”මාළු ටැංකියක් දිහා බලාගෙන හිටියාම හිතේ නොසන්සුන්භාවය නැතිකර ගන්න පුළුවන්ලූ” පත්තරයක තිබුණු කතාවකට තව තව අඩුපාඩුත් එක්කම ගෙදරට ආපු කෙනකුගෙන් ලැබුණු උපදේශයකට ඔහු නිවෙසට මාළු ටැංකියක් ගෙනාවේය. එය නිවසේ ආලින්දයේ තැබුයේ ඕනෑම අයකුට පෙනෙන අයුරිනි. මිල අධික මාළුන්ද පසුදින ගෙනාවේය. ඔවුන්ගේ පැවැත්මට ඔක්සිජන් කට්ටලයක් ද සවිකළේය. දැන් ඉතා අලංකාරය. වැඩ ඇරී නිවෙසට පැමිණි සැණින් ටැංකිය අසලට වී සිටීම ඔහුගේ පුරුද්ද විය. ඒ අනුව සැබවින්ම එය මානසික ඒකාග‍්‍රතාවය ඇතිවෙන දෙයක් බව ඔහු සිතුවේය.
දිනක් වැඩ ඇරී පුරුද්දට මාළු ටැංකිය අසළට පැමිණියේය. එදින ඔහුගේ නෙත ගැටුණු දෙයින් මානසික ඒකාග‍්‍රතාවය බිංදුවට වැටුණේය. මේ..... මොකද මේ..... වෙලා තියෙන්නේ..... ඔහු කෑ ගැසුවේය. සැමියාගේ කෑගැසීමට බිරිය එතැනට දිව ආවාය.
මාළු ටැංකියේ අලංකාර ලෙස උඩට පහළට පිහිනමින් සිටි මාළු සියල්ල මැරී උඩ පාවෙමින් සිටිණු දුටු ඇයද මහත් විමතියට පත්වූවාය. අනේ මේ මොකද මම දවල් කෑම දාද්දිත් හොඳට හිටියානේ? බිරිය එසේ කියද්දි.... සැමියා නැවතත් මෙසේ ඇසුවේය.
මොනවා කෑම..! කොහෙන්ද ඔයා කෑම ගෙනාවේ..... කෑම ඉවර වෙලානේ තිබුණේ....
නෑ නෑ අර රාක්කේ තිබුණේ.... රාක්කේ කොහෙන්ද කෑම....? ඔහු එසේ කියමින් බිරිය විසින් මාළුන්ට දුන් කෑම පරික්ෂා කළේය.
දුටු දෙයින් කේන්තිය ඉහ වහා ගියේය.
ඇය මාළුන් හට කෑමට දමා තිබුණේ මල් පැළ වෙනුවෙන් යෙදීමට ගෙනා කුඩා කැට සහිත පොහොර විශේෂයකි. මානසික ඒකාග‍්‍රතාව රැකගැනීමට නිවෙසට ගෙනා මාළු ටැංකිය නිසා ඇතිවූ මානසික ව්‍යාකූලත්වයෙන් මැරුණු මත්ස්‍යයින් ඉවත් කර හිස් ටැංකිය පිළිකන්න පැත්තේ මුනින් හැරවූයේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම නොවන්න. එහෙත් සුන්දර කාන්තාවක්. (නි)
අන්න අන්න වරුණ ටිකක් හොඳ අදහසක් ගෙනාවා කාලෙකට පස්සේ! (නි)
තෙරුවන් සරණ ලැබ කාලය ගත වේවා.....අම්මගේ පැතුම් පොදී එලෙසම ඉටුවේවා.
