IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මැදිවියේ අනංගයා අපූරු පිළිතුරක් දීලා

පිටකොටුව බලා ගාලූ පාරේ ධාවනය කැරුනු බසයකි. අසුන් සියල්ල මගීන්ගෙන් පිරී තිබිණි. ඉදිරියේ අසුනක වීදුරුව අයිනේ වාඩිවී උන් තරුණිය යම් අපහසුතාවකින් මෙන් එහාට මෙහාට ඇඹරෙයි. ඇය අසල වාඩි වී සිටියේ මැදිවයසේ පිරිමියෙකි. තරුණිය නොරිස්සුම් ස්වභාවයකින් බොහෝ අපහසුවෙන් ගමන් කළාය. පිරිමියා ඒ ගැන කිසිවක් නොදන්නා අයුරින් කරබාගෙන ගමන් කළේය. ඔහුගෙන් ඇයට යම් හිරිහැරයක් සිදුවන බව බැලූ බැල්මට පෙනෙන්නට තිබිණි. තව ටික දුරක් යන විට තරුණියගේ රතුකට්ට පැන ඇති බව දැකගන්නට ලැබිණි. ඇය ඔරවා ඔහු දෙස බලන අයුරු ඔහු දුටුවේ නැත. ඇය එක්වරම මහ හඬකින් මොකද කරන්නේ කියා ඇසුවාය. ඔහු ඇඟට පතට නොදැනෙන්නට, ආ මමද මේ දවස්වල මාවනැල්ලේ කඩයක් කරනවා යැයි කීවේ තමන් තරුණියට කළ හිරිහැරය වෙනතකට හරවන්නට මෙනි. කෙසේ වුවද එම දෙබසින් පසු මැදිවයසේ පුද්ගලයා මෙල්ල වී තමන්ගේ පාඩුවේ ගමන් කරන අයුරු දැකගත හැකිවිය. පානදුර බදුරාමුල්ලවත්තේ ලයනල් සරත් නම් මහතකු මේ සිද්ධිය ලංකාදීපයට ලියා එවා තිබිණි.



අදහස් (0)

මැදිවියේ අනංගයා අපූරු පිළිතුරක් දීලා

කවීන්ග Saturday, 05 May 2012 05:59 AM

නියම කොල්ලෙක්

:       0       0

මිගාර Sunday, 06 May 2012 10:25 AM

වයසට ගිහිනුත් මෙහෙම නම් තරුණ කාලේ කොහොම ඉන්න ඇත්ද? අනේ මන්දා

:       0       0

දුමින්ද - ඕස්ට්‍රේලියා Wednesday, 09 May 2012 09:00 AM

මෙවැනි හැසීරීම් රටාවන් අපේ සමාජයේ උඩු දුවා ඇති බව පෙනේ.

:       0       0

ජොසපින් Wednesday, 02 May 2012 10:52 PM

මම අවු. 40 විතර කලින් පාසල් ගිය කාලෙත් මේ කතාව ඇහුවා....

:       0       0

දීප Thursday, 03 May 2012 12:49 AM

ගාලු පාරේ බසයකට ගොඩවු අනංගයා තරුණි අසල වාඩිවි සිටින්නියා කාටත් හොරා පහාස ලබන්නියා රතු කට්ට පැන තරුණිය කැගසන්නියා......

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 18 May 2012 08:13 PM

මා විසින් ඉහත දක්වන ලද කමෙන්ටුව සම්බන්ව මෙවැනි අදහසක් ඇත. එනම් නිතරම සමබරව අදහස් පළ කරන්නෙකු වශයෙන් ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂය තුළම පුහුදුන් ස්වභාවය නිසා යම් යම් දුබලතා විද්‍යමාන වියහැකිය. එවිට සිදුකළ යුතු බුද්ධිමත්ම ක්‍රියාව ස්ත්‍රිය හෝ පුරුෂයා පහත් කර සැලකීම නොවේ. කාරුණිකව වරද පෙන්වා දී පුද්ගලයා නිවැරදි කිරීමයි. නරක ගැහැණු මෙන්ම හොඳ ගැහැණුද සිටිති.පිරිමින් වුවද එසේය. නරක පිරිමි මෙන්ම හොඳ පිරිමිද සිටිති. එබැවින් සියල්ලෝම එක මිම්මෙන් මැනීම නිවැරදි නැත.අපි අපේ අඩුපාඩු හදා ගමු.ඉහත කමෙන්ටුව කියවූ යමෙකුට සිත් වේදනාවක් ඇතිවී නම් මා ඒ පිළිබඳව කණගාටු වෙමි. නමුත් ඒ සිදුවීම් සත්‍යය. හැමෝම ඒ වගේ නැත.මගේ මව, නැ‍‍‍‍ඟණිය හා බිරිඳ හා සමාන ගුණවත් උතුම් කතුන්ද මේ ලොව වෙසෙති.

