(තිහගොඩ උපසේන ලියනගම)
සබරගමුව පළාතේ ප‍්‍රාදේශීය මට්ටමේ දේශපාලකයෙකි. වඩාත් කි‍්‍රයාකාරී හා සුහදශීලි පුද්ගලයකු වූ නිසාම ප‍්‍රදේශයේ බොහෝදෙනා තම දේශපාලන අවශ්‍යතා ඉටුකරගත්තේ ඔහු ලවාය.
පසුගියදා ගමේ ආධාරකරුවකු තම පුතා සමග මන්තී‍්‍රවරයා හමුවට ගියේ පුතාගේ අවශ්‍යතාවක් ඉටුකර ගැනීමටයි”. ‘‘ආ ලොකු අයියා මොකෝ මේ?” කීවේ සුහද සිනාවක් පාමිනි. තම පුතාට රැුකියාවකට යාම සඳහා නිර්දේශයක් ලබාගැනීමට පැමිණි බව පියා කීවෙන් පුතා ඔහු සමීපයට ගත් මන්තී‍්‍රවරයා ”ආ මල්ලී ලියුම ඕන විදියකට ලියා ගන්න. මම අස්සන් කරලා දෙන්නම්’’ කීවේය.
යළි පියා දෙස බැලූ ඔහු ”හරිනේ ලොකු අයියා” කීවේය.
මන්තී‍්‍රවරයාගේ කතාවෙන් අන්දමන්ද වූ පියා ”මේක අපූරු නෑකම. මට අයියා කියල පුතාට මල්ලි කියනවා” මන්තී‍්‍රවරයාට නෑසෙන්නට සෙසු අයට කීවෙන් ඔවුහු සිනාසෙන්නට වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර මැදිවියේ උදවිය අන්කල් කියනවට කැමති නැහැ. හැබැයි මෙතන කෙරුන කතාබහ නම්, දේශපාලන ඡන්ද ලබාගැනීමේ උප්පරවැට්ටියක් වගෙයි (නි)
මහින්ද, දැන් අම්මි , තාත්තිත්, නෙමේ අයියයි නංගියිනේ ඒ දෙන්නා. කොහොමත් මේ සිද්දිය ගණන් ගත යුතු දෙයක් නෙමේ. (නදී)
මහින්ද කේ ගොඩගේ සී ෂෙල්ස් මොලේ පරීක්ෂාකරවාගන්න ඔයා තමන්ගෙ අම්මට කියන්නෙ සහෝදරී කියලද (නදී)
අපේ පවුලේ සාමාජිකයින් අතරේ අපි මොනවා කියා ගත්තත් ඒ තුළ පවතින්නේ හදවතින් බැඳීගත් සුන්දරත්වයක්. මෙතන තියෙන්නේ දේශපාලන කපටි වදන් පෙළක්. (නි)
ගාල්ලේ ඉන්න අපේ බාලම නැන්දා ට වයස 50 ක් විතර. පසුගිය මැතිවරණ කාලයේ වයස හැටකටත් කිට්ටු දේශපාලන බවලතියක් ලැසි ගමනින් චන්දෙට ගෙයින් ගෙට යන ගමන් නැන්දාට ඇන්ටි කියලා. (නදී)
සහෝදරයා කියලා කිවුවා නම් දෙන්නාටම ගැළපෙනවා (නි)
ගොඩගේ නෙමේ මාලි තමයි පිස්සු බලු බේත් බීල තියෙන්නේ , ගොඩගේ ලියල තියෙන එක හරියට කියවල බලන්න . (ස)
බිරිඳ ස්වාමියාට තාත්ති කියාද,ස්වාමියා බිරිදට අම්මි කියාද දරුවන් ඉදිරියේ අමතන ශ්‍රී ලංකාවේ මෙයද එතරම් ගනන් ගතයුතු දෙයක් නොවන අතරම තම ඡන්ද දායකයන් පොදුවේ සහෝදරත්වයෙන් අමතා පැමිණි කාරණයද ඉටුකරන විරල දේශපාළුවන් අතරේ මොහුගේ වැදගත් කමක් ඇතිබව පෙන්වනලද අවස්ථාවක් වීනා නොගැලපීමක් නොපෙනේ (නදී)
මේ වගේ දේවල් ගැන එච්චර හිතන්න යන්න එපා (නි)
මගේ තාත්ත ඒකාලේ එක්තරා දෙස්ශපාලන පක්ෂයක ආධාර කරුවෙක් ලෙස වැඩකලා .දිනක් එක්තරා සුප්‍රසිද්ධ දේශපාලන චරිතයක් සදහා එම දේශපාලක තුමා සමග චන්ද ව්‍යාපාරයේ ගෙයින්ගෙට යමින් සිටියා. එක්තරා ගෙයක් අසල නැවතුනු මගේ තාත්ත දෙස්ශපලක තුමාට කිව්වලු මටනම් බැහැ ඔය ගෙදරට යන්න ඔයගෙදර ඉන්නේ අපිට විරුද්ධ පක්ෂේ අය කියල. ආ එහෙමනන් වඩා හොදයි ඔයාල ඉන්න මම ගිහින් කතාකරල එන්නම් කියල එතුමා ගිහින් ගෙදර කට්ටිය එක්ක කතා කරගත්තා. ආපහු එන්න එලියට බහිනකොට ගෙදර හිටපු බල්ලා උන්නැහේගේ කකුල කෑවලු. කකුලට බේත් දැම්මෙත් ඒ ගෙදරින්ලු. ගෙදරින් පිටවෙලා යනගමන් අපේ තාත්ත ඇහුවලු කොහොමද ගෙදරකට්ටිය කියල. ඒ පාර එතුමා කිව්වලු ගෙදර කට්ටියනම් මන්ද කොලුවෝ බල්ලනම් විරුද්ධ පක්ෂෙ කියලා. (නදී)
අපේ පුංචිගෙ දුව පොඩි කාලෙ අපි කියන නිසා එයාගෙ අම්මටයි තාත්තටයි පුංචියි බාප්පියි කියන්න ගත්තා. ඒක නතර කරන්න ඕනෙ නිසා අන්තිමේ පුංචියි බාප්පියි දෙන්නට දෙන්න අම්මයි තාත්තයි කියන්න ගත්තා. දැනටත් එයාල එකිනෙකා අමතන්නෙ ඒ විදියට. ඒක වරදක් නෙමේ. ඒකෙන් දෙන්න අතර ගෞරවය ආරක්ෂා වෙන්නත් ලොකු පිටුබලයක් ලැබෙනවා. (නදී)
ඕක ඉතින් ඇත්ත නෑදෑ කමක් නොවේනේ. එවෙලෙට හදාගත්ත හින්දා ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. (නදී)