ජීවම් කළ බව කියන පෑණකින් උසස් පෙළ විභාගයට උත්තර ලිවීමට ගිය සිසුවකුට මහත් අකරතැබ්බයකට මුහුණදීමට සිදුවූ පුවතක් විභාග මධ්‍යස්ථානයකින් වාර්තා වේ.
සිසුවකු ප්‍රශ්න පත්‍රයට උත්තර ලිවීම වෙනුවට පෑන ගස ගසා සිටි බව එම විභාග මධ්‍යස්ථානයේ පරීක්ෂකවරයකු දුටුවේය. විනාඩි කිහිපයක්ම සිසුවා පෑන ගස ගසා සිටිනු දුටු එම පරීක්ෂකවරයා සිසුවා ළඟට ගියේය.
“මොකද පුතා පෑන ලියවෙන්නේ නැද්ද” පරීක්ෂකවරයා ඇසුවේය.
“ඔව් සර් මේ පෑන ලියවෙන්නෙ නැතුව ගියා සිසුවා කීවේය. “ඇයි ඉතිං ඔයාගේ පෙට්ටියේ ඔය ඕන තරම් පෑන් තියෙන්නේ. ලිය වෙන්නේ නැති ඔය පෑන ගස ගසා ඉන්නෙ නැතිව ලියවෙන පෑනකින් ලියන්නකෝ. බොරුවට ඔයාගේ කාලේ යනවානේ” යයි පරීක්ෂකවරයා නැවතත් කීවේය. මේ සිසුවා ඇඹෙරෙමින් සිටිනු විනා වෙනත් පෑනකින් උත්තර පත්‍රයට ලියන්නට කිසිදු සූදානමක් නොදුටු පරීක්ෂකවරයා මවිතයට පත් වූවේය.
“ඔයාට සිංහල තේරෙන්නේ නැද්ද? ළමයෝ. ඔය ලියවෙන්නෙ නැති පෑන පැත්තකට දාලා ලියවෙන පෑනකින් ලියන්න. උත්තර පත්‍රයට ලියන කොට කාලය වැදගත් වෙනවා” යැයි පරීක්ෂකවරයා සිය කටහඬ යළිත් අවදි කළේය. ඒත් මේ සිසුවා නම් ඊට කන්දුන්නේම නැත. ඔහු යළි යළිත් පෑන ගස ගසා එම පෑනෙන්ම උත්තර ලිවීමට උත්සාහ කරමින් සිටියේය. මෙහි කුමක් හෝ හොරයක් ඇතැයි සිතූ පරීක්ෂකවරයා “දරුවෝ ඇයි මේ ඔයා මේ පෑනෙන්ම උත්තර ලියන්න මහන්සි ගන්නේ. මේ පෑනේ මොකක්ද තියෙන විශේෂත්වය යයි සිසුවාගෙන් ඇසූ විට ඔහු විභාග ශාලාවේ සිටින කාටත් නොඇසෙන සේ ඉතා හිමිහිට පරීක්ෂකවරයාට ඇසෙන සේ පමණක් කට හඬ අවදිකරමින් කීවේ “සර් මේක විභාගය සමත් වෙන්න මතුරපු පෑනක්. අපි ප්‍රසිද්ධ දේවාලයකින් මේ පෑන මිලදී ගත්තේ රුපියල් 1000 ක් ගෙවලා. ගිය අවුරුද්දෙත් මෙතනින් මතුරපු පෑන් අරගෙන උත්තර ලියපු ගොඩක් දෙනෙක් පාස් වුණා. මටත් ඕන විභාගය පාස් වෙන්න. ඒකයි මම මේ පෑනෙන්ම උත්තර ලියන්න මහන්සි ගන්නේ.” යැයි සිසුවා පරීක්ෂකවරයාට කීවේය.
කාරණය අවබෝධ කරගත් පරික්ෂකවරයා “පුතේ දැන් ඉතින් ඔය පෑන ලියවෙන්නේ නැහැනේ. ඔයා හොඳ පුතා වගේ දැනට ඔතන තියන රුපියල් 10 ක් දීලා ගත්ත වෙන කාබන් පෑනෙන් ලියන්න. රුපියල් 1000 ක් දීලා ගත්ත පෑනට වඩා රුපියල් 10 ක් දීලා ගත්ත පෑනෙන් ලියන උත්තර අදනම් හරි යාවි. වෙන කරන්න දෙයක් නෑනේ. අද ඒ පෑනෙන් ලියා හෙට එහෙනම් තවත් මතුරපු ලියවෙන පෑනක් අරගෙන ඇවිල්ලා උත්තර පත්‍රයට ලියන්න.”
