IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


මනාලියගේ අවංකකම හොයන්න පුතා දැමූ උපායට මව රැවටිලා

අම්පාර පැත්තේ පදිංචි මේ ඉංජිනේරු පුතාට කිසියම් ආදර සබඳතාවක් තිබුණත් වැදගත් පවුලකින් ආ යෝජනාවක් බැලීමට පසුගියදා ගියේ මවුපියන්ගේ පෙරැත්තටය. එම නිවසේදී ආදර සංග‍්‍රහ විඳ ආපසු එන විටත් මව කීවේ ඒ අයගේ ගුණ යහපත්කම් ගැනය.

 සතියකට පමණ පසු පුතා සෘජුවම කීවේ ඒ පවුලේ අය එතරම් අවංක අය නොවන බවය. ඒ  ගැන විමසූ විට පුතා කීවේ අපුරු කතාවකි.
මම අවංක කම බලන්නත් එක්ක තේ බොන  අතර තුරේ මගේ ගාව තිබුණු ඉමිටේෂන් රත‍්‍රන් මාලයක් මේසය උඩ තියල අමතක වුණ විදියට ආවා. කෝ ඒ ගැන තවම කතාවක් නෑ.”

මෙය ඇසීමෙන් මවට තරු පෙනිනි”පුතා  ඒක මෙසේ උඩ දාපු බව මම දන්නෙ නෑ. හැබෑ රන් මාලයක් කියල හිතල මං ඒක මගේ බෑක් එකේ දමා ගත්තා. පුතාට කියන්න  අමතක වුණා” ඇය කීවෙන් පුතාටද දෙවියන් සිහි වුනාලූ.



අදහස් (0)

මනාලියගේ අවංකකම හොයන්න පුතා දැමූ උපායට මව රැවටිලා

කුමාරි Monday, 17 March 2014 10:11 AM

සමහර විට මේ අම්ම ඒක පුතාගේ කියලා දැන ගෙන බෑග් එකට දමා ගත්තා වෙන්නත් හැකියි නේද? (නදී)

:       0       0

ජගත් සෞදි Sunday, 16 March 2014 01:44 PM

අවංක කම මිනිසුන් මනිනේ මිල මුදල් රත්ත්රන් වලින්ද? කොච්චරඉගෙනගත්තත් මොලේ නැහැ උගත් කම පොතට විතරයි නුගත් උගත්තු බදින අයට දෙවියන්ගේම පහිටයි (දී)

:       0       0

ජනක Saturday, 15 March 2014 11:02 AM

මටනම් පුදුම හිදිහට හිනා ගියා එකට (දී)

:       0       0

නස්රුදින් Sunday, 16 March 2014 02:32 PM

මටනම් පුදුම හිදිහට හිනා ගියා එකට අම්මගේ කපටිකම් ඉංජිනේරු පුතාටත් ගිහිල්ලා වගෙයි (දී)

:       0       0

ආශා Sunday, 16 March 2014 02:57 PM

දුවව මේ පව්ලට දෙන්න නම් එපා (දී)

:       0       0

සෑම් Friday, 14 March 2014 11:28 AM

මනමාලිගේ කෙසේ වෙතත් අම්මාගේ අවංකකම නම් හොඳින්ම ඔප්පු වෙලා තියනවා.(දිල්)

:       0       0

සජීව Friday, 14 March 2014 02:18 PM

අම්ම කිව්ව කතාව ඇත්ත අම්මට වඩා ඒ මිනිස්සු ගුණ යහපත් ඇති (ත)

:       0       0

රන්ජිත් සිල්වා Saturday, 15 March 2014 08:01 PM

හරිම හිරිකිත කතාවක් මවක් පහත තත්වයකට දැමීමට ලියන ලද්දක් විය හැකිය. අම්ම යනු උතුම් පදවියකි.ය හෑල්ලු කල යුතු නොවේ. (අ)

:       0       0

ධම්ම Friday, 14 March 2014 06:12 PM

අම්මගේ කපටිකම් ඉංජිනේරු පුතාටත් ගිහිල්ලා වගෙයි. (අ)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන. Saturday, 15 March 2014 09:53 PM

අම්මා මුත්තා වුනත් හොරකමට හිත ගියොත් ඕක තමයි වෙන්නේ.දිලිසෙන සියල්ල රත්තරන් නොවෙයි.(දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Friday, 14 March 2014 07:52 PM

ඒ පවුලේ අය වංක නිසා ගේන ලේලිවත් අවංකව හොයනවා ඇති.(දිල්)

:       0       0

රවී Wednesday, 19 March 2014 09:21 AM

අම්මට එහා පුතා.(නදී)

:       0       0

ශාන්ති Sunday, 16 March 2014 12:39 AM

රංජිත්ගේ කතාව මමත් අගය කරනවා ,නමුත් මේ වගේ අම්මලත් අප අතර සිටිනවා නේද ? (අ)

:       0       0

බමුණු Sunday, 16 March 2014 04:58 AM

"අම්මා යනු උතුම් පදවියකි. එය හෑල්ලු කල යුතු නොවේ." ඉතින් හලෝ මෙතන වෙලා තිබෙන දේ කියවන්නකෝ. පදවිය උතුම් උනාට කරන්නේ හෑල්ලු වැඩ නම් මොනවා කරන්නද? (නදී)

:       0       0

හේෂාන් තරංග Wednesday, 19 March 2014 01:44 PM

ලංකාවේ අපේ ලංකාවේ....(අ)

:       0       0

රණතුංග Saturday, 15 March 2014 06:29 AM

කවුද එතකොට වංක වෙලා තියෙන්නේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1242 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1205 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 441 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site