සිල් සමාදන්වීම සඳහා යාමට සූදානම්ව පන්සලේදී කියැවීම සඳහා ජාතක කතා පොත් වහන්සේ රැගෙන යාමට සූදානම් වූ මිත්තනියක් මුහුණ පෑ අපූරු සිදුවීමක් පසුගියදා අසන්නට ලැබුණේ ප‍්‍රකට ගුවන් තොටුපළක් ආශි‍්‍රත ගම්මානයකිනි.
ඉතා සැදැහැවත් මේ මිත්තනිය දෙදින සීල ව්‍යාපාරයකට එක්වීම සඳහා තෙල් මල් පහන් රැගෙන යාමට සූදානම්ව සිල්ගත් පසුව කියැවීම සඳහා බිනිබිරියගේ පොත් රාක්කයෙන් ජාතක කතා පොත් වහන්සේ රැුගෙන යාමට සූදානම් වුවත් එහි වහා කඩාවැදුණු මිනිබිරිය පොත උදුරා ගත්තාය.
කිසිදු හේතුවක් නැතිව කළ මේ අවිනීත වැඬේ ගැන මිත්තනිය ඇගේ දුවට කී විට ඇය පොත යළි උදුරාගෙන බැලූවාය. පොතේ පිටකවරයේ ජාතක කතා පොත් වහන්සේ කියා ලියා තිබුණත් ඒ තුළ තිබුණේ පසුගිය කාලයේ ඉතා ජනපි‍්‍රයව පැවැති බොළඳ පෙම් කතාවක්ලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිත්තණිය,බැරිවෙලාවත් ඔය කියන පොත අරගන ගියානම් කියවනවා.හොද වෙලාවට මිනිබිරියට අහුවුනේ. නැත්නම් සීලේ කැඩෙනවා. (නි)
ඒකත් එක්තරා ජාතක කතාවක් තමයි (නි)
මේක සිද්ධ වුණේ මත්තල ආශ්‍රිත ගම්මානයකින්ද? (නි)
හොඳ පෙම් කතාවත් ලස්සන ජාතක කතාවක් , බොලන් ආච්චියේ. (නි)
ප්රකට ගුවන් තොටුපොල කියන්නේ ''ගුවන්යානා එන්නේ නැති, ආශ්චර්ය රටක තියන, මිනිසුන් දකින්නට කැමති නැති නමක් තියන '' නිසා නේද?(නදී)
ඕන එකක් කියපල්ලා. මිනිපිරි ළමයට මුකුත් කියනවා එහෙම නෙමෙයි (නි)
අපි හරියටම දන්නේ නැහැනේ. ආච්චි එක නවකතාවක් කියලා දැනගෙන හිටියද නැද්ද කියලා. සමහරවිට එයාටත් ඒක පන්සලේදී නිවාඩු පාඩුව කියවන්න ඕනේ වෙන්න ඇති. මොකද ඕක ගෙදර තියෙන ජාතක පොතක් නිසා ආච්චි පලවෙනි පාරට දැක්කා වෙන්න බැහැ. ඇස ගහ ගෙනම ඉන්න ඇති ඕක උදෙක්ම ගන්න. ඒත් පව් අන්තිමට මට්ටු වුනා.(නදී)
ආච්චි කියෙව්වා නම් සිල් රෙද්ද ගලවාගෙනම ගමයා ලගට දුවගෙන ඒවී. (නි)
අනේ මෙහෙමත් කෙල්ලෝ? (නි)
සිල් සමාදන් වෙන්න යන්න ගිය ආචිචි අම්මට පවු සිද්ධවෙන කතා කියන්න එපා. මිනිබිරිගේ නොහොබිනාකමට... (නි)
ඔය පොතේ නම දන්නවද ? (නි)
ආච්චි පවුනේ. (නි)
මිනිසුන්ට අපහාස කරන්න රජවරු ලංකාව ඉන්නේ.(නදී)
අපේ ළමා පරපුරට ගිය කලක්
මොකද්ද ඒ කතාව
ආච්චි කෙනෙක් බස් එකට නැගලා ගැබිනි මාතාවන්ට තියන සීට් එකේ වාඩිවෙලා.බබෙක් හම්බවෙන්න ඉන්න කෙනෙක් බස් එකට නැග්ගා.කොන්දොස්තර ළමයා ආච්චිට කිව්වා සීට් එක දෙන්න කියලා. ආච්චි බැහැ කිව්වා.කොන්දොස්තර ළමයා ගේම ඉල්ලනවා දැන්.මෙන්න ආච්චි කියපි මටත් ළමයෙක් හම්බවෙන්න තමයි යකෝ ඉන්නේ කියලා. ආච්චි ගේම් එක දිනුම් අර අම්මට වෙනසීට් එකක් හම්බුනා. (නි)
ආච්චිටත් කෙල්ල කාලේ මතක් වුනාලු. වයසේ හැටියට මේක ගෙදරදි බලන්න බය හිතුනලු. හොදම තැන සිල්ගන්න තැනයි. හංගගත්තේ බන මඩුවට ගිනියන්නයි කොහෙද මේ කෙල්ල මට පොල්ලක් තිබ්බනේ. දැන් ඉතින් සතිපටිටාන පොතවත් අරන් යන්නයි කල්පකා කරන්නේ.(නදී)
හොද කතාවක් (නි)
දැන් හැදෙන ළමයි ඔහොම තමයි
මේවා බලන අපිටත් පිස්සු වගේ (නි)
ඕව සාමාන්‍ය සිද්ධි. අද කාලේ කෙල්ලෝ කොල්ලෝ ආදරය කරනවා පෙම් පත් මාරු කරගන්නවා. ආච්චි මොකටද මේවට පනින්නේ? ආච්චි තරුණ කාලෙත් ඕවා කරලා ඇති.පෙම් කතා අද සිනමාවේ ටෙලෙ නාට්‍ය වල ඕවා ඕනෑ තරම් (නි)
ලොවේ නම් කරනවා තමයි. අමාලි හැබැයි පිටකවරය වෙනස් නේද පුතෝ? (නි)
මේ කතාව අහලා මට හරියට හිනා (නි)
අනේ අනේ... මක් කියනවද දන්නෙ නැහැ මෙයාලා... (නි)