කාරණය කරුණාවෙන් සිසුවාට පරීක්ෂකවරයා අවබෝධ කරදීමෙන් අනතුරුව ලියවෙන්නෙ නැති රුපියල් 1000 ක් වටිනා විභාග සමත්වෙන ජීවම් කළ පෑන පසෙක තබා රුපියල් 10 ක් වටිනා කාබන් පෑනෙන් උත්තර ලියන්න පටන්ගත්තේය.
මේ සිසුවාට පරීක්ෂකවරයා කරුණු අවබෝධ කර නුදුන්නේ නම් සමහර විට ඔහු ප්‍රශ්න පත්‍රයේ කාලය අවසන් වනතෙක්ම එහි තිබූ උත්තර වලට නොලියා පෑන ගස ගසමින් සිටිනු නොඅනුමානවම ඉඩකඩ තිබිණි.
(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කාලේ තිබුනේ නැහැනේ ඔය වගේ මැජික් පෑන් (නි)
අවසන් මොහොතේ දරුවාට නිවැරදි මග පෙන්වූ ගුරු දෙවිදුන්ට මාගේ ප්‍රණාමය (බ)
අනුවණ දෙමාපියන් නිසා දරුවන් අතරමං වෙනවා (නි)
මැතිවරණයක් කිට්ටු වෙනකොට තමන්ට තමන්ව විශ්වාස නැතුව තිරුපති කෝවිල් වන්දනාවේ යෙදෙන නායකයන් සිටින රටක මේ අහිංසකයන් ගැන කවර කතාද? (නි)
උසස් පෙළ කියන නමටත් නින්දාවක්. උසස් පෙළට ඇවිල්ලත් මේවා බොරු මනස්ගාත කියා උගන්වා නැද්ද. එ්කට අපට සිටිය ගුරුවරු මන්තර කියන ඒවා ඉවතලන්න කියාදුන්නා. විද්‍යා විෂයන් ඉගෙනගන්න ළමයෙක් කවදාකවත් මේ බහුබූත වැඩ කරන්නේ නැහැ කියා මම හිතනවා. (නි)
මෙවන් ගුරුවරු දෙවිවරු වැනිය. අවසන් මොහොතේ පවා දරුවන්ට යහමඟ පෙන්වූ ගුරු පියාණනි, ඔබට අපගේ ආචාරය! (නි)
බෞද්ධයන් වන අපට මිත්‍යා විශ්වාස පසුපස නොගොස් ගිහි ජීවිත්ය සාර්ථක කර ගතහැකි ආකාරය ආගම තුළින් මනාලෙස පැහැදිලි කරදී තිබෙනවා. නමුත් අවාසනාවකට බොහෝ බෞද්ධයන් එය හරිහැටි අවබෝධ කරගෙන ඇතිබවක් නම් පෙනෙන්නට නැහැ. ඔවුන් අදෘශ්‍යමාන බලවේග වල පිහිට පතන අතර, සාර්ථකත්වය දෙවියන් දෙනතුරු බලාසිටී. (නි)
ලියවෙන්නේ නැතිබව දැනගත්තමවත් ඒ පැන විසිකරන්න තරම්වත් හිතේ හය්යක් නැති තරුණ පරපුරක්! (හේ)
අයියෝ අපේ රටේ ඉගෙනගන්න ළමයි! අනේ අපොයි! (නි)
හැබැයි මේ වගේ කෙනෙක් විභාගය පාස්වෙලා ලොකු තැනකට ආවොත්, පහළ සේවකයන්ටත් දෙයියන්ගේම පිහිට තමා. මගේ දෙමවුපියොත් ඔය වගේ දේවල් කරන්න ආවා මම විභාගය ලියද්දි. එ්ත් මම නම් එකකටවත් ගියෙ නැහැ. එ්ත් මම කැම්පස් ගිහින් අද හොඳ රැකියාවකුත් කරනවා. (නි)
සිංහල බොදු කියන අපේ කට්ටියම තමයි මේවට පෙලඹෙන්නේ. වශී බෝල ගුලිකරගෙන හිටපු පාලකයෝ දුන් ආදර්ශය! (නි)
