ඔහු කලක පටන් මනාලියක් සොයාගැනීමට වෙහෙස මහන්සි වන තරුණයෙකි. ඉඩකඩම්, යානවාහන, වතුපිටි හිමි ඔහුට එකම අඩුව වූයේ බිරියක් පමණි. මවුපියන්ද ඒ පිළිබඳව දැඩි උනන්දුවක් දැක්වූයේ පුතුගේ නිසි වයස එළඹී ඇති බැවිණි. සෑම සති අන්තයකම වාගේ තරුණ මනාල මහතා සිය මවුපියන්ද සමඟින් මඟුල් තුලා බැලීමටයයි.
ගැනිය නොහැකි මනාලියන් පිරිසක් බැලීමට ගියද ගැළපෙන යුවතිය සොයාගැනීමට නොහැකි වූයේ දේපළ තණ්හාව නිසාවෙනි. පසුගිය දිනෙක මනාල මහතා රූමත් කාන්තාවක් බැලීමට මවුපියන්ද කැටුව ගියහ. මනාල මහතා යුවතියගේ රූමත් බවට ද මනාලියගේ පාර්ශවය මනමාල මහතාගේ වත්කම් පිළිබඳවද සෑහීමට පත්විය.
දෙපාර්ශවයේම දැඩි කැමැත්ත කතාබහෙන්ම ප‍්‍රකාශ විය. සූදානම් කර තිබූ සංග‍්‍රහයද බුක්තිවිඳි මනාල පාර්ශවය පිටත්වීමට නිවෙසින් එළියට පැමිණියේ සතුටු සිතිනි. සිදුවූයේ නොසිතූ දෙයකි. මනාලයාගේ මව වාහනයට ගොඩවීමට ගොස් නැවත පැමිණ ‘‘ඉඩමේ මායිම තියෙන්නේ අර පේන කොස්ගහ ළඟ වෙන්න ඇති නේද?’’යි විමසද්දී සියලූ දෙනාටම කරකියා ගත දෙයක් නොවූහ.
මනාලියගේ පාර්ශවයේ වැඩිහිටියෝ ‘‘දේපළ තණ්හාවෙන් පසුවන මේවාගේ පවුලකට අපේ දුව දෙන්නේ නැහැ’’යි පවසා එම යෝජනාව ප‍්‍රතික්ෂේප කළහ. එනමුත් මනාලයා එම යුවතියගේ රූමත් බවට දැඩි කැමැත්තක් දැක්වූ බැවින් එම නිවෙසට තවත් කීපවතාවක් පැමිණ කථාබහ කළ ද ඉන් පලක් නොවීය. කොටපොල කේ. ප‍්‍රදීප් නිරෝෂන්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අජිත්,අල්ලක විතර කුඹුරු කෑල්ල වවලා මල්ලක් ගෙට ගන්න කියලා කියමනක් තිබුනාට වගාවට කුඹුරු කෑල්ල අඳයට දෙන්න නම් එපා. (නි)
මනමාලයන්ට නෙවෙයි ඒ ගොල්ලන්ගේ පවුලේ බවලතුන්ට තමයි දෑවැද්ද සොයා ගන්න උවමනාව. මට දෑවැද්දට ලැබුණු ගෘහ භාණ්ඩ ටිකත් තමන්ගේ ගෙවල්වලට හෙමීට යවන්න ලැස්තිවුණ කට්ටිය ඉන්නවා. හොඳ වෙලාවට මගේ සැමියා ඒවට අහුවුණේ නෑ (බ)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
සමහර තරුණියන්ගෙන් නම් දෑවැදි ගත්තාට වරදක් කියන්නත් බැහැ (නි)
පුදුම මිනිස්සු තමයි.(හේ)
දෑවදි දෙන්නට රන්මසු පොදි නැති ගෙදරට බරවුණ බාල නගේ..... (නි)