අතපසුවීම් නොවෙන අය වෙන්න ඇති ඔය අදහස් දාලා තියෙන්නේ (නි)
මේ කට්ටිය එකතුවෙලා හොදට මාව රොස්ට් කරනවා නේද ?මම දැක්ක බත් පර්සලෙන් මාව රොස්ට් කරලා තිබුණු හැටි ..? ලංකාවේ උන්නා නම් මම ඔයාලව සේරම එකතු කරලා ටැට්ටරේක දාගෙන, අර අලි වැටෙන් එහාටම ගිහින් දමනවා ...එතකොට පුළුවන් අලියෙක් පන්නගෙන එනකොට හොටු පෙරාගෙන ගහක එල්ලිලා ඉන්න...? (අ)
ගැහැනුන් මගුල්ගෙදර යන්නට පෙර කන්නාඩියෙන් හැඩ බලති .මගුල්ගෙදර ගිහින් ඇවිත් නැවත ඇදුම් ගැලවීමට පෙර කන්නාඩියෙන් හැඩ බලා දුක්වී ඇදුම් ගලවයි .කුඩාදරුවා සමග පාරේ යනවිට දරුවා වාහන යන පැත්තේ අතින් අල්ලාගෙන යයි. සීනි බෝතලය කූබින් ගෙන් ආරක්ෂා කිරීමට එහි ගම්මිරිස් නමින් ලේබලයක් අලවයි .මිනිසුන් මත්පැන් බිවුපසු කියවන,සිනාසෙන රණ්ඩුවෙන අතර ගැහැණිය හැමවිටම මත්පැන් නොබී ඔය සියලු දේ කරයි (එනිසා මම තාම බැදලා නැහැ ) (නි)
අපි සැමදෙනා අතින්ම වැරදි සිදුවේ. වරදින්නේ නැත්තේ කාටද? යමක් වැරදුන සැනින්ම එය අතහැර දැමීම වැරදියි. කුඩා දරුවෙකු දනගගා වැටි වැටී නැගිටින්න ඉගෙන ගන්නවා. මේ මහතාට වඩා කුඩා දරුවාට ලොකු ආත්ම ශක්තියක් තිබෙනවා වගේය. මාළු ටැංකිය පිළිකන්නේ නොතියා අඩුම ගණනේ තව වරක් උත්සාහ කර නොබලන්නේ ඇයිද? මාළු ටැංකිය දෙස බලා සතුටු වීමෙන් සිතේ සැනසුමක් ලැබේ නම් උත්සාහයේ ප්‍රතිඵල වශයෙන් එයම ඇති. තවත් ලෙහෙසිම දෙයක් නම් පරිඝනකයට මාළු ටැංකියක වීඩියෝවක් ඇති "ස්ක්‍රීන් සේවර්" එකක් දාගන්න.(නදී)
අදවත් ඉගෙන ගන්න. මාළුවාගේ ගෑනු සතා මාළු කෑල්ලත් නෙමෙයි (නි)
දරුවන් සෙනෙන් නලවනු පහු කරනු එපෝ... නැව් ගොඩ යන්න මැදපෙරදිග ඉන්න එපෝ.... මුදලට අනේ හදවත් විකුනන්න එපෝ..... ජිවන ඔරුව තනියම පැද යන්න එපෝ....// (නි)
වරුණ, කට්ටිය කියන ඒවා ගණන් ගන්න එපා. දිගටම ලියන්න. නෝනට පොඩි අතපසුවීමක් වෙලා තියෙන්නේ. ඕවා ගණන් ගන්න ගියොත් අපි කාටවත් දීග යන්න නම් වෙන්නේ නැහැ. (නි)
ලංකාදීපේ රන්කැට ටික - දසත පුරා විහිදී සිට -ලියන කතා රසවත් කොට - විශ්වයේ අපි බැබලෙමු හෙට.// සැමට දිරිය වාසනාව - තව තව දේ රස පොවනට.// (නි)
