IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මුනුපුරාගේ පෙම්හසුන ගෙනගිය සීයා වළකට වැටී ජංජාලයක්

(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
සිය මුනුපුරා විසින් ලියන ලද පෙම් හසුන් පතක් ඔහුගේ පෙම්වතියට දීමට රැගෙන යමින් සිටි සීයා අල්ලපු ඉඩමක කපා තිබු වැසිකිළි වළකට වැටී ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තාවෙයි. මෙලෙස වැසිකිළි වළකට වැටී ඇත්තේ කෑගල්ල මොළගොඩ ප්‍රදේශයේ ගමක පදිංචි 74 හැවිරිදි අයෙකි.


වාර්තා වෙන අන්දමට සිද්ධිය මෙසේය.


මොහුගේ එක් දරුවකු විදේශ රටක රැකියාවක් කරන අතර ලේලිය හා ඔවුන්ගේ පිරිමි දරුවන් දෙදෙනා සමඟ මෙම වයෝවෘද්ධ පියා තනි නොතනියට එම නිවසේ වසරක පමණ කාලයක සිට ජීවත් වෙයි. මුණුපුරන් දෙදෙනාගේ වයස 21 සහ 17ක් වන අතර, 21 හැවිරිදි මුණුපුරා වරකාපොළ තුල්හිරිය ප්‍රදේශයේ ඇඟළුම් ආයතනයක සේවය කරයි. ඔහු අල්ලපු ගමේ පදිංචිව සිටින 19 හැවිරිදි ශිෂ්‍යාවක් සමග මීට මාස කිහිපයකට ඉහතදී ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකරගෙන තිබිණි. මෙම තරුණයා පෙරේදා 26 දා සිය පෙම්වතියට පෙම් හසුන් පතක් ලියා සීයා අතේ යැවීමට කටයුතු කර තිබිණි.


පෙම් හසුන රැගෙන කිලෝමීටරයක් පමණ ඈතින් යන සිසුවියට දීමට කෙටි මාර්ග යකින් යද්දී සීයා අසල්වැසි නිවසක අඩි නවයක් පමණ කපා තිබූ වැසිකිළි වළකට වැටිණි. සීයාගේ ප්‍රමාදය බැලීමට ගිය මුණුපුරාට දැකගත හැකිවූයේ සීයා අල්ලපු නිවසක වැසිකිළි වළට වැටී ඇති අයුරුයි. පසුව මුනුපුරා නිවසට දිව ගොස් ඉනිමගක් ගෙන වළට දමා සීයා ගොඩට ගත්තාලු.



අදහස් (3)

මුනුපුරාගේ පෙම්හසුන ගෙනගිය සීයා වළකට වැටී ජංජාලයක්

sudda Thursday, 29 August 2019 09:11 AM

74 කියන්නේ වයසක්ද. අපිටත් පුළුවන් 21 කොල්ලන්ට සටනක් දීලා කෙල්ලෙක් සෙට් කරගන්න.

:       2       1

BamunuarachchiFriday, 30 August 2019 01:11 AM

හරියට හරි මචං. දීපන් ඔය වෙව්ලන අත. හැට පැන්න නාකිවගේ ඉන්න කොල්ලෝ කොච්චර ඉන්නවද එකට අපිනේද?

:       15       14

sampath Friday, 30 August 2019 12:17 PM

මේක නම් පිළිගන්න බැහැ. දැන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ ලියුම් ලියන්න දන්නෙත් නැහැ. මෙතරම් ජංගම දුරකථන තියෙද්දී පෙම් හසුන් මොකටද ඒවා ලිව්වේ?

:       5       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 40 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site