දකුණු පළාත් ගම්මානයක ඉතාමත් චාම් අන්දමින් පැවති මංගල උත්සවයකි. මනාලයා තම මංගල ගමන ගියේ සමීප ඥාතීන් හත්අට දෙනෙකු සමඟය. පිරිස සාදරයෙන් පිළිගත් මනාලියගේ පාර්ශවයේ ඇත්තෝ ඔවුනට රසමසවුලෙන්ද සංග‍්‍රහයක් කළහ.
මේ සංග‍්‍රහය භුක්ති වින්ද මනාලයාගේ මහප්පා පසුවුයේ තරමක මත් ගතියෙනි. කලකින් ඔහුට ලැබුණු සැර බීමෙන් හෙතෙම උණසුම්ව සිටියේය. අවසානයේ පුංචි උත්සව සභාවක් ද පැවැත්විණි.
මනාලියගේ ඥාතියකු මනාලිය ගැන හඳුන්වා දී මනාලයාගේ පාර්ශවයට කතාවකට ඇරියුම් කළේ කවි දෙපදයක් ගයමිනි.
මේ සමඟම මනාලයාගේ මහප්පා නැගිට්ටේ ය. මංගල සභාවෙන් අවසර ගත්තේය. කතාව ඇරඹිණි. මනාලයා ගැන වචනයක්වත් ඔහුගෙන් කියැවුණේ නැත. මනාලිය පිළිබඳව ඔහු කරුණු කියන්නට වූයේය. ඔහු කියන කරුණු ඇසුණු මනාලිය විලියෙන් ඇඹරෙන්නට වූයේ මේ කතිකයා තමන් ගැන කියන කරුණු සත්‍යයෙන් තොරවූ නිසාය. මනාලියගේ ඥාතීන්ද මුහුණෙන් මුහුණ බලද්දී මනාලයා නැගිට්ටේය.
” මහප්පේ මේ මොනවා කියනවාද මන්දා ඔය කතාව නවත්වන්න’‘ ඔහු ඉල්ලා සිටියේ තරමක් සැරෙනි.
”ආ පුතේ මට වැරදුණා සමාවෙන්න’‘ කී මහප්පා වාඩිවන්නට සැරසුණත් මත වැඩි නිසා පුටුවෙන් බිම ඇද වැටුණේ සියලූදෙනා සිනා සයුරක ගිල්වමිනි.
”මාමේ, මාමේ, මගේ මඟුල් ගෙදරත් කතාවක් පවත්වන්න එන්න ඕනෑ”යි කොල්ලන් කුරුට්ටන් දැන් ගමේදී ඔහුට කියද්දී නෑසුනාමෙන් යන්නේ මහත් ලජ්ජාවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා නැතත් බීපු අරක්කු ජාතියට හොදට වෙරි වෙනවා වගේ.(දී)
නියම මාමා..............(දී)
මහප්පා බීලා ආත්මගරුත්වයත් කෙළෙසාගෙන. බීවාම ඔහොම තමයි. (දී)
අපේ පප්පව මතක් උනා, දැන් මැරිලා (දී)
මාමා ලේලී බලන්නට එනවද දන්නේ නැහැ. අවොත් ලේලි හොඳට සලකයි.(නදී)
ඕවා ඔහොම තමයි ඕවා ගණන් ගන්න හොද නැහැ (දී)
හත්වලාමේ වෙච්ච දේට මක් කොරන්නද? (නදී)