ඕක හිතාමතාම කළ කඩාකප්පල්කාරී වැඩක් මට හිතෙන හැටියට. මොකද ගැහැනුන් කොහොමත් පිරිමින්ව අවුල් කරන එකමනේ කරන්නේ. නැද්ද මම කියන්නේ ?? (නි)
මම කැමතියි එයා කරපු දේට. මොකද මාළු ඉන්න ඕනෑ නිදහසේ මිසක් ටැංකි වල නෙමෙයි. අනික ඔය සල්ලි හිගන්නෙකුට දුන්නා නම් කොච්චර පින්ද? (නි)
ආනන්ද මල්ලි, මට මැවිලා පෙනෙනවා ඔයා ගහක එල්ලිලා ඉන්න හැටි. බයවෙන්න එපා ඔයාට මොකවත් වෙන්නෙ නැහැ. අයියනායක දෙවියන්ගේම පිහිටයි ඔයාට (දී)
එතකොට රන්දි, ඔයා ලංකාවේ නෙමෙයිද? ඔයා මෝඩ නෑ නේද?(නදී)
පරාක්‍රම ...ඔයාදන්න කෑල්ලක් නැහැ ..? මම කියන්නතුව හිටියට මම දන්නවා , මාළුවාගේ නෝනගේ නම "මාලි" ... දැන ගන්න අදවත්? (දී)
එයි ජීවා, මාලුවගේ ගැණු සතා.."කිදුරිය ..දිය කිදුරිය ".(නදී)
අද නම් සතුටුයි රූපවතී ඉන්න නිසා මේක රූපවතීගේ වැඩක් වෙන්න ඕනෑ. හේතුව මාළුවලට එයා ප්‍රසිද්ධයි.ළමයි දන්නවද හේතුව මීට කලින් රූපගේ මහත්තයා බස්එකේ සීට් එක නිදිමතේ වෙන ගැහැණු කෙනෙකුට දීලා තිබුනා.ඊට පසුදින උදේ රූපගේ මහත්තයාගේ වම් අතේ හැන්ඩ් බැග් එක දකුණු අතේ බත් පාර්සලය රූපා කර උඩ තියාගෙන කොළඹට ගාටනවලු. ටික දුරක් ගිහින් රුපගේ මහත්තය නිදිමතේ රූපගෙන් අහනවලු රූපා අපිට පාර වැරදුනාද ...? අපි යන්නේ කොළඹටද ...? නැතිනම් මන්නාරමටද.. ? කියලා.ඒ තරහට තමයි මාලු මරන්න ඇත්තේ (නි)
මනස සන්සුන් වෙන්න මාළු දිහා බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ. ගෙදරට අවශ්‍ය වෙන වැඩ කටයුතු වල යෙදෙන්න. එතකොට මනස නොසන්සුන් වෙන්න කාලයක් නැහැ.(නදී)
නන්ද ලාල් සොයුර... ඔයාට ඊරිසියද ...? මේ අදහස් දමල තියන උන් කට්ටිය සැබෑ ,හොද හිත ඇති කෙල්ලෝ කොල්ලෝ , ටිකක්, අනුන්ගේ දුකට හදවතින්ම උදුව් උපකාර කරන කට්ටියක් ,,,? ඇත්තටම අපි හැම දෙනාම දුර රට වල ඉන්න අය නිසා, අපහසුයි ...නැතිනම් මමනම් හරිම අසයි එසැන සියලුම හිතවත් අය වග කිවයුතු තැනකදී හමුවෙලා, ඔව්නොව්න් සමග සුහදව, තේ කෝප්පයක් බොන්න ....? (දී)
නෝනත් අකමැති වෙලා නැහැනේ ටැංකිය ගෙනාවට. එයත් මාළුන්ට ආදරේ නිසා තමයි මාළුන්ට කන්න දාන්න ගියේ. මහත්තය නෝනට කියල තිබුනා නම් මාළුන් කන්නේ මොනවද, දෙන්නේ කොහොමද කියලා, මෙහෙම නොවෙන්න තිබුනා. දැන් ඉතින් හොඳම දේ දෙන්නා කතාකරගෙන ටැංකියට මාළු ටිකක් ගෙනත් දාන එක. (නි)
