2020 මැතිවරණයට ඉදිරිපත් වී පරාජය වූ සුළු පක්ෂ අපේක්ෂකයා හමුවීමට මිතුරා පැමිණියේ ඔහු කනස්සල්ලෙන් පසුවන බව සැලවීමෙනි.

මන්ත්‍රීධුරාපේක්ෂකයා මිතුරා එතරම් ගණනකට නොගෙනම ‘මචං වාඩිවෙයන්’ කීවේ මද සිනාවක් හෝ මුවගට නඟා නොගෙනමය.
ඔහු මිතුරා ගණන් නොගෙනම කල්පනාවේ යෙදී සිටියේය.
ඒ අතර මිතුරා කටහඬ අවදි කළේය.
‘මචං චන්දෙන් පැරදුණාට මනාප අඩු වුණාට කතා නොකර ඉන්න එපා. උඹේ දුකසැප බලන්නමයි මම අාවේ. අපේ ගෙදර පස්දෙනාම උඹටයි චන්දේ දාල මනාප දුන්නෙත්.’
මන්ත්‍රිධුරාපේක්ෂකයාට යකා නැංගේය.
‘‘අනේ බොරු නොකියා පලයන් මට උඹලෑ ගමෙන්ම තිබුණෙ මනාප දෙකයි. ඒ මනාප දෙක ගැහුවේ අපේ නෝනගෙ අම්මයි තාත්තයි නැත්නම් ඒකත් නෑ’’
මිතුරා හෙමින් සීරුවේ පිටව ගියේ පරාජිත අපේක්ෂකයාටත් වඩා පරාජිත ස්වරූපයෙනි.
දූනගහ බටේපොල විජයසිරි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd