කුලියාපිටියේ අධිකරණය අසල කාර්යාලයේ දුරකතනය මෙදින පෙරවරු 7.30ට පමණ නද දෙන්නට විය. ඒ වනවිට ඔහු සිය කාර්යාලයට පැමිණ සිටියෙන් රිසිවරය අතට ගත්තේය. ඇමතුම ඔස්සේ ඇසුණේ කාන්තාවකගේ කඩහඬකි. දෙදෙනා අතර දෙබසයි මේ. කත: ඔයා මට කතා කළේ ඇයි අනේ (කටහඬ ඉතා ආදරවන්තය) ඔය කවුද කතා කරන්නෙ? කත: අඳුරන්නෙම නෑ නේද? හොරා වගේ කතා කරන හැටි, මට කෝල් දීලා. අනේ ප්ලීස් ඔයා කවුද කියල කියන්නකො. මට දවසකට කොච්චර ඇමතුම් එනවාද? කත: ඒක තමයි ඔය කිය වුනේ හේතුව. මට දුන්නු කෝල් ගැන මතකක් තියේවියැ. ම්.... ඕක තමයි කියන්නේ පිරිමි දිවෙන් දිව ගාගෙන හිටියත් විශ්වාස කරන්න එපා කියලා. (මඳ නිහඬතාවකින් පසු) මං මැදවච්චියේ කාන්තිලතා. දෙයියනේ ඔයාට ඔච්චර ඉක්මනට මාව අමතක වුණාද? මේ. ඔයා මිස් ද මිසිස් ද කියල මං දන්නෙ නෑ. මං කුලියාපිටියෙ කෙනෙක්. මොකක් හරි නඩු කටයුත්තක් ගැන ඔයාට දැන ගන්න තියෙනවද? කත: අයියයියෝ වෙරි සොරි. ඒ දුරකතන දෙබස එසේ නිමාවිය.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා.... කරදර ඉවත දමා..... පොඩ්ඩක් වෙන්න හිනා.....(ස)
මේ තියෙන ප්‍රශ්නත් එක්ක මින්ස්සුන්ට කොහොමත් වයර් මාරු වෙනවා තමයි
මොනවාද මේ කතා (දී)
ආදරේ නිසා කොල්ලන් හට දුක් දෙන්න එපා (ස)
අයියෝ සල්ලි
අයියෝ හොයලා බලලා කෝල් ගන්න (ස)
මේවත් වැඩද (ස)
ආදරේ කරනකොට ඔහොම තමයි..!(නු)
තවපොඩඩෙන් කාන්තිලාට කූඩුවෙ තමයි ඉන්න වෙන්නේ..!(නු)
දෙයියෝ සාක්කි (දී)
වැරදි සිදුවීම සාමාන්‍ය දෙයක්... මෙය සිනහා උපදවන කාරණයක් කියා හිතාගන්නවා නම් ඒක වැරදියි..!(නු)
මෙයා ගේ කතා විලාශය අනුව මට නම් සැකයි මෙයා ගැන..!(නු)
ඔක්කොම එකයි (ස)
නියම වැඩේ තමයි වෙලා තියෙන්නේ (දී)
හිනා වෙලා පන යනවා (දී)
අපිට ඉතින් පැය 24ම වයර් මාරු වෙලා තමයි (දී)