ආ මාළුද මැරුනේ? ප්‍රශ්නයක් නැහැ. (නි)
ලලිත්ගේ නෝනා පරිස්සම් වෙන්න ලලිත්ගෙන්.ඔයාටත් නින්ද ගියාම පැට්‍රෝල් දමලා ගිනිතියයි. හපෝ මුහුනේ තියන නපුරුකම .....? (නි)
ආනන්ද බය වුනා. රූපවති අක්කා ඉවසීමෙන් සියල්ල සතුටට හරවාවී. සැකයක් නෑ වාසනාවයි, අලි ආපුදෙන්, ගහේ එල්ලුනාදෙන්, සරම වැටිච්චා දෙන්, රුපවති අක්ක ඩෙන්...ඩෙන්..(නදී)
මෙය භාර්යාව දැනගෙන කරපු දෙයක් නොවේ. ඒ නිසා, එයාටත් ඒ ගැන කණගාටුවක් සිත්තැවුලක් ඇති. මෙතන වැරැද්ද තමා මාළු කෑම සහ මල් වලට දමන කැට පොහොර එකම තැන තැබීම. එවැනි දේ තැබීමට වෙනම ස්ථානයක් නිවසට පිටින් සාදා ගැනීමෙන් මෙවන් දුක්ඛදායක දේ සිදුවීම වලක්වා ගත හැක. (නි)
මම ඉන්නේ කදුරට මගේ නෝනා මතුරට ළමයි උතුරට// රූපවතී අක්කේ, ඔය රන්දිලයි,චන්දිලයි, ලුම්බිනිලයි,සමීරලයි ඉන්නේ කොයි රටේද?(නදී)
අනික ඔය සල්ලි හිගන්නෙකුට දුන්නා නම් කොච්චර පින්ද? (නි)
ඊළඟට හස්බනුත් පරිස්සමින්! (නි)
මම දන්නේ නැති නිසා අහන්නේ. මාළුවාගේ ගැණු සතාට කියන නම දන්නා කෙනෙක් ඉන්නවද? (දී)
අපේ ගෙදර ඉන්න හැමෝම පයිප්ප වතුර බොනවා. මට බොන්න බෑ. මම බොන්නේ ලිඳේ වතුර. අපේ නෝනා ලිඳ පිරිසිදු කරන්න කියල පාරේ වලවල්වල වතුර ඉහින පොම්පයක් ලිඳට දාල. දැන් මට බොන්න අල්ලපු ගෙදර ලිඳෙන් වතුර ගෙනෙනවා. (අ)
රන්දි ඔයා ඇහි ගෙඩියව දැකල තියනවද ? (අ)
ඕකට තමයි ඊර්ෂ්‍යාව කියන්නේ. මේ පුද්ගලයා වැඩ ඇරිලා ගෙදර ඇවිල්ලා බිරිඳව ගණන් ගන්නේ නැතුව මාළු ටැංකිය දිහා බලා ඉන්න ඇති. එහෙම වුනාම ගැහැණු ඔය වගේ වැඩ කරනවා. ඕවට දොස් කියන්න නරකයි. ගැහැනු ගති!! ආදරේ වැඩිකමට කියලා හිත හදා ගමු. (නි)
කොහොමටත් අපේ ලංකාවේ ගැහැණු මෙන්ම පිරිමිත් ටිකක් මෝඩයි. මේ මෝඩකම සමගින් අපිලිවෙලත් එක් උනාම අන්යෝන්‍ය අවබෝදය නැතිවෙනවා. එවිට තමයි ඔය සුළු දේටත් මරාගන්නේ. එකිනෙකාට ආදරයකිරීම ,ගරුත්වය කියන දේවල් පව්ල් තුල දැන් නැහැ. ඒක තමයි මෝඩකම, අපේ රටේ පොත පත අධයාපනය පමනයි ඇතැමුන්ගේ ඔලුවේ තියෙන්නේ.(නදී)
