IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


මිනිබිරියගේ ජාතක පොත ඇතුළේ බොළඳ පෙම් කතාවක්

සිල් සමාදන්වීම සඳහා යාමට සූදානම්ව පන්සලේදී කියැවීම සඳහා ජාතක කතා පොත් වහන්සේ රැගෙන  යාමට සූදානම් වූ මිත්තනියක් මුහුණ පෑ අපූරු සිදුවීමක් පසුගියදා අසන්නට ලැබුණේ ප‍්‍රකට ගුවන් තොටුපළක් ආශි‍්‍රත ගම්මානයකිනි.
 ඉතා සැදැහැවත් මේ මිත්තනිය දෙදින සීල ව්‍යාපාරයකට එක්වීම සඳහා තෙල් මල් පහන් රැගෙන යාමට සූදානම්ව සිල්ගත් පසුව කියැවීම සඳහා බිනිබිරියගේ පොත් රාක්කයෙන් ජාතක කතා පොත් වහන්සේ රැුගෙන යාමට සූදානම් වුවත් එහි වහා කඩාවැදුණු මිනිබිරිය පොත උදුරා ගත්තාය.
කිසිදු හේතුවක් නැතිව කළ මේ අවිනීත වැඬේ ගැන මිත්තනිය ඇගේ දුවට කී විට ඇය පොත යළි උදුරාගෙන බැලූවාය. පොතේ පිටකවරයේ ජාතක කතා පොත් වහන්සේ කියා ලියා තිබුණත් ඒ තුළ තිබුණේ පසුගිය කාලයේ ඉතා ජනපි‍්‍රයව පැවැති බොළඳ පෙම් කතාවක්ලූ.



අදහස් (0)

මිනිබිරියගේ ජාතක පොත ඇතුළේ බොළඳ පෙම් කතාවක්

රංජනී Wednesday, 29 May 2013 12:56 AM

මිත්තණිය,බැරිවෙලාවත් ඔය කියන පොත අරගන ගියානම් කියවනවා.හොද වෙලාවට මිනිබිරියට අහුවුනේ. නැත්නම් සීලේ කැඩෙනවා. (නි)

:       0       0

වරුණ Tuesday, 28 May 2013 02:32 PM

ඒකත් එක්තරා ජාතක කතාවක් තමයි (නි)

:       0       0

කිත්සිරි Tuesday, 28 May 2013 08:36 AM

මේක සිද්ධ වුණේ මත්තල ආශ්‍රිත ගම්මානයකින්ද? (නි)

:       0       0

හේරත් Tuesday, 28 May 2013 08:45 AM

හොඳ පෙම් කතාවත් ලස්සන ජාතක කතාවක් , බොලන් ආච්චියේ. (නි)

:       0       0

කෙවින් Tuesday, 28 May 2013 08:47 AM

ප්‍රකට ගුවන් තොටුපොල කියන්නේ ''ගුවන්යානා එන්නේ නැති, ආශ්චර්ය රටක තියන, මිනිසුන් දකින්නට කැමති නැති නමක් තියන '' නිසා නේද?(නදී)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 28 May 2013 02:41 PM

ඕන එකක් කියපල්ලා. මිනිපිරි ළමයට මුකුත් කියනවා එහෙම නෙමෙයි (නි)

:       0       0

සරත් Tuesday, 28 May 2013 10:09 AM

අපි හරියටම දන්නේ නැහැනේ. ආච්චි එක නවකතාවක් කියලා දැනගෙන හිටියද නැද්ද කියලා. සමහරවිට එයාටත් ඒක පන්සලේදී නිවාඩු පාඩුව කියවන්න ඕනේ වෙන්න ඇති. මොකද ඕක ගෙදර තියෙන ජාතක පොතක් නිසා ආච්චි පලවෙනි පාරට දැක්කා වෙන්න බැහැ. ඇස ගහ ගෙනම ඉන්න ඇති ඕක උදෙක්ම ගන්න. ඒත් පව් අන්තිමට මට්ටු වුනා.(නදී)

:       0       0

දම් Tuesday, 04 June 2013 10:03 PM

ආච්චි කියෙව්වා නම් සිල් රෙද්ද ගලවාගෙනම ගමයා ලගට දුවගෙන ඒවී. (නි)

