IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


මනාපයට රැවටී අපේක්ෂකයා ඇඟට කඩාපනී

2020 මැතිවරණයට ඉදිරිපත් වී පරාජය වූ සුළු පක්ෂ අපේක්ෂකයා හමුවීමට මිතුරා පැමිණියේ ඔහු කනස්සල්ලෙන් පසුවන බව සැලවීමෙනි. 


මන්ත්‍රීධුරාපේක්ෂකයා මිතුරා එතරම් ගණනකට නොගෙනම ‘මචං වාඩිවෙයන්’ කීවේ මද සිනාවක් හෝ මුවගට නඟා නොගෙනමය. 
ඔහු මිතුරා ගණන් නොගෙනම කල්පනාවේ යෙදී සිටියේය. 


ඒ අතර මිතුරා කටහඬ අවදි කළේය. 


‘මචං චන්දෙන් පැරදුණාට මනාප අඩු වුණාට කතා නොකර ඉන්න එපා. උඹේ දුකසැප බලන්නමයි මම අාවේ. අපේ ගෙදර පස්දෙනාම උඹටයි චන්දේ දාල මනාප දුන්නෙත්.’ 


මන්ත්‍රිධුරාපේක්ෂකයාට යකා නැංගේය.


‘‘අනේ බොරු නොකියා පලයන් මට උඹලෑ ගමෙන්ම තිබුණෙ මනාප දෙකයි. ඒ මනාප දෙක ගැහුවේ අපේ නෝනගෙ අම්මයි තාත්තයි නැත්නම් ඒකත් නෑ’’ 


මිතුරා හෙමින් සීරුවේ පිටව ගියේ පරාජිත අපේක්ෂකයාටත් වඩා පරාජිත ස්වරූපයෙනි.

දූනගහ බටේපොල විජයසිරි 

 



අදහස් (0)

මනාපයට රැවටී අපේක්ෂකයා ඇඟට කඩාපනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1814 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1476 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site