රූපවතී අක්කගේ අදහසටත් අක්කටත් ඉතාමත්ම ගරුකරමි. අක්ක කියනවා වගේම මෙහි අදහස් දමන අයගේ මනුස්සකම අපි හැමෝම අර දෙපා අහිමිඋන දරුවාගේත් මවගේත් සිද්දියේදී හොදින් දුටුවා. ඒ වගේම අපි එම දෙදෙනාට හැකි පමණින් උදව් කලා. අක්ක කියනවා වගේ අපි දවසක තේ පාටියක් දාමු. තේ බීලා එහෙම ඉවරවෙලා ළඟ පාත වැවක් එහෙම තියෙනවනම් අපි කට්ටියටම බැහැල නාගන්නත් පුලුවනිනේ. හැබැයි රූපවතී අක්ක අපිට දියබුන් ගහන්න උගන්වන්න ඕනේ. මොකද අපි දියබුන් ගහන්න නම් දන්නේ නැහැ.(නදී)
ජීවා, මම දන්නවා මාළුවා ගේ පිරිමි සතාට කියන නම නේද ? "ඇහි ගෙඩියා".(නදී)
අනේ සරත්, රූපවති අක්කත් එක්ක ඔයත් එන්නකෝ, ඔජායේ පාරක් දාලා, පුංචි පහේ ෆන් එකක් ගන්න.(නදී)
රූපවති අක්කේ,සරත්,හේරත් ,තවත් අය ඉන්නවා. මටත් පත්තරේ අරන් අදහස් කියවන විට ඔයාලගේ නම් දැක්කේ නැත්නම් දුකයි වගේ. අපි කොහේ සිටියත් දිරිය දරුවෝ නේද? මම ඉන්නේ මැදපෙරදිග රටක. මම කැමතියි දැනගන්න හේරත් ,සමීර ඉන්නේ කොයි රටේද කියලා. කොහේ උන්නත් ඔයාලා මගේ සොයුරු,සොයුරියන් නේද? මං ඔයාලා සැමදෙනාටම නිදුක් නිරෝගී සුවය පතනවා! ජය වේවා සැමටම! (නි)
නියමයි, රුපවති අක්කේ ඔයාගේ අදහස, ඒත් ඒක හීනයක්ම තමයි , මොකද මේ අපි හැමෝම ඉන්නේ පිට රට නිසා. ඇත්තටම මටත් හරිම ආසයි.(නදී)
ජිවන ඔරුව තනියම පැද යන්න වුනා ..!! එය ගොඩ යන්න මැදපෙරදිග එන්න වුනා..!! කදුලැලි මැදින් තනිකර මගේ දරු දෙන්නා!!! ආ මුත් මෙදා ..! අපි සැම සතුටින් ඉන්නා ..!!!!!!! (නි)
ඔන්න ඕකට තමයි කියන්නේ සන්නිවේදනය නෑ කියලා (අ)
මෙහි අදහස් දාලා තියෙන අය ඔක්කොම එකතැනකට එකතු වුනොත් මොන වගේ තියේවිද ? බලන් ඉන්න අයගේ හිත් හදාගන්න මොනවා කරන්න වේවිද ? (නි)
මොනවා කරන්නද? මාළුන් ගැනත් .,,ගෙදර නෝනා ගැනත් කණගාටු හිතෙනවා. නොදන්නා කමනේ. හිතලා කරපු දෙයක් නෙමෙයිනේ.(නදී)
ගැහැණුන්ගේ මොලේ හැදි මිටේ කියලා කියන්නේ බොරුවට නෙවිනේ.(නදී)
