IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මිනිබිරියගේ ඇඳුමට ආච්චි ඇන්දිලා

(කලවාන - උපේන්ද්‍ර ප‍්‍රියංකර ජාතුංගම)

සිය මිනිබිරියට උපකාර කිරීමට ගොස් අමාරුවේ වැටුණු මිත්තනියක පිළිබඳ පුවතක් නගර ආසන්න ප‍්‍රදේශයකින් වාර්තා වෙයි.

ඇය ඉතාමත් රූමත් දඟකාර තරුණියකි. ඇය විනෝදයෙන් ගත කළ අතර, සිය මවුපියන්ගෙන් ලබාගන්නා මුදල්, ඇඳුම් පැළඳුම්වලට සහ සිය මිතුරියන්ට වියදම් කිරීමට නිර්ලෝභී වූවාය.

ඇයට පෙම්වතුන් අතේ ඇඟිලි සංඛ්‍යාවට වැඩි වූවා මිස අඩු නොවුණි. ඇය ඔවුන්ගෙන් ද මුදල් ඉල්ලාගෙන අලූත් තාලේ ‘ෆැෂන්’වලට පුරුදු වී සිටියාය. මවුපියන් කොතෙකුත් කීවද ඒවා ගණනකට නොගත් ඇය, අඩුම වශයෙන් ඇයගේ ඇඳුමක්වත් සෝදා නොගත්තාය.

උදයම පිටවන ඇය හවසට මුහුණු පොත පිරෙන්නට ඡුායාරූප රැුගෙන යළි නිවසට පැමිණෙන්නේ ඇඳිරි වැටුණු පසුවය. දිනක් ඇය පෙම්වතකුගෙන් ඉල්ලා ගත් මුදල්වලින් අලූත්ම ඩෙනිම් කලිසමක් රැුගෙන ආවාය. ඇය නිවෙසට පැමිණ ආඩම්බරයෙන් පවසා සිටියේ එම ඩෙනිම රුපියල් හාරදහසක් වූ බවය.

දින කිහිපයකට පසුව අලූතින් ගත් හාරදහසේ ඩෙනිම් කලිසම සෙවුවද ඇයට එය සොයා ගැනීමට නොහැකි වූ බැවින්, රෙදි වැඩි වශයෙන් සෝදා පිරිසුදු කරන සිය මිත්තනිය අමතා ‘ආච්චි මගේ අලූත් ඩෙනිම’ යැයි ඇසීය.

එවිට මිත්තනිය ‘ආ අර හාරදහසට ගත්ත කිවුව ඇඳුම නේද? අනේ මන්ද ළමයෝ අද කාලේ ළමයෙකුට හරියට ඇඳුම් පාංකඩයක්වත් ගන්න දන්නේ නැහැනේ. ඔය ළමය රවට්ටලා දීලා තියෙන්නේ. ඒ කලිසම හතර පස් පොලකින් ඉරිලා. නූල් එළියට ඇදිලා. මම ඔන්න මහලා මගේ කාමරයෙන් තිබ්බා’ කීවාය.

දෙවියන් සිහි වූ තරුණිය ‘අනේ ආච්චියේ ඒක තමයි අලූත් ෆැෂන් එක. චික් විතරක් කලිසම ඉවරයි. අපරාදේ මගේ හාරදාහා’ යැයි පවසමින් සිය මිත්තනියට දොස් මුර තැබුවාය.



අදහස් (0)

මිනිබිරියගේ ඇඳුමට ආච්චි ඇන්දිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 93 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 897 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site