:       0       0

අමිල Tuesday, 04 June 2013 10:16 PM

අනේ මෙහෙමත් කෙල්ලෝ? (නි)

:       0       0

අරුණ Tuesday, 28 May 2013 10:58 AM

සිල් සමාදන් වෙන්න යන්න ගිය ආචිචි අම්මට පවු සිද්ධවෙන කතා කියන්න එපා. මිනිබිරිගේ නොහොබිනාකමට... (නි)

:       0       0

නිමල් Thursday, 30 May 2013 10:29 PM

ඔය පොතේ නම දන්නවද ? (නි)

:       0       0

සරත් Tuesday, 28 May 2013 04:15 PM

ආච්චි පවුනේ. (නි)

:       0       0

සෑම් Tuesday, 28 May 2013 11:25 AM

මිනිසුන්ට අපහාස කරන්න රජවරු ලංකාව ඉන්නේ.(නදී)

:       0       0

දේවින්දි Tuesday, 28 May 2013 11:36 AM

අපේ ළමා පරපුරට ගිය කලක්

:       0       0

චන්දන Tuesday, 28 May 2013 04:51 PM

මොකද්ද ඒ කතාව

:       0       0

පහන් Tuesday, 28 May 2013 12:02 PM

ආච්චි කෙනෙක් බස් එකට නැගලා ගැබිනි මාතාවන්ට තියන සීට් එකේ වාඩිවෙලා.බබෙක් හම්බවෙන්න ඉන්න කෙනෙක් බස් එකට නැග්ගා.කොන්දොස්තර ළමයා ආච්චිට කිව්වා සීට් එක දෙන්න කියලා. ආච්චි බැහැ කිව්වා.කොන්දොස්තර ළමයා ගේම ඉල්ලනවා දැන්.මෙන්න ආච්චි කියපි මටත් ළමයෙක් හම්බවෙන්න තමයි යකෝ ඉන්නේ කියලා. ආච්චි ගේම් එක දිනුම් අර අම්මට වෙනසීට් එකක් හම්බුනා. (නි)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 28 May 2013 12:45 PM

ආච්චිටත් කෙල්ල කාලේ මතක් වුනාලු. වයසේ හැටියට මේක ගෙදරදි බලන්න බය හිතුනලු. හොදම තැන සිල්ගන්න තැනයි. හංගගත්තේ බන මඩුවට ගිනියන්නයි කොහෙද මේ කෙල්ල මට පොල්ලක් තිබ්බනේ. දැන් ඉතින් සතිපටිටාන පොතවත් අරන් යන්නයි කල්පකා කරන්නේ.(නදී)

:       0       0

දයාසිරි Friday, 31 May 2013 04:09 AM

හොද කතාවක් (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 28 May 2013 01:13 PM

දැන් හැදෙන ළමයි ඔහොම තමයි

:       0       0

රවී Wednesday, 29 May 2013 03:44 PM

මේවා බලන අපිටත් පිස්සු වගේ (නි)

:       0       0

අමාලි සිල්වා Tuesday, 28 May 2013 10:47 PM

ඕව සාමාන්‍ය සිද්ධි. අද කාලේ කෙල්ලෝ කොල්ලෝ ආදරය කරනවා පෙම් පත් මාරු කරගන්නවා. ආච්චි මොකටද මේවට පනින්නේ? ආච්චි තරුණ කාලෙත් ඕවා කරලා ඇති.පෙම් කතා අද සිනමාවේ ටෙලෙ නාට්‍ය වල ඕවා ඕනෑ තරම් (නි)

:       0       0

ගයාන් Wednesday, 29 May 2013 12:52 PM

ලොවේ නම් කරනවා තමයි. අමාලි හැබැයි පිටකවරය වෙනස් නේද පුතෝ? (නි)

:       0       0

සමන් Tuesday, 28 May 2013 07:02 AM

මේ කතාව අහලා මට හරියට හිනා (නි)‍

:       0       0

ආච්චි Wednesday, 29 May 2013 04:19 PM

අනේ අනේ... මක් කියනවද දන්නෙ නැහැ මෙයාලා... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1159 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1165 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site