හේරත් මල්ලි ..! රන්දියි ,රුපවතියි කියන්නේ දෙන්නෙක් නෙවේ එක්කෙනෙක්, මම ඉන්නේ යුරෝප රටක , අපේ චන්දි නංගිත් පිට රටක වගේ එත් හරියටම දැනුමක් නැහැ මට කොහෙද කියල, සරත් මල්ලිනම් දවසක් ලියල තිබුන එත් යුරෝප රටක වගේ .අපේ ලුම්බිණි නංගිය ,හා සමීර මල්ලිනම් කොහෙද කියල හරියට දැන් නැහැ . කොහේ හිටියත් කමක් නැහැ උදේට පත්තරය ඇරියහම,නම දැක්කම මුහුණ දැක්ක හා සමානය්, සතුටක් දැනෙනවා අදහස් කියවද්දී ?ලෝකේ කොහේ හිටියත් සදා දෙවි රකවරනයි අපේ එසැන පාටක ඔබ සියලුම දෙනාටම, බුදුසරණයි ...? (අ)
මාළුන්ගේ කෑම ඉවරයි කියලා මහත්තයා නෝනට නිකන් හරි කියලා තිබුනා නං ඔච්චර ජරමරයක් වෙන්නේ නැහැනේ (දී)
දෑතේ සවිය යොදලයි මුදලක් ගන්නේ... මගේ මේ දෑත සැම දෙවියන් රැක දෙන්නේ... දෙවසර නිමාකර දරුවන් දැක ගන්නේ.... තනිවම මෙමා ආ මග සතුටින් හිනැහෙන්නේ.... හේරත් මේ ඔබටයි. සාදාරනෙන් ජිවත් වෙන කෙනාට දෙවියන් ආශිර්වාද කරනවා නේද? මගේ අවංකකමට මට දෙවියන් පිහිට වෙලා මගේ දරු දෙදෙනාට ලස්සන මාවතක් කපලා දුන්නා. ඇත්තටම මට ඒ ගැන හරිම ආඩම්බරයි. (නි)
පොහොරවල ලේබලයක් ගහල තිබිලා නැද්ද? දියුණු රටවල ඔයවගේ අනතුරු අඩුයි... ඒකට හේතුව එයාලා හැමදේම ලේබල් කරලා තියෙන නිසාත්, නිසිදේ නිසි ස්ථානයේ තබන නිසාත්ය... (දී)
තමන්ගෙ මනස ව්‍යාකූල වුනාම මාලු ටැංකි දිහා බලාගෙන ඉන්න අයගෙ මනස නිරවුල් වුනාමවත් තේරෙන්නෙ නැද්ද මේ මාලුන්ට නිදහසේ පීනන්න දුන්නා නම් මීට වඩා හොදයි කියලා. (දී)
මාළු අඳුරන්නේ නැති මෙහෙමත් ගැහැණු. මොන ලොකේද දන්නේ නෑ ඉන්නේ.(නදී)
නියම අදහස රූපවතී අක්කේ, ඔය රන්දිලයි,චන්දිලයි, ලුම්බිනිලයි,සමීරලයි ඔක්කොම විල්පත්තුව දිහාටම ගිහින් දාන්න! කට්ටියටම එහාට වෙලා ඔජායේ පාරක් දාගෙන ඉන්න පුලුවනිනේ! හැබැයි රූපවතී අක්කටත් නතරවෙන්න වෙනවා, මොකද ඔයානේ කණ්ඩායමේ නායිකාව! (අ)
අනේ මිනිහට දෙවියන්ගේම පිහිටයි.උඹ එහෙම ගෙදර උයන කෑම කන්න එපා . (නි)
හලෝ මිස්රට් ඔයත් බලාගෙන ඔයාටත් මොනවා දේවිද දන්නේ නැත. නරකද බිරිදගේ ඔලුව පරික්ෂා කරගන්න ගියොත්.(නදී)
රූපවතී අක්කේ, අලියා පන්නගෙන එනකොට ගහක එල්ලිලා හිටිය කියමුකෝ! බැරිවෙලාවත් අලියා සරම කැඩුවොත් මොකද වෙන්නේ! සරම අල්ලගන්නත් බැහැ! අත්ත අතාරින්නත් බැහැ! බිමට පනිනත් බැහැ! (අ)
