IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මනාලිය ගෙදර ආ දවසේ අමුතු කෙල්ලක් ඇවිත් ජංජාලයක්

(මොරගොල්ලාගම - සිසිර කැලේගම)

මනමාලිය මනාලයාගේ නිවසට කැඳවාගෙන පැමිණ මංගල උත්සවය සමරන අතරවාරයේ පරණ පෙම්වතිය අඬමින් මනාලයාගේ නිවසට පැමිධෑමෙන් දෙපාර්ශවයේ නෑදෑ පිරිස අසරණභාවයට පත්වීමේ පුවතක් වයඹ හා රජරට සීමා අතර ගම්මානයකින් අසන්නට ලැබුණි.

සිද්ධිය මෙසේය. එදින මංගල දිනයකි. මනාලිය කැඳවාගෙන ඒමට මංගල පාර්ශවයේ ඥාතීහු පිටත් වූහ. නැකැත්වලට අනුව චාරිත්‍ර සිදුකර මනාලිය කැඳවාගෙන මනාලයාගේ නිවසට පැමිණියේය. දෙපාර්ශවයේ ඥාතීන් මනාලයාගේ නිවසේ සතුටු සාමීචියේ යෙදී සිටින අතරවාරයේ නාඳුනන කාන්තාවක එම නිවසට ඇතුළු වී තිබේ. මනාල යුවළ සිටි පුටුව අසලට ගිය කාන්තාව මනාලයාගේ අත අල්ලා ‘මං බඳිනවා කියා බොරු පොරොන්දු දීලා අතරමං කෙරුවේ’ ඇයි කියමින් විලාප දෙන්නට වූවාය. රැස්ව සිටි පිරිස අන්දුන් කුන්දුන් වී ඒ දෙස බලා සිටියහ. මනාලයා ද කිසිත් නොදොඩා නිසොල්මන්ව සිටියේය. ඒ අතරවාරයේ එහි පැමිණි පිරිසක් විලාප දෙමින් සිටින කත එළියට රැගෙන ගියේය. ඇය මනාලයාගේ යහළුවකු බවත් ඔහු කාන්තාවක් ලෙස වෙස් වලාගෙන පැමිණි බවත් රැස්ව සිටි පිරිසට හඳුනා ගැනීමට හැකිවීමෙන් පසුව මනාලිය හා එම පවුලේ පිරිස් සිනා මුසු මුහුණින් යුතුව සුසුම් හෙලූහ.



අදහස් (4)

මනාලිය ගෙදර ආ දවසේ අමුතු කෙල්ලක් ඇවිත් ජංජාලයක්

lanka Thursday, 12 December 2019 11:30 AM

අද රටේ තියෙන්නේ පුදුම ආකාරයේ විහිලු.

:       0       39

beau Thursday, 12 December 2019 01:33 PM

පිරටවල විගඩම් මේ රටට ඔබින්නේ නැත. මනමාලියට තරහ ඇවිත් මල් පොකුරත් බිම දාලා, දෙමව්පියන් සමග නැගිටලා ගියානම් තමයි මේ අයට තරු පේන්නේ...

:       54       11

SamanThursday, 12 December 2019 03:27 PM

පිටරට කියන්නේ මොනවගේ රටවල්ද? මේවා ඇහෙන්නේ ලංකාවෙන්ම තමයි.

:       0       41

thilakFriday, 13 December 2019 12:46 AM

ඇත්ත. මේ වගේ විකාර ඉන්දියාවේවත් නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site