IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


මනාප ඉල්ලන් ගිහින් පෙම්වතියට තෑගිත් දීලා

(කොබෙයිගනේ - නිමල් ප්‍රේමචන්ද්‍ර)
මිතුරාගේ උපාය මාර්ගය හේතුවෙන් දිගුකාලයකින් හමුවීමට නොහැකිවූ සිය පෙම්වතිය මුණ ගැසීමටත් ඇයගේ උපන් දිනයට තෑග්ගක් ලබාදීමටත් හැකිවූ බව කියන පෙම්වතකු ගැන වයඹ පළාතේ එක්තරා ගම්මානයකින් වාර්තාවූ රසවත් පුවතකි මේ.


ඔහු නගරයේ පෞද්ගලික සමාගමක ගිණුම් අංශයේ සේවය කරන අවුරුදු 24 ක පමණ තරුණයෙකි. පෙම්වතිය අවුරුදු 22 ක පමණ රැකියාවක් අපේක්ෂාවෙන් සිටින තරුණියකි. දෙදෙනාම මීට මාස හත අටකට පෙර නගරයේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක පරිගණක පාඨමාලාවක් හැදෑරූ අතර ඔවුන් දැන හැඳින ප්‍රේම සම්බන්ධතාවක් ගොඩ නගා ගත්තේ එහිදීය.


තරුණිය ඉඩකඩම් ඇති ධනවත් පවුලක එකම දරුවායි. ඇයට නිවසින් පිටත යාමට අවස්ථාව දෙන්නේද ඉතා කලාතුරකිනි.


මාසයක පමණ කාලයකින් තරුණයාට සිය පෙම්වතිය මුණ ගැසීමට නොහැකිවීම නිසා ඔහු සිටියේ මහත් වූ සිත් තැවුලකිනි.


එදින පෙම්වතියගේ 22 වැනි උපන්දිනය යෙදී තිබුන අතර ඔහු දින කීපයකට පෙර ගෙනා උපන්දින සුබ පැතුම් පත හා උපන්දින තෑග්ග රැගෙන ගමේ සිටින ඔහුගේ හොඳම මිතුරාගේ නිවසට ගියේ පෙම්වතියට තෑග්ග ලබාදීම ක්‍රමයක් ගැන මිතුරාගෙන් උපදේශයක් ලබා ගැනීමටය.


අද අරයගේ උපන්දිනය මම තෑග්ගක් ගෙනාවා කොහොමද ඒක එයාට  ගෙන යන්නේ. මට එයාව මාසයකින් විතර හම්බවුණේ නෑ. මූන දකින්නත් ආසයි පෙම්වතා මිතුරාට කීය.


ටික වේලාවක් කල්පනාකරමින් සිටි මිතුරා සිය කාමරය වෙත ගොස් පත්‍රිකා කිහිපයක් රැගෙන කාමරයෙන් එළියට පැමිණ ඔහුට පැවසුයේ තමා සමග තරුණියගේ නිවසට යාමට පැමිණෙන ලෙසය.


කෙල්ලගේ තාත්තා අමාරුකාරයා. පොඩි හරි ඉවක් වැටුණොත් අපි දෙන්නටම හොඳ පරිප්පුවක් කන්න වෙනවා ඔහු මිතුරාට පැවසීය.


කිසි දෙයකට බය වෙන්න එපා උඹ බයික් එක කෙල්ලගෙ ගෙදර මිදුලෙ නවත්තපන් ඉතිරි ටික මං බලාගන්නම් මිතුරා කීය.


කිලෝමීටර් 10 ක පමණ දුර ගෙවා තරුණියගේ නිවසට ඔවුන් පැමිණි අතර යතුරු පැදියේ හඬ ඇසී කිසියම් කටයුත්තක යෙදී සිටි පියා ඔවුන් අසලට පැමිණියේය.


මේ ළමයි කවුද මොකක්ද උවමනාව.


අන්කල් මේ සැරේ පාර්ලිමේන්තුවට තරග කරන.............. අපේක්ෂකයාට මනාප එකතු කරන්න අපි කැන්වසින් යන ගමන්. මේ ගෙදරටත් ආවේ ඔයාලාගේ මනාපය ඉල්ලා ගන්න. මිතුරා පැවසුයේ අපේක්ෂකයාගේ රුව සහිත පත්‍රිකා කිහිපයක් පියාගේ අත තබමිනි.


ඔය ළමයි මෙහෙම ඇවිත් කිව්වත් නැතත් මම ඔය අපේක්ෂකයාට මනාපයක් දෙන්න තීරණය කරලා ඉන්නේ. එයා මං ඉගෙන ගත්ත පාසලේ ආදි සිසුවෙක්. ඒ වගේ බුද්ධිමත් ගුණයහපත් අය තමා පාර්ලිමේන්තුවට තෝරලා යවන්න ඕනෑ. ඔහු පැවසීය.


අන්කල් අපිට වතුර ටිකක් බොන්න පුළුවන්ද? අපි දෙන්නටම හොඳටම තිබහයි. අද උදේ ඉඳන්ම ඇවිදිනවා. මිතුරා පැවසීය.


කුස්සියේ දිවා ආහාරය සකස් කරමින් සිටි සිය දියණිය එම ස්ථානයට කැඳවූ පියා දියණියට පැවසුයේ තරුණයන් දෙදෙනාට සංග්‍රහයක් කරන ලෙසය.


දුවේ මේ ළමයින්ට අර ගෙදර හදල තියෙන පලතුරු බීමවලින් වීදුරු දෙකක් හදලා දෙන්න. අද දුවගේ උපන්දිනයට හදපු කේක් රසකැවිලිත් ඇතිනේ. ඒවත් කන්න දෙන්න.


පෙම්වතියගේ සංග්‍රහය භුක්ති විඳිමින් සිටින අතර තුර පියා කිසියම් අවශ්‍යතාවක් සඳහා කුස්සිය දෙසට ගිය අවස්ථාවේ ළඟ තිබූ බෑගයෙන් තෑග්ග හා සුබ පැතුම් පත එළියට ගෙන පෙම්වතිය අත තැබුවේ ඇයගේ නළලට හාදුවක්ද දෙමිනි.


මිතුරාගේ උපක්‍රමය නිසා දිගු කලකට පසුව පෙම්වතිය මුණ ගැසීමට ඇයට උපන්දින තෑග්ග දීමටත් ලැබීම නිසා මහත්වූ සතුටකින් නිවස වෙත ආවේ මිතුරාට අනේකවාරයක් තුති පුදකරමිනි.

 



අදහස් (0)

මනාප ඉල්ලන් ගිහින් පෙම්වතියට තෑගිත් දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1844 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1489 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site