලා  වැඩමවා ආගමික වතාවත්ද සිදුකළහ. අනතුරුව විවිධ සමිති සමාගම්ද  නන් දෙසින් පැමිණි හතර වරිගයේ නෑසියෝද තම ඥාතියා පිළිබඳව අසල්වැසියා පිළිබඳව ගුණ කථනද කළහ.


පසුව බිරිඳගේ දරුවන්ගේ වැළපීම් මැද පියාගේ දේහය පුතුන්ගේ කර පිටින් නිවසින් පිටතට ගැනුණි. දේහය  ගේට්ටුව දක්වා  රැගෙන ආ පුතුන් වෙනත් පිරිසකට එය බාර කළේ  සුසානභූමිය දක්වා රැගෙන යාමටය.


දේහයේ අවසන් කටයුතු ආරම්භයේ සිටම වීඩියෝ ගතකළේ මියගිය පියාගේ සහෝදරියගේ පුත්‍රයාය. 


නිවසේ සිට දේහය රැගත් අවමගුල් පෙරහර කිලෝමීටර් එක හමාරක් පමණ දුරින් වූ සුසානභූමිය වෙත මළහිරු බස්නා යාමයේ සෝ සුසුම් මැද ඇදී යමින් තිබුණි.


 අවමඟුල් පෙරහරද වීඩියෝවට නංවමින් පැමිණි තරුණයා පරිසරයේ වැව ගහ- වැල, කුඹුරු යායක්ද පසුබිමට එක් කරමින් තම කාර්ය මනාව ඉටු කරමින් අවමගුල් පෙරහරේ ගමන් කරමින්  සිටියේය.


මියගිය පියාගේ ඥාති බෑනා කෙනෙකුද බීමත්ව මහත් ශෝකයෙන් මල් වඩමද රැගෙන දේහය ඉදිරියෙන් ගමන් කරමින් සිටියේය. ඉදිරියට ගමන් කරමින් සිටින විට ඥාති බෑනාගේ පදම වැරදී රතු කට්ටද පැන්නේය. හෙතෙම මල් වඩම ඉහළට ඔසවාගෙන“ලෙෆ්-රයිට්” කියමින් ඉදිරියට ඇදෙන්නට විය. වීඩියෝ කරමින් සිටි තරුණයා  වරන් වර මොහු වැළැක්වීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වන්නේ ඔහුගේ වීඩියෝ කිරීම්වලටද බාධා ඇති කරමිනි. බීමත් ඥාති බෑනාගේ මෙම ක්‍රියාව වරින් වර වීඩියෝවේද සටහන් විණි.


 අවසන මෙය මහත් කලබගෑනියක් වෙමින් පියාගේ දේහය මිහිදන් කෙරිණි. එහෙත් පසුදින වන විට තම පියාගේ අවමඟුල් පෙරහරේදී සිදුවූ මෙම ක්‍රියාව පිළිබඳව දූ දරුවන්ගේද කන වැකිනි. ඉන් දූ දරුවන් මහත් කෝපයට පත්වූයේ පියාගේ දේහයට අගෞරවයක් කළ බවට චෝදනා කරමිනි.


 එන පොට හොඳ නැති බව දැනගත් වැඩිහිටියෝ සිද්ධිය සමතයකට පත් කිරීමට උත්සාහ දැරූහ. අවසන වෙරි සිඳී සිටි ඥාති බෑනා ප්‍රකාශ කළේ ආචාර දක්වා මාමාගේ දේහයට ඉහළින්ම ගෞරව දැක්වූ බවයි. 



අදහස් (0)

මාමාගේ මළගමදා බෑනාගෙන් ‘ලෙෆ්ට් රයිට්’ ආචාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1695 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1420 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 510 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site