:       0       0

ටී.එස්. Thursday, 03 May 2012 05:50 AM

වැරදි ප්‍රශ්නයක්නේ අහල තියෙන්නේ... මගෙන් ඇහුවත් ඉතින් ඔය වගේ උත්තරයක් තමයි දෙන්න වෙන්නේ.

:       0       0

තුසිත Thursday, 03 May 2012 10:03 PM

ඇත්තටම මොනවද කරන්න ඇත්තේ

:       0       0

ශානක Thursday, 03 May 2012 08:19 AM

ඇත්තනේ කියලා තියෙන්නේ ඒ උනාට කාන්තා හිංසනයට එරෙහිව සියල්ලෝම නැගී සිටිය යුතූයි

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 12 May 2012 02:56 PM

පොදු ප්‍රවාහන සේවා වලදී අනිසි හැසිරීම්වලට සම්බන්ධ වන්නේ පුරුෂ පක්ෂය පමණක් නොවේ. විවාහක කාන්තා පක්ෂය පවා අනිසි හැසිරීම් වලට යොමුවේ. බස් රථවලදී පිරිමින්ට ස්පර්ශවීම තුළින් අනිසි කායික වින්දනයක් ලැබීමට පවා යොමුවූ කාන්තාවෝ සිටිති.මාද පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන බැවින් ඒ පිළිබඳ අමිහිරි සිදුවීම් විඳ ඇත. සමහර විට අසුන්ගෙන සිටින අවස්ථාවලදී ඒ අසුන් ළඟ සිටිගෙන සිටින කාන්තාවන් ඔවුන්ගේ පියයුරු,ළැම හා ශරීරය අසුන්ගෙන සිටින පිරිමියාගේ මුහුණ බාහු ප්‍රදේශවල වදින පරිදි තෙරපාගෙන සිටිති. තවත් අවස්ථාවලදී පිටට උල් අනින්නාක් මෙන් පියයුරු තුඩු පිට පැත්තට තදවන පරිදි දෙඅතින් බස් රථයේ දෙපසින් අල්ලාගෙන ගමන්කරද්දී බැලූවිට වම් අතේ මංගල මුදුවක් පැළඳ තිබූ බැවින් විවාහක කාන්තාවක් බව පැහැදිලි විය. අවිවාක තරුණියකට ලිංගික ආශාව සමනය කරගැනීමට නොහැකිව මෙසේ හැසිරෙතැයි අනුමාත කළ හැකි වුවද නිතරම පිරිමියෙකුගේ ඇසුර ලැබිය හැකිවිවාහක කතුන් මෙසේ හැසිරීම මා විමතියට පත්කළ කරුණක් විය

:       0       0

උදිත කෝසල විතානාච්චි Sunday, 06 May 2012 09:14 AM

සමහර අය බස්වල යන විට හනිමූන් යන්න ලේස්ති වෙනවා ගෑනු බස්වල එච්චර දුර යන්න කැමති නෑ. අකමැත්තෙන් මොනදෙයක් වත් බෑ . ඇති ඔයින් ගියා ....?

:       0       0

අරවින්ද Thursday, 03 May 2012 01:24 PM

කොල්ලා තැනට සුදුසු නුවණ නම් පාවිච්චි කරල තියෙනවා. ඒක හොද පැත්තට යොදා ගත්තා නම් තමයි හොද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 96 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site