IMG-LOGO

මධුවිත රස බලද්දී වාහනය අතුරුදන්

බස්නාහිර පළාතේ ප‍්‍රධාන පෙළේ හෝටලයක පැවති විවාහ මංගල්‍ය උත්සවයකි. සිය පුතනුවන් දියණියන් දෙදෙනා  සහ බිරිය  සමඟ සැප රියකින් පැමිණි ඔහු එම පිරිසගෙන් මොහොතකට  වෙන්ව ගියේ මිතුරන්  සමග එක්වී මධුවිත තොල ගෑමටය. ගතවුයේ ටික වේලාවකි. ඔහු වෙත ආ හෝටල් සේවකයකු ”සර්ගේ වාහනේ නිසා වාහන දෙක තුනක් බ්ලොක් වෙලා ඒක පැත්තකට ගන්න පුතා යතුර ඉල්ලූවා” කීවේය. ඔහු සාක්කුවට අත දමා යතුර ගෙන  සේවකයා අත තැබුවේ අබිමානයෙනි. පැයකට පමණ පසු මිතුරු සාදය නිම කළ ඔහු පවුලේ අය සමීපයට ගොස් පුතාගෙන් යතුර ඉල්ලූවේ වාහනය කොතනට දැම්මා දැයි අසමිනි.” මොන යතුරද තාත්තේ?” පුතා කීමෙන් විමතියට පත්  ඔහු  කරුණු විමසමින් වාහන අංගනයට ගියේ මහත් සැකයකිනි. එහෙත් තමාගේ වාහනය එහි නොවීය. කපටියකුගේ ගැටයකට තමා හසුවී අති  බව දැනගත් ඔහු ඒ මේ අත දිව යමින් සෙවූ නමුත් වාහනය නම් හමු නොවීය.



අදහස් (0)

මධුවිත රස බලද්දී වාහනය අතුරුදන්

කින් බානට් Tuesday, 05 June 2012 06:10 PM

ඉතාම කණගාටුදායකයි .. මේ වගේ දේවල් නිසා තමයි මිනිහෙක් මිනිහෙක්ව විශ්වාස නොකරන තැනට පත්වෙන්නේ .....මේ යන ක්‍රමය කවද වෙනස් වෙයිද ? මේ හෝරාව කවද හරි අහුවුනොත් සාපරාදී විශ්වාසය කඩ කලාට දෙන්න පුළුවන් උපරිම දඬුවම දියයුතුයි .

:       0       0

රම්‍යා Tuesday, 05 June 2012 07:25 PM

අයියෝ මිනිස්සු ඔය තරම්ම මෝඩද?

:       0       0

ෆයිරෝ Monday, 04 June 2012 12:54 PM

ඊට පස්සේ වාහනේට මොකද වුණේ....කවුද ගෙනිච්චේ.....

:       0       0

අලිබබා Monday, 04 June 2012 01:07 PM

එක් රජෙක් සිටියා. මෙ රජ හැමදාම තම පලතුරු උයනේ සක්මන් කරනවා. එම උයනේ පේර ගසක් තිබුනා. එහි පේරගෙඩියක් හැදී තිබුණා. මුලින්ම ගෙඩිය මා අනුභවකලයුතුය යන දොලදුකක් රජට ඇතිවිය. හැමදාම උයනේ ඇවිදින විට මෙ පේර ගෙඩිය බැලීම‍ට රජ අමතක කළේ නෑ. දිනක් උයනේ සක්මන් කරනවිට පේරගසේ එම ගෙඩිය පෙනෙන්නට නොතිබුණි. රජු අන්දමන්ද විය. මන්දයත් ඒ පේර ගෙඩියේ රස බැලීමට රජතුල විශාල දොලදුකක් පැවති බැවිනි. පසුව සොයා බැලීමේදී එම පේර ගෙඩිය බිමට වැටීඇතිබව රජ දුටුවා. නමුත් එය වැටීතිබුණේ ජරාවක් මතටයි. එම පේරගෙඩිය ඉදිලා කහා පාටට තිබුණා. පසුව රජා හොරෙන් වටපිට බලා අර ජරාවමතට වැටුණ පේරගෙඩිය අහුලාගෙන හොදට සොදා අනුභවකළා. නමුත් රජාගේ හිතේ මෙය කවුරුවත් දුටුවාද යන ප්‍රශ්ණය ඇතිවුනා. මම ජරාගොඩේ තිබුණ පේරගෙඩිය අහුලගෙන කෑව එක කවුරු හරි ආරක්ෂකයින් දැක්කාද යන සැකය හිතේ ඇතිවිය. එදින සවස්භාගයේ නැටුමි උද්‍යනයේ රජ විවේකීව සිටිනවිට නාට්‍යංගනාවියන් පැමින නැටුමි ඉදිරිපත්කරමින් ගීතද ගායනා කළා. එක් ගායීකාවක් රජ ඉදිරියට පැමිණ ගීයේ කොටසක් මෙසේ ගායනා කෙරුවා. එය දෙමල බසින් (අදනාෂොල්ලුටුමා)එහි සිංහල තේරුම වන්නේ අරක මම කියන්නද? කියන තේරුමයි. මෙ වදන ඇසුන ගමන් රජා තිගැස්සී මම පේරගෙඩිය කාපුඑක දැක්කවද්ද යන සිතුවිල්ල ඇතිවුනා. නැවතත් දෙවන වරටත් ඒ ගායිකාව රැගුමක් දක්වමින් රජා ඉදිරියට පැමිණ අරක මම කියන්නද කියමින් තම ඇගිල්ල කරකවමින් ගීතය ගායනා කළා. රජාගේ කේන්තිය තවතවත් වැඩිවුනා. ඇත්තටම මෙයා දැකලද කොහෙද නැත්නමි මගේ ඉස්සරහටම ඇවිල්ල අහන්නේ? මෙහෙම සිතනවාත් සමගම තුන්වන වරටත් එම නාට්‍යාංගනාවිය නටමින් දඔරඇගිල්ල කරකවමින් අරක මම කියන්නද? යනුවෙන් ගීතයගයනවාත් සමගම රජ ආසනයෙන් නැගිට මහ හයියෙන් මෙසේ කෑගැසුවාලු .ඔවි මමයි රජා. මම කෑවා තමයි. ජරාගොඩේ වැටිල තිබුණ පේරගෙඩිය මම කෑව තමයි. ඇයි මම බයද? මෙසේ රජා කෑසන විට රැස්වසිටි සියල්ලන්ම තුෂ්නීමිභූතව ඇත්තටම සිදුව ඇත්තේ කුමක්දැයි දැනගත්තා.

:       0       0

රජිත් මංජුල, Monday, 04 June 2012 02:09 PM

සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදන් සමාධියාමී....

:       0       0

හංසි Wednesday, 06 June 2012 12:06 AM

අනේ අපො‍යි....!!

:       0       0

සුදු නංගා Monday, 04 June 2012 08:55 PM

අනේ හපොයි....

:       0       0

ඉන්දික Tuesday, 05 June 2012 03:44 PM

පුළුවන්නම් එයා කවුද කියන්න.. අපිටත් මොනවාහරි ඉල්ල ගන්න...

:       0       0

සකලබුජන් Monday, 04 June 2012 09:17 PM

හොඳ වෙලාවට යතුර ඉල්ලුවේ....නෝනව ඉල්ලුවනම් ඒත් දෙන්න වෙනවනේ....

:       0       0

නදුන් Wednesday, 06 June 2012 04:57 PM

සකලබුජන් ඔබ හරි....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 251 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 419 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 751 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site