අපේ රටේ ලොක්කොත් ඔය වගේකොට ළමයින් එ්පාරේ යන එක නවත්තන්න බෑ. පව් (බ)
දරුවන්ට වැඩිය හපන් දෙමාපියෝ (නි)
මිත්‍යාව මේ රටින් තුරන්කරන්න ඕන. (බ)
හිතේ ශක්තියෙන් සහ කැපවීමෙන් පාඩම් කරලා ආත්ම විශ්වාසය ඇතිව විභාගයට මුහුණ දෙන්න දරුවන්ට කියල දෙන එක වටිනවා රුපියල් ශත වලට මිත්‍යා විශ්වාස පසුපස යනවට වඩා. (බ)
මේ හැමටම පිළියම මැදුම් පිළිවෙත අනුගමනය කිරීම. (ර)
අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු! (නි)
ප්‍රශ්නයේ භයානකම සහ වැදගත්ම පැත්ත දුටුවේ නුවන් විතරද ? අනුපාතය කොමන්ට් 17 කට 1 යි. අපේ රටේ බුද්ධිමත්ව සිතන අය දුලබයි. (ර)
හිතට අමාරු අපේ තරුණ කොල්ලොත් මේ වගේ මිත්‍යාවන් විශ්වාස කරන එක ගැනයි... (නි)
වැරැද්ද ළමයාගේ නොවෙයි. මිත්‍යා පසුපස හඹායන දෙමාපියන්ටයි මඩු වලිගෙන් තලන්න ඕනෑ (නි)
හොදමයි මැගිලින් ...(බ)
තවමත් මේ රටේ ඉන්නවා මිත්‍යා විස්වාස මත ජීවත් වෙන මෝඩ මිනිසුන් ඹවුන් අද සමාජයට ඉදිරියට එන්නට ඉන්න දරුවාත් මේ මිත්‍යා මත පස්සෙම අරන් යනවා . මේ වගේ දෙකින් ඒ ළමයාව බේරාගත් ගුරු පියාණෙනි ඹබට මාගේ හදපිරි ප්‍රණාමය. (ර)
අවාසනාවට අපි ඉස්කෝලේ යන කාලේ ඔහොම මන්තර පෑන් තිබුනේ නැති නිසා, රෑ නිදිමරාගෙන පාඩම් කරන්න සිද්ධ වුණානේ (නි)
සෑම්, මමත් දන්නවා සාමාන්‍ය පෙළ ඔය විදිහට ලියන්න ගිය ගැහැණු ළමයෙක් ගැන. ඒ ළමයාගේ තාත්තා කට්ටඩියෙක්. ඒ නිසා තෙල් මතුරපු බෝල්පොයින්ට් පෑනකුත් දීලා ඇඟ පුරාමත් තෙල් ගාලාත් ඇරලා තිබුනේ. අනේ පවු තෙල් නිසා පෑන ලියවිලා නැතුව වෙන ළමයකුගෙන් ඉල්ලාගත්ත පෑනෙන් ලියලා තිබුනේ. හරියට විභාගය පාස් වුණේ නැහැ. මේ දැන් ලියපු ළමයාගේ පෑනටත් සමහරවිට ඒ ටිකම වෙන්න ඇති. තෙල් මතුරන්නේ නැතුව පුළුවන් විදිහට පාඩම් කරලා ගිය අපි අපේ දැනුමෙන් පාස් වුණා. (නි)
විභාග පාස් කරවන්න කියලා දුවව කට්ටඩියෙක් ළඟට අරන් ගිය තාත්තා කෙනෙක්ව එක නැට්ටේ දෙහි සොයන්න යවලා. ඒ අතරේ කට්ටඩියා ඇ දැරියට අතවර කරලා කියලා ඔය පසුගිය දිනවල වාර්තා වුනේ. ඉස්සෙල්ලම දෙමව්පියන්ගේ බුද්ධි මට්ටමේ දෝෂ අරින්න දෙහි කපා ගත්තා නම් හොඳයි නේද ? (බ)