කොහොමත් අල්ලපු ගෙදර වතුර හොඳයි (නි)
"අනික ඔය සල්ලි හිගන්නෙකුට දුන්නා නම් කොච්චර පින්ද?" ඔය කිවුවේ දවසේ කියමන (නි)
රූපවතී අක්කගේ කතාව 100% ම ඇත්ත.මමත් අදාළ ප්‍රවෘත්තිය කියවලා ඉතාම ආශාවෙන් අදහසුත් කියවනවා! රූපවතී අක්කා කියනවා වගේ අපිට මේ හුරුපුරුදු නමක් නොතිබුනොත් එම ප්‍රවෘත්තියත් වැඩක් නැහැ වගෙයි දැනෙන්නේ. අපි කවර රටක හිටියත් කවර නමකින් හිටියත් අපි අතර සහෝදරකමක්, මිත්‍රකමක් නෑදෑකමක් දැනෙනවා (නි)
මෙයට හේතුව පිළිවෙලක් නොමැතිකම. සම්බන්දිකරණය නොමැති කම සහ සැලසුමක් නොමැති කමයි. ගිය දේට නාඩන්නේ.(නදී)
ඕවා ඕහොම තමයි. ගෙදර නෝනා ඕහොම තමයි. හිතට දුකයි තමයි හැබැයි ඕවා ඕහොම තමයි.(නදී)
රූපවතී අක්ක එනදවසක් අපිට කියන්න අපි ට්‍රක්ටෙර් එකක් ලෑස්ති කරගෙන කටුනායකට ඇවිල්ල ඉන්නම්! අ ගමන්ම අපි කටිටියටම යන්න පුලුවනිනේ! (අ)
සරත් මල්ලි, මතක් කරන්න එපා ලුල්ලු ,මඩාරු, කාවයියෝ,මම කුඩා කාලේ වැවට පැනලා කෙල්ලෝ, කොල්ලෝ එක්ක මාලු ඇල්ලුවා, අල්ලපු සේරම ඔයා වගේ අන්ගුට්ටෝ තමයි අහු උනේ. කටට කෙල උනනවා දැන් මතක් වෙද්දී. දැන් ඉතින් ඔයාලා කියනවා වගේ රෝස්ට් කරපු කුකුලෙක් තමා අල්ලලා මරලා උයාගන්න වෙන්නේ.(නදී)
පොලිෂ් බෝතල් නම් ගෙදර ගෙනත් තියන්න එපා. පැණි කියල පොලිෂුත් කවයි. නෝනගේ මොලේ කොහෙද දන්නේ නැහැ තියෙන්නේ? (නි)
අනේ ශිරෝමි නගේ, ඕවා කාර්යාල වලට මිස ගෙවල් වලට හරියනවද? (නි)
ජීවා, මාළුවාගේ ගෑනු සතා මාලු කෑල්ල කියලා ඔයා දන්නෙ නැති හැටි? (නි)
සිරි අයියේ, ඔයා විතරයි නෝනව තේරුම් අරන් ජීවත් වෙන එකම ස්වාමියා. සරත් මල්ලි, සමීර මල්ලි මෙන්න සිරි අයියව හම්බවෙලා ඉගෙන ගන්නවලා නෝනව තේරුම් අරගෙන ජීවත් වෙන හැටි. කොහිල වලවල් ගානේ මෝහිනීලා හොයාගෙන වැටි වැටී දුවනකොට මම නම් දැන ගත්තා සරත් මල්ලි තවම තනිකඩයා කියලා.(නදී)
සමීර රූපවතී අක්ක ඔය මාළු ටික මරල තියෙන්නේ ප්ලෑන් කරලයි! එය කොහොමටත් ඔය ගෝල්ඩ් ෆිෂ් වගේ මාළුන්ට කැමති නෑ! එය වැඩියෙන් කැමති කොරලි! හබලි! ලූලෝ වගේ වැව් මාළුන්ට! එයා වැවට දියබුන් ගහන්න ගියහම ටිකක් අල්ලාගෙන ඇවිත් මහත්තයට දෙයි! මනස සනසාගන්න.(නදී)