අජිත්ට මුලින්ම හම්බවෙලා තියෙන්නේ පුදුමු තැනක්නේ.පවු! (නි)
මට පෙනෙන විදිහට රූපවතීත් සත පහක දේපොළක් නැතුවම අහිංසකයෙකුගේ කරේ ගහලා වගෙයි! හැබැයි ඉතින් සත්කෝරළේ එහෙම මිනිස්සු නම් අඩුයි (නි)
චන්ද්‍රසිරි, රාධා, , හේමන්ත, ස්තුති අදහස්වලට. ඔව් ඔව් රාධා, මම බොහොම ප්‍රවේසමෙන් තමා වපුරා ගන්නේ. අඳයට නම් දෙන්නේ නැහැ කීයටවත්. (අ)
ලජ්ජා හිතෙනවා අහන්නත්, එත් ඇත්ත. (ම)
අනේ මෙහෙමත් පිරිමි! (නි)
අලුත් නීතියක් ගෙනෙන්න ඕනෑ කටින් දෑවැද්ද ඉල්ලීම නීතිවිරෝධී සහ දෑවැදි ඉල්ලා අඩන්තේට්ටම් කරනවා නම් දැඩි දඬුවම් දෙන්න ඕනෑ කියලා (නි)
මේක මොකක්ද මගේ නෝනත් එක්ක කෙනෙක්ව බලන්න ඇවිත් යෝජනාව ස්ථිර වුණා. ඊට පසුව දැම්ම මනමාලයාගේ අම්මයි අක්කයි මිනින්දෝරුවකුත් එක්ක ගිහින් දෑවැද්දට දෙනවා කියපු ඉඩමේ අදාළ පර්චස් ගණන හරියටම තියෙනවාද මැනලා. මේක ආරංචි වුණ ගමන් මනමාලිගේ තාත්තාගේ යෝජනාව එතැනින්ම ඉවර කළා (බ)
අජිත් අක්කරවලට වඩා අඟල වපුරා ගන්න පහසුයි (බ)
හොද වැඩේ ..! දෙමාපියන් දහදුක් විදලා ලොකු මහත් කරලා කෙල්ලක් හදල දීග දෙනවා ජීවිත කාලෙටම දාසියක් වගේ ගෙදරටයි වත්ත පිටියටයි කුස්සියටයි තම දරු පැටවුන් වෙනුවෙනුයි ස්වාමියාගේ තාඩන පීඩන මැද්දේ ...තම සේවය ඉදිරි පරපුරට කැප කරන්න. ඒ මදිවට එනවා වත්තේ දිග පළල මනින්න. ගෙදරට නාකි වුණත් දෙන්න හොද නැහැ දේපළට පෙරේත මිනිහෙකුට. හදවතේ පැවතෙන උතුම් මිනිස්කම් ඔය හැම දේපලකටම පරාදයි..!ඒ ටික නොදන්නා කකුල් දෙකේ හරකෙකුට දෙන්න එපා කෙල්ලක් දීගෙට ..? (අ)
මටත් අල්ලක විතර කුඹුරු කෑල්ලක් හම්බවුනා දෑවැද්දට. මම ඉතින් එකෙන් සැනසුනා.(හේ)
අජිත්ගේ කුඹුර මට අඳේට දෙන්න බැරිද? (නි)
අද කාලේ නැන්දම්මලා සහ නෑනලා තමයි සැමියාටත් වඩා මේ වත්තේ හතරමායිම් බලන්නේ (නි)
මට නම් දෑවැද්දට මහා ලොකු ආදරයක් ලැබුණා මගේ බිරිද ලැබෙනකොට .ඊට වඩා තවත් දෑවැද්දක් තියෙනවද ? (බ)
මම නම් වත්තේ දිග පළල මනින්නේ නැහැ, (අ)
අජිත් වගේ හුඟ දෙනෙක් සෑහීමකට පත්වෙලා නිකා ඉන්නවා (නි)
අජිත්, ඔබ හරි. අඳයට ගත්තත් දුන්නත් වෙන්නේ කුඹුරු කෑල්ල නැතිවෙන එක